No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

මෛත‍්‍රීට එරෙහිව බිමල්ගෙන් පැමිණිල්ලක්

Must read


ජනාධිපතිවරණයට පෙර ජනාධිපති නීතිඥවරුන් පිරිසක් පත් කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සූදානම් සිටීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවත් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇත.


එම පැමිණිල්ල පිළිබඳව අදහස් දක්වමින් බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ එම පත්වීම් ලබාදෙමින් ජනාධිපතිවරයා වැරදි දෙකක් සිදුකිරීමට ජනාධිපතිවරයා සූදානම්ව සිටින බවයි. පළමු වැරැුද්ද වන්නේ ශේෂ්ඨාධිකරණය එම පත්වීම්වලට අදාලව නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට පිටින්, පසු දාතම් යෙදීම බවත් අනෙක් වරද වන්නේ මැතිවරණ සමයකදී මෙම පත්වීම් ලබාදීම ඡුන්ද අල්ලස් ලබාදීමක් වීම බවත් බව ඔහු කීය.


ජනාධිපතිවරයා ස්වාධීනව කටයුතු කරන බව දැන් ප‍්‍රකාශ කර ඇතත් ඔහු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමත්, ආණ්ඩුවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කිරීමත් නිසා තමන් ස්වාධීන කෙනෙකු ලෙස ප‍්‍රකාශ කිරිමේ හැකියාවක් නැති බව ඔහු කීය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි