කුරුණෑගල රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාරගේ කෙරුවාවක් ගැන සීඅයිඞීය ගිය සතියේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි. අගෝස්තු 09 සිකුරාදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ කරුණු පෙන්වා තිබේ. වෛi සාෆිට එරෙහිව මරාගෙන මැරෙන මෙහෙයුමක නිරත මාධ්‍යවලින් මේ කරුණු වාර්තා නොකර යට ගසා තිබුණි.
වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි කුරුණෑගල රෝහලේදී සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් නීතිවිරෝධී ලෙස වඳ කර ඇතැයි එල්ලවූ චෝදනාව ගැන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කරන පරීක්ෂණයට අදාලව සීඅයිඞීය එම කරුණ පෙන්වාදී තිබේ.
එස්එච්ජී
කුරුණෑගල රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර හා එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කඳන්ගමුව මව්වරුන් 7 දෙනෙකු රහසේ එස්එච්ජී පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව සීඅයිඞීය කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි කළ වැදගත්ම කරුණයි.
එස්එච්ජී පරීක්ෂණය යනු වෛද්‍ය සාෆිට එරෙහිව එල්ලවී තිබෙන චෝදනාවට අදාළව, ඒවායේ සත්‍යාසත්‍යතාව තිීරණය කර ගැනීම සඳහා කළ යුතු වැදගත් ම පරීක්ෂණයයි. මැයි මාසයේදී වෛද්‍ය සාෆිට එල්ලකළ චෝදනාවේ ඇත්ත නැත්ත තේරුම්ගෙන එම චෝදනාවට අදාළව අවසන් තීන්දුවක් ගැනීමට හැකි එකම ක්‍රමය එම විද්‍යාත්මක පරීක්ෂණ සිදුකිරීමය. කෙස් පැලෙන තර්ක කෙතරම් ඉදිරිපත් කළත් තේරුමක් නැත. ඒ නිසා දැන් කළ යුත්තේ පැමිණිලි ඉදිරිපත් කළ මව්වරුන්ට අදාලව එම පරීක්ෂණ සිදුකිරීමයි. එසේ නම් දැනටමත් ඒ පරීක්ෂණ සිදුකර නැත්තේ මන්දැයි පසුගිය කාලයේදී මෙම සිදුවීමට අදාලව වාර්තා කළ කරුණක් දෙකක් මඟහැරුණු කෙනෙකු විමසිය හැකිය.
දන්ත වෛද්‍ය ක්ෂේත්රයේ වෛද්‍ය රැුකියාව කොට රෝහල් අධ්‍යක්ෂවරයෙකු බවට පත්වූ කෙනෙකු කුරුණෑගල උසාවියට පැමිණ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුට රූපාන්තරණය වී කරුණු ඉදිරිපත් කරමින් කියා තිබුණේ, එස්එච්ජී පරීක්ෂණ කළොත් කාන්තාවන්ගේ සිරුරෙහි බරපතළ සංකූලතා ඇතිවිය හැකි බවයි. පිළිකා වැනි ලෙඩ රෝග පවා වැළඳීමේ අවදානමක් ඇති බවයි. එනම්, එස්එච්ජී පරීක්ෂණය මාරාන්තික බවයි.
මොහොතක් රැුඳෙන්න. ඔව්, ඒ අධ්යක්ෂවරයා වෛද්‍ය සරත් වීර බණ්ඩාරය. සීඅයිඞීය හෙළිකළ කරුණු අනුව මව්වරුන් 7 දෙනෙකුට එස්එච්ජී පරීක්ෂණ කළ පුද්ගලයාමය. එම පරීක්ෂණය මාරාන්තික බව කියා තිබුණේ ඔහුමය. ඔහු කී එම කාරණාව වෛද්‍ය සාෆි පිළිබඳ පැමිණිලි කළ මව්වරුන්ටද ඉදිරිපත් කර තිබුණි. එම මව්වරුන් කුරුණෑගල විහාරයකට කැඳවා උපදෙස් දී තිබුණේ එම පරීක්ෂණය මාරාන්තික බවය. ඊට ඉදිරිපත් නොවන ලෙසය. කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ මැදිහත්වීමෙන් මෙම පරීක්ෂණ කිරීමට අවශ්‍ය සියලූ පසුබිම සකසා තිබුණත්, දැන් මව්වරුන් පරීක්ෂණයට ඉදිරිපත් නොවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
එහෙව් අධ්යක්ෂවරයා හොර රහසේම එස්එච්ජී පරීක්ෂණ කිරීමට හේතුව තේරුම් ගන්නට අමුතු බුද්ධියක් අවැසි නොවේ. මේ පරීක්ෂණවල ප්‍රතිඵල ලෙස මව්වරුන් වඳ කර ඇතැයි කරුණු හෙළිවුණා නම් අද නටන නාඩගම් තේරුම් ගන්නටත් අමුතු දැනුමක් අවැසි නොවේ. ඒත් ඒ පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ මේ චෝදනාවට අදාළව වෛද්‍ය සාෆිගේ නිර්දෝෂීභාවය මිස අනෙකක් නොවේ. සීඅයිඞීය අධිකරණයට වාර්තා කර තිබුණේ එම මව්වරුන්ගේ පැලෝපීය නාලය අවහිර වී නැති බව එම පරීක්ෂණයේදී හෙළිවී තිබෙන බවයි. අදටත් එස්එච්ජී පරීක්ෂණවලට එරෙහිව ඔවුන් ‘කිරිකොරහ‘ නටන්නේ පරීක්ෂණවලට මුහුණදුන් මව්වරුන් හත්දෙනාගෙන් ලැබුණු ප්‍රතිඵලය අනෙකුත් මව්වරුන්ගෙන්ද ලැබෙනු ඇතැයි බියවීම නිසා බව පැහැදිලිය.
වෛද්‍ය සරත් වීරබණ්ඩාර ඉහත කී පරීක්ෂණ කර තිබුණේ කිසිදු අධිකරණ නියෝගයක් නැතිවය. එපමණක් නොව, එම පරීක්ෂණයේ ප්‍රතිඵලය තමන් ස්ථාපිත කරන්නට හදන ව්‍යාජ චෝදනාවට එරෙහිව ලැබුණු ප්‍රතිඵලයක් වීම නිසා එය සැඟවීමට උත්සාහ කර ඇත. ඒ නිසා රෝහල් අධ්යක්ෂවරයාට සහ නියෝජ්‍ය අධ්යක්ෂවරයාට එරෙහිව විමර්ශනය කර නඩු පවරන ලෙස ද නීතීඥවරුන් ඉල්ලා සිට ඇත. මහේස්ත්‍රාත්වරයා මේ පිළිබඳව සී.අයි.ඞීයෙන් කරුණු විමසා සිටි අතර සී.අයි.ඞීය දැනුම් දී ඇත්තේ ඒ ගැන සලකාබලමින් සිටින බවයි.
මාධ්‍ය
අගෝස්තු 09 වැනිදා අධිකරණයේදී හෙළිවූ මෙවැනි තීරණාත්මක තොරතුරක් සතියක් තිස්සේම අනෙකුත් මාධ්‍ය වාර්තා නොකළේ මන්දැයි දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවිය හැකිය. මුස්ලිම් වෛද්‍යවරයෙකු සිංහල මව්වරුන් දහස් ගණනක් වඳ කළායැයි එල්ලවෙන චෝදනාවක් විසඳුමක් නැතිව හැකි තරම් ඉදිරියට ගෙන ගොස් කෙසේ හෝ ලංකාවේ සිංහල-මුස්ලිම් යුද්ධයක් ඇති කිරීමේ ඒකායන අරමුණෙන් ගමන් කරන කණ්ඩායම් කිහිපයක් ලංකාවේ සිටින බව පසුගිය කාලසීමාවේදී දකින්නට ලැබුණි. මාධ්‍ය ආයතන ගණනාවක් ලේ පිපාසිතව ඒ ගමනේ පෙරමුණේ සිටී. කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගේ වෛරී හා ව්‍යාජ තොරතුරු සහිත ලිපිවලින් පිටු පිරවූ ඉරිදා ලංකාදීපයත් ඒ මාධ්‍ය ආයතන අතර ඇත. මෙවැනි තොරතුරු ඒ මාධ්‍ය ආයතන වාර්තා නොකිරීම ගැන පුදුම විය යුතු නැත.
මූල්‍ය චෝදනා
ඉහත කී බරපතළ කාරණාවට අමතරව තවත් කරුණු රැුසක් සීඅයිඞීය අධිකරණයේදී වාර්තා කර තිබුණි. ඉන් එකක් වන්නේ වෛද්‍ය සාෆිට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ හෝ නීති විරෝධී වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තරම් සාක්ෂි හමු නොවූ බවයි.
තොරතුරු හොයලා
ඊට අමතරව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කඳන්ගමුව සීඅයිඞීයේ සහකාර පොලිස් අධිකාරී බී. තිසේරාගේ පෞද්ගලික තොරතුරු සොයා ඇති බවත් සීඅයිඞීය කරුණු ඉදිරිපත් කර තිබේ. එයින් සීඅයිඞීයේ පරීක්ෂණවලට බලපෑම් එල්ලවන බවත් ඔවුන් කියා ඇත.
නීතිඥ තැනගේ බොරුව
පසුගිය දිනෙක වෛද්‍ය සාෆි ගැන අදහස් දක්වමින්, ඔහු ත්‍රස්තවාදියෙකු සමඟ සම්බන්ධ බව නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මාධ්‍ය ඉදිරියේදී කියා තිබුණි. එම නීතිඥවරයා වෛද්‍ය සාෆිට එරෙහිව අධිකරණයේද කරුණු දක්වන්නෙකි. වෛද්‍ය සාෆි කිසිදු ත්‍රස්ත කණ්ඩායමකට සම්බන්ධ යැයි තොරතුරු නැති බව මීට පෙර ලංකාවේ ප්‍රධාන පෙළේ සියලූ බුද්ධි අංශ සීඅයීඞීයට දැනුම් දී තිබුණි. ඒ බව සීඅයිඞීය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි. එසේ තිබියදී ඉහත කී නීතිඥයා මාධ්‍යවලට බොරු ප්‍රකාශ දීමට එරෙහිව සීඅයිඞීය මෙන්ම වෛද්‍ය සාෆි වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා වන වසන්ත නවරත්න බණ්ඩාර මහතාද කරුණු ඉදිරිපත් කර තිබේ. එම නීතිඥවරයාට නඩුවෙන් ඉවත්වෙන ලෙස මහේස්ත්‍රාත්වරයා උපදෙස් දී තිබේ.
ඈතට කල් යයි
මේ තරම් තීරණාත්මක තැනකට පැමිණ ඇති මහේස්ත්‍රාත් විමර්ශනය නැවත කැඳවන දිනය ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර ඇත්තේ 2019 දෙසැම්බර් 12 වැනිදාය. එනම් මාස 4කට පසුය. ඉතා නිවැරදිව තේරුම් ගතහොත් මීළඟ ජනාධිපතිවරණයෙන් පසුවය. ජනාධිපතිවරණය දෙසැම්බර් 08 වැනිදාට පෙර පැවැත්විය යුතුය. ඒ අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් ගත් තීන්දුවෙන් වක්‍රව අවස්ථාවක් ලැබී ඇත්තේ වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා ගැන මහේස්ත්‍රාත් විමර්ශනයට අවසාන විසඳුමක් ලැබෙනවාට අකමැති උදවියටය. මහේස්ත්‍රාත් අධිකරණයෙන් තීන්දුව දෙසැම්බර් 12 දක්වා කල් දැමීමට වෙනත් තාර්කික හේතුවක් තිබෙනවා විය හැකිය. කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව සැලකිල්ලට නොගත්තා විය හැකිය. එහෙත් ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරණයේදී මුස්ලිම් විරෝධී වෛරය අවුස්සමින් ජාතිවාදී රැුල්ලක් නිර්මාණය කිරීමට ප්‍රධානම තුරුම්පුවක් ලෙස වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා පාවිච්චි කරනු ඇත.