No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

පුරප්පාඩුවට කවුද?

Must read

කොමිසමේ තීරණය 12 දා

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක අභාවප‍්‍රාප්ත වීමෙන් හිස්වූ මන්ත‍්‍රීධුරය හිමිවන්නේ ශාන්ත බණ්ඩාරටද, ඞී.බී. හේරත්ටද යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තවමත් තීන්දු කර නැති බවත් ඒ ගැන විශේෂයෙන් සාකච්ඡුා කිරීමට කොමිසමේ සාමාජිකයන් අගෝස්තු 12 වැනිදා රැුස්වීමට නියමිත බවත් වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක අගෝස්තු 05 වැනිදා අභාවප‍්‍රාප්ත විය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් එජනිසය නියෝජනය කරමින් සාලින්ද දිසානායක මන්ත‍්‍රීවරයා තේරී පත්විය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ එජනිස මනාප ලැයිස්තුවේ තේරීපත් නොවූ අය අතරින් ඊළඟට වැඩිම මනාප ලබා සිටියේ ශාන්ත බණ්ඩාර මහතාය. පසුව ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර තිබුණි. ඒ අනුව සාලින්ද දිසානායක මන්ත‍්‍රීවරයා අභාවප‍්‍රාප්ත වෙද්දී ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටියේය. 

ඒ නිසා මනාප ලැයිස්තුවේ ඊළඟට තිබී ඇත්තේ ඞී.බී. හේරත් මහතාගේ නමය. කෙසේවෙතත් ඞී.බී. හේරත් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරයට නම් කිරිමට පෙර ශාන්ත බණ්ඩාර මන්ත‍්‍රීවරයා ඉල්ලා අස්විය. ඒ අනුව මන්ත‍්‍රීධුරය හිමිවිය යුත්තේ සාලින්ද දිසානායක මන්ත‍්‍රීවරයා මියගිය මොහොතේ සිටි සුදුස්සා වන ඞී.බී. හේරත්ටද, මීළඟ මන්ත‍්‍රීවරයා පත්කරන මොහොත වෙද්දී ලැයිස්තුවේ සිටින සුදුස්සා වන ශාන්ත බණ්ඩාරටද යන්න පිළිබඳව තීන්දුවක් ගැනීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබේ.

මෙවැනි තත්වයක් පිළිබඳව පූර්වාදර්ශ නොමැති වීමත්, ඒ ගැන පැහැදිලි නීතිමය උපදෙස් නොමැති වීමත් නිසා මැතිවණ කොමිෂන් සභාවට මේ පිළිබඳ සාකච්ඡුා කිරීමට සිදු වූ බව මැතිවරණ කොමිසමේ ආරංචිමාර්ග වාර්තා කරයි. අදාල පුද්ගලයන් දෙදෙනාටම මන්ත‍්‍රීධුරය ලැබිය යුතු බවට වන තර්ක ඇති බවත්, ඒ සියලූ කාරණා ගැන සාකච්ඡුා කොට අවසන් තීන්දුවක් ගත යුතු බවත් එම කොමිසමේ අදහස වී තිබේ. 

එම මන්ත‍්‍රීධුරය පිළිබඳ තීරණය ගන්නා තෙක් ශාන්ත බණ්ඩාර මන්ත‍්‍රීවරයාගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරය සම්පූර්ණ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට නමක් යෝජනා නොකර සිටින්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ. ඞී.බී. හේරත් මහතා මන්ත‍්‍රීධුරයට පත් කළහොත් නැවතත් ජාතික ලැයිස්තුවෙන් ශාන්ත බණ්ඩාර පත්කිරීමට එජනිසය සැලසුම් කර ඇත. 

ඞී.බී. හේරත් මහතා මහින්ද රාජපක්ෂ හිතවාදියෙකු වීම මෙසේ ශාන්ත බණ්ඩාර ඉල්ලා අස්වී එම පුරප්පාඩුව පිරවීමට එජනිසය උත්සාහ කිරීමට හේතුව බව එම කණ්ඩායමේ ප‍්‍රබලෙයක් අනිද්දාට පැවසීය.

ජාතික ලැයිස්තුවෙන් පුරප්පාඩු වූ මන්ත‍්‍රීධුරයට නමක් යෝජනා කරනවාදැයි අනිද්දා කළ විමසීමකදී එජනිස මහලේකම් මහින්ද අමරවීර ප‍්‍රකාශ කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විදෙස්ගතව සිටින බවත් ඔහු ලංකාවට පැමිණෙන තෙක් බලා සිටින බවත්ය. 

අනුරංග ජයසිංහ

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි