No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

උපාලි ගැහැව්වාට

Must read

බුද්ධි අංශ සෙබලූන්ට නඩු

රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට හා ඔහුගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත. 

ගම්පහ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා මෙම නඩුව පැවරීම සිදුකර ඇත්තේ අගෝස්තු 07 දිනදීය.

යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු වූ පේ‍්‍රම් ආනන්ද උදලාගම හා රාජපක්ෂගේ ලලිත් රාජපක්ෂ යන දෙදෙනාට එරෙහිව මෙසේ නඩු පවරා ඇත.

උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමට කුමන්ත‍්‍රණය කිරීම, තෙන්නකෝන් මහතාට හා ඔහුගේ බිරිඳට පහරදී බරපතළ තුවාල සිදුකිරීම, එම යුවළගේ මෝටර් රථයට පහරදී අනර්ථයක් සිදුකිරීම යන චෝදනා විත්තිකාර යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට එරෙහිව ගොනු කර තිබේ.

2009 වර්ෂයේ ජනවාරි 23 දින ගම්පහ ඉඹුල්ගොඩදී උපාලි තෙන්නකෝන් මහතා මෙම පහරදීමේ සිද්ධියට මුුහුණදුන්නේය. 

විත්තිකරුවෙකු වන රාජපක්ෂගේ ලලිත් රාජපක්ෂ, ‘ද නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීමේ සිද්ධියේද සැකකරුවෙකි.

එමෙන්ම මෙම නඩුවේ ඉතිරි සැකකරුවන් වන සීවලී බුලත්වත්ත, එස්.ජී. පේ‍්‍රමචන්ද්‍ර පෙරේරා, ප‍්‍රභාත් දුමින්ද වීරරත්න, ලසන්ත විමලවීර, නිශාන්ත ජයතිලක හා එම්.ආර්. නිශාන්ත කුමාර යන යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට විරුද්ධව කටයුතු නොකරන හෙයින් ඔවුන් මුදාහරින ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇත.

ඉඳුවර බණ්ඩාර

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි