No menu items!
20.5 C
Sri Lanka
19 January,2025

ජාතික ආණ්ඩුවට ටීඑන්ඒ සහාය වැටඋඩ

Must read

ජාතික ආණ්ඩු යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම සඳහා ඡුන්දය ලබාදෙන ලෙස දෙමළ ජාතික සන්ධානය කැමති කරවාගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරමින් සිටින බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය ජාතික ආණ්ඩු යෝජනාවට සහාය දැක්වීමට තවමත් එකඟ වී නැත.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය නම් නව සන්ධානය ඇති කරගැනීමෙන් පසුව එයට එක්වන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට ඇමතිකම් ලබාදීමේ අරමුණෙන් ජාතික ආණ්ඩු යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම එජාපයේ බලාපොරොත්තුව වී ඇත.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලයක සිටිය හැක්කේ අමාත්‍යවරුන් 30 දෙනෙකු පමණි. පාර්ලිමේන්තුවට තේරී පත්වූ වැඩිම මන්ත‍්‍රීවරුන් පිරිසක් සිටින පක්ෂය තවත් පක්ෂයක් හෝ කිහිපයක් සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ සරල බහුතරයක එකඟතාවෙන් අමාත්‍යධුර ගණන වැඩි කරගත හැකිය. මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබුණි. කෙසේ වෙතත් ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණයෙන් පසුව එම ආණ්ඩුව විසිරී ගියේය.

ඉන්පසුව නව ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවත් ඇමතිධුර සංඛ්‍යාව 30 සිට 48 දක්වා වැඩිකරන බවත් සඳහන් කරන ලද ජාතික ආණ්ඩු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. එක්සත් ජාතික පෙරමුණ සමඟ සිටින අනෙක් පක්ෂවල මන්ත‍්‍රීවරුන් මෙන්ම මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීවරුන්ද පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබුණේ එක්සත් ජාතික පෙරමුණෙනි. මුස්ලිම් කොංග‍්‍රසය ලෙස වෙනම ඡුන්දය ඉල්ලා පත්වී සිටියේ එක් මන්ත‍්‍රීවරයෙකු පමණි. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 18 කින් වැඩි කරගැනීමට යෝජනා කර තිබුණේ එක් මන්ත‍්‍රීවරයෙකු සිටින පක්ෂයක් සමඟ ජාතික ආණ්ඩුවක් ඇති කරගනිමින් බව පෙන්වාදෙමින් එම ජාතික ආණ්ඩුවට එරෙහිව මීට පෙර විරෝධයක් මතුවී තිබුණි. දෙමළ ජාතික සන්ධානය එම යෝජනාවට පක්ෂව ඡුන්දය දීමට අකැමැත්ත පළ කර තිබුණි.

කෙසේ වෙතත් නව සන්ධානය සමඟ එක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට අමාත්‍යධුර ඇති කරගැනීම සඳහා මෙම ජාතික ආණ්ඩුව අවශ්‍ය බව පෙන්වාදෙමින් දෙමළ ජාතික සන්ධානයේ සහාය ජාතික ආණ්ඩුවට ලබාගැනීම එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තුව වී ඇත.x

අනුරංග ජයසිංහ

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි