පසුගිය රාජපක්ෂ පාලන යුගයේදී ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ගේ වාහනයේ තිබී සොයාගත් ඇඟිලි සලකුණු සමග සැසඳුණ යුද්ධ හමුදා බුද්ධි බලකායේ සාමාජික ලලිත් රාජපක්ෂ ලසන්ත වික්‍රමතුංග ඝාතනයටද සැක බව රහස් පොලිස් ආරංචි මාර්ගවලින් අනාවරණය වේ’
උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන් පුද්ගලයන්ගේ දුරකථන උදේ කාලයේදී ගම්පහ එම මහතාගේ නිවස අවට සැරිසරා ඇති බව සහ එම ¥රකථනම එම දිනවලම හවස් කාලයේ ලසන්ත වික්රමතුංගගේ නිවෙස අසල සැරිසරා තිබීම මීට හේතුවය’ ¥රකථන කුලූනු දත්ත විශ්ලේෂණයෙන් මෙම කරුණු අනාවරණය වී ඇත’
උපාලි තෙන්නකෝන් සිද්ධියට පුද්ගලයන් 7දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 4 දෙනෙකු මෙම ප්‍රහාරයට අනිවාර්යයෙන් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇත’ මේ අතර ගල්කිස්ස පොලිසිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ දිනට අදාළව ඔහුගේ නිවසේ සිට කාර්යාලය දක්වා ¥රකථන කුලූනු වාර්තාවක් ගෙන විශ්ලේෂණය කර ඇත’ එම ගමන් මාර්ගය තුළද මෙම උපාලි තෙන්නකෝන් සිද්ධියට අදාළ ¥රකථන අංක සම්බන්ධව තිබී ඇත’ මේ අනුව ලසන්ත ඝාතනයේ සුලමුල මෙම සෙබලා හරහා ඉදිරියේදි හෙළිවෙනු ඇතැයි රහස් පොලිසියේ ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි’x