හිටපු මුස්ලිම් අමාත්‍යවරුන් සිය තනතුරු යළි බාරගැනීම ගැන ලබන සතිය අගදී සාකච්ඡුා කරන බව අනිද්දා කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ’එච්’එම්’ ෆවුසි පැවසීය’
ඇමතිධුර බාරගැනීම ගැන තම කණ්ඩායමට කිසිදු හදිසියක් නැති බවත්” ලබන සතිය අගදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා කොට පැහැදිලි සැලසුමක් ඇතිකර ගැනීමෙන් පසුව ඇමතිකම් බාරගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය’ ඇමතිධුර බාරගැනීමෙන් පසුව කටයුතු කරන ආකාරය පිළිබඳව පැහැදිලිවම එකඟතා ඇති කරගන්නා බවත් ඔහු කීය’ ඉදිරියේදී මුස්ලිම් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් කණ්ඩායම සාකච්ඡුා කොට එක කණ්ඩායමක් ලෙස වැඩකිරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් ඔහු පැවසීය’
දැනට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් විදෙස්ගතව සිටින බවත්” ඔහු ලංකාවට පැමිණි පසුව ඇමතිකම් බාරගැනීම පිළිබඳව සාකච්ඡුා කරන බවත් ෆවුසි මහතා කියයි’ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රසයත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසයත් නියෝජනය කරන රවුෆ් හකීම් හා රිෂාද් බදියුදීන් ප්රමුඛ එම කණ්ඩායමේ එක් අයෙකුවත් තනිවම ඇමතිධුර ලබා නොගන්නා බවද ඔහුගේ අදහසයි’ ඒ වෙනුවට කණ්ඩායමම එකට ඇමතිධුර ලබාගන්නා බව ඔහු කියයි’
ඇමතිධුර බාරගැනීමට තීරණය කිරීම සඳහා ප්‍රධාන හේතුව ලෙස ඔහු පෙන්වාදුන්නේ රිෂාද් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව එල්ලකළ චෝදනාවලට අදාළව කරන ලද බුද්ධි අංශ පරීක්ෂණයෙන් එම අමාත්‍යවරයා ත්‍රස්තවාදී ප්‍රහාරවලට සම්බන්ධ නැති බව තහවුරු වී තිබීමය’
මෙ අතර ජුලි 21 වැනි ඉරිදා ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම කොංග්රසයේ් උත්තරීතර සභාවේ රැුස්වීමක් පැවැත්වීමට නියමිතය’x