No menu items!
22.9 C
Sri Lanka
20 January,2025

හමුදා පරාධකරුවන්ටත් නඩු පවරමුද

Must read


මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදී පැහැරගෙන යෑමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කරන ලද යුද හමුදා බුද්ධි අංශ සාමාජික ලලිත් රාජපක්ෂ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන්ද නම් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා පොලීසියට උපදෙස් දී ඇත.
ඒ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ පොලිස් විමර්ශන ගොනුවලද මේ යුද හමුදා සාමාජිකයා ගැන හෙළිවී ඇති කරුණු අනුවය.


පොලීසියෙන් ලැබී ඇති විමර්ශන ලිපිගොනු විමර්ශනය කරමින් ආන්දෝලනාත්මක සිද්ධි සම්බන්ධයෙන් නඩු පැවරීම් කරන ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලබාදෙන උපදෙස් දිනපතා ප‍්‍රවෘත්ති බවට පත්වෙමින් තිබේ. ඒ ගැන පොලීසියේ ආරංචිමාර්ගවලින් දැනගන්නටත් පෙර මාධ්‍යයට කරුණු දැනගන්නට නීතිපතිවරයාගේ මාධ්‍ය ප‍්‍රකාශිකාවක්ද සිටී.


මේ ජනප‍්‍රිය නඩු පැවරීමේ උපදෙස්වලින් නීතිපතිවරයා අනාගත් එක් අවස්ථාවක් ලෙස හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුට හා පොලිස්පති පූජිත් ජයසුන්දරට පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා එල්ලකිරීම සඳහන් කළ හැකිය.


එම දෙදෙනාට පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා එල්ලකළ නොහැකි බවට තීන්දු කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය ඇප ලබාදී ඇති අතර නීතිපතිවරයා එම ඇප ලබාදීමට එරෙහිව ප‍්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහුගේ ප‍්‍රකාශිකාව ප‍්‍රකාශ කර ඇත.


මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදී පැහැරගෙන යෑමට අදාල නඩුව ජුලි 08 වැනිදා ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැඳවා තිබුණේ එහි එක් සැකකරුවකු වන යුදහමුදා බුද්ධි අංශ සාමාජික ලලිත් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහාය.


එහිදී විශේෂ කරුණක් හෙළිදරව් වී තිබුණි. ඒ උපාලි තෙන්නකෝන් සිද්ධියේ විමර්ශන අවසන් කර එහි උද්ධෘත සීආර් 01/03/2019 යටතේ නීතිපති උපදෙස් පතා යොමුකර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019 ජනවාරි 11 වැනිදා අධිකරණය දැනුවත් කර ඇත.


මේ සිද්ධියේ සැකකරුවන් වන්නේ යුද හමුදා සාමාජිකයන් වන මේජර් ප‍්‍රභාත් සීවලී බුලත්වත්ත, පේ‍්‍රම් ආනන්ද උදලාගම, එස්.ඒ. පේ‍්‍රමචන්ද්‍ර පෙරේරා, ප‍්‍රභාත් දුමින්ද වීරරත්න, ලසන්ත විමලවීර, නිශාන්ත ජයතිලක, එම්.වී. නිශාන්ත හා ජුලි 08 අධිකරණයවට ඉදිරිපත් කර රිමාන්ඞ් කරනු ලැබූ ලලිත් රාජපක්ෂය.
එම සිද්ධියේ රහස් පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයේ ලිපිගොනුව, නීතිපතිට යොමුවී තිබේ නම් හා ඒ සඳහා මාස 6කට වැඩි කාලයක් ගතවී තිබේ නම් නීතිපති උපදෙස් තවමත් ප‍්‍රමාදවීම විමතියට කරුණකි. මන්ද නීතිපතිවරයා නඩු පැවරීම සඳහා පොලීසියට උපදෙස් ලබාදෙන සමහර සිදුවීම මෙතරම් පරණ ඒවා නොවන


පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් ඝාතනය, ජනමාධ්‍යවේදීන් පැහැරගෙන යෑම, ජනමාධ්‍යවේදීන්ට පහරදීම හා ජනමාධ්‍ය ආයතනවලට පහරදීම සම්බන්ධයෙන් කිසිවකු තවමත් වැරදිකරු බවට පත්කර නැත. එම සමහර සිදුවීම් පිළිබඳ පොලීසිය විමර්ශන සිදුකර තිබේ. මහේස්ත‍්‍රාත් අධිකරණවල පවතින්නේ එම පොලිස් විමර්ශනවල නඩුය. විමර්ශන අවසන් ගොනු නීතිතිවරයාට යොමු කර තිබියදීත් නීතිපතිවරයා නඩු පවරා නැත. ඒ මේ සිද්ධීන්වල සැකකරුවන් යුද හමුදා සාමාාජිකයන් නිසාද? එම ප‍්‍රශ්නය නීතිපති දප්පුල ද ලිවේරාටය.x

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි