No menu items!
19.5 C
Sri Lanka
20 January,2025

මරණ දඬුවමට එරෙහිව නඩු

Must read

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම යළිත් ක‍්‍රියාත්මක කරනු ලැබීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට රටේ ප‍්‍රවීණතම නීතිඥවරුන් පිරිසක් හා ආගමික නායකයන් ඇතුළු සමාජ ක‍්‍රියාකාරිකයන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

අධිකරණයෙන් මරණ දඬුවම නියම කර ඇති සිරකරුවන් අතරින් හතර දෙනෙකුට මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට තමා අත්සන් කළ බව ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමඟ ජුනි 26 දින පැවති සාකච්ඡුාවේදී කළ ප‍්‍රකාශය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හේතු වී ඇත.

මරණ දඬුවම මහාධිකරණය මඟින් ලබාදුන්නද, 1973 වසරෙන් පසු මරණ දඬුවම ක‍්‍රියාත්මක කර නැත. මරණ දඬුවම සම්පූර්ණ වීම සඳහා අධිකරණය මරණ දඬුවම ලබාදීමෙන් පසු එසේ දඬුවම ලැබූ පුද්ගලයා එල්ලා මැරිය යුතු දිනය හා ස්ථානය සඳහන් කරමින් රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයා සිය අනුමැතිය ලබාදිය යුතුය.

ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශයත් සමඟ ඊට එරෙහිව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයද මේ වනවිට නිවේදනයක් නිකුත් කර ඇත. බි‍්‍රතාන්‍ය රජයේ විදේශ ලේකම් කාර්යාලයද ඊට විරුද්ධව අදහස් පළකර ඇති බව මාධ්‍ය වාර්තා කළේය. ඊට අමතරව දේශීය වශයෙන් කටයුතු කරන මානව හිමිකම් සංවිධාන, මානව හිමිකම් ක‍්‍රියාකාරීන් රැුසක්ද ජනාධිපතිවරයාගේ මෙම පියවර සම්බන්ධයෙන් සිය විරෝධය පළකර තිබේ.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි