No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

වීල්බැරෝ දේශපාලනය හෙවත් කොරා සහ අන්ධයා

Must read

සිරිසේන ජනාධිපති ලෙස පත් වුණේ එජාපයේ පැවති දුබලකම නිසාය. සිරිසේන ඊළග එජාප ජනාධිපති අපේක්‍ෂකයා තේරීමට යාමට සභ්‍ය නිර්වචනයක් සෙවීම දුෂ්කරය. සජිත් හෝ සිරිසේන උනුන්ගේ කරේ නැග යාමේ වීල්බැරෝ දේශපාලනය සජිත්ගේ දේශපාලනයට හොඳම සාක්කියකි. රාජපක්‍ෂලා රනිල් සමග එක්ව සිරිසේනට අංචි අදිද්දී, සිරිසේන කොමිෂන් පත් කර රනිල් තුළ සැඟවී සිටි පල්හොරුන් දුසිම් ගණන් හෙළිකළේය. රනිල් කළේ සාධාරණ සමාජයක අපේක්‍ෂා බිල්ලට දෙමින් රාජපක්‍ෂලාගේ ¥ෂණ වංචා යටගැසීමය. වීරවංශ ජෝඩුව තැනූ කූට ලේඛන නඩුවත් යටපත් කරන තරමට රනිල් බිංදුවට වැටිණ. මේ කැත සෙල්ලමෙන් රටත් යහපාලනයත් අවුල් විය. සිරිසේන එජාපයට අත දැමීමට ගමේ කියන්නේ, ආ අතක් බලාගෙන යන්ට කීමය. සිරිසේන, ඔක්තෝබරයේ රටේ අගමැතිකම, බලයට කෑදර මහින්දගේ කරේ එල්ලීය. සිරිසේන නිදහසට කීවේ අගමැතිකම බාරගන්න කරු, සජිත් දෙදෙනාම අකමැති වුණා කියාය. සිරිසේනගේ ඔක්තෝ්බර හීනය හරහා පාර්ලිිමේන්තු ශක්තිය විනාශ කිරීමට, සිරිසේන-මහින්ද ඩබල සිය ¥ෂිත තක්කඩි ඉත්තන් මෙහෙයවනු ලෝකයම බලාසිටියහ. එදා යෝධ හයියෙන් සාර්ථකව ඒ භීෂණයට මුහුණ දුන්නේ කරු ජයසූරියයි.

එය නිරීක්‍ෂණය කළ බොහෝ දෙනා රටට සුදුස්සා කරු ජයසූරිය යයි කල්පනා කළහ. එවිට සමහරු ‘සුදුසු නම් තමයි. ජරා පප්පෙක්, හොරෙක් නම් නොවෙයි. ඒත් වයස..?’ කියා කතාව නතර කළහ. සිරිසේනලාගේ මහින්දලාගේ කුඩුකාරයන් ගංජාකාරයන් එතනෝල්කාරයන් පාර්ලිමේන්තු බිත්තියට හේත්තු කර ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් සාත්තු කළේ ඔය කියන වයසක කරු ජයසූරිය විසිනි. කරු ජයසූරියට වයස කීයද? 1940 ඔක්තෝබර් 24 වෙනි දින උපන් කරු ජයසූරියට 79කි. සාධාරණ සමාජයක් ව්‍යාපාරය කරු ජයසූරිය නම්කළේ 74 හැවිරිදිව සිටියදීය. 2018 ඔක්තෝබර් 26 වෙනිදා සිට අදටත් කරු හැසිරෙන ආකාරය නිරීක්‍ෂණය කරන්නෙකුට කරු ජයසූරියගේ උප්පැන්න සහතිකයේ ඉලක්කම් කියවා බැලීමට හිතුණොත් ඒ ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත.

කරු ජයසූරිය නම් කතානායකවරයා එකී අර්බුද හමුවේ පනස්වියට ආසන්න පරිණත සද්දන්ත දේහධාරියෙකුගේ ජවයෙන් මනා පෞරුෂයකින් කි‍්‍රයාකරන නිසාය. කරු ජයසූරිය ජනවාරි ජයග‍්‍රහණයේ අනුභාවයෙන් තිරිහන් වුණා මිස මහලූ වී නැත. සත්‍යය එය වේ. නෙවිල් චෙම්බ්ලෙන් ගැහෙද්දී චර්චිල් මව්රටට කරගැසුවේ එහෙමය. ඒ විශිෂ්ට මිනිසුන්ගේ හැටිය. දැන් කරු ජයසූරිය නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ ආකර්ෂණය දිනාගනිමින් සිටී. හේතුව ලංකාවේ වර්තමාන විධායක ජනාධිපති නියමිත දේශපාලන බෙහෙත් මාත්තුව නො ගැනීමය.

එජාපයෙන් ජනාධිපති රේස් එකට සජිත් පේ‍්‍රමදාස දාන්නට 68 හැවිරිදි සිරිසේන, 86 හැවිරිදි මහල්ලෙකු සේ විකාරයෙන් දගලන්නේ මාත‍්‍රාව පිළිබඳ අවුලක් නිසාය. සිරිසේනට සාපේක්‍ෂව කරු ජයසූරිය ශක්තිමත්ය. ප‍්‍රබුද්ධය. කිසිවෙකුටත් ලෙහෙසියෙන් බිම හෙළිය නොහැකිය. හේතුව ඔහු යහපත් මිනිසෙකු නිසාය. සමහරු කරු ජයසූරිය එජාපය හැර ගොස් මහින්දට එකතුවීම ගැන දොස් කියති. කරු ආපසු එජාපයට ආවේ රනිල් ඉදිකළ වර්ණවත් නියෝජ්‍ය එජාප නායක තොරණ යටින් බව එජාප ඉතිහාසයේ සටහන්ව ඇත. රනිල් සිරිසේනට බය බව ප‍්‍රසිද්ධ රහසකි. එහෙත් එජාප, ශී‍්‍රලනිප පක්‍ෂ මෙන්ම රාජපක්‍ෂලා සිරිසේනලා රනිල්ලා ප‍්‍රතික්‍ෂේප කරන විසි පන්ලක්‍ෂයකට අධික බුද්ධිමත් පුරවැසියන් රනිල්ලාට, සිරිසේනලාට, රාජපක්‍ෂලාට එරෙහිව පෙළ ගැසී හමාරය. 2015 ජනවාරියේ 57 ලක්‍ෂයක් ගත් රාජපක්‍ෂලා තවමත් 49 ලක්‍ෂය ඉක්මවා යාමට අසමත්ව සිටිති. ඒ ජනවාරි 08 වෙනිදා ලැබූ අත්දැකීම නිසාය. මේ වනවිට සිරිසේන පාරට විසිවී හමාරය.


2015 ජනවාරි 8 වෙනිදා කරු ජයසූරියට රට භාරදුන්නා නම්, රටට මෙහෙම වෙන්නේ නැත. එහෙම කියන්නේ ඍෂි දැක්මෙන් නොවේ. සිරිසේන දික්කළ අගමැතිකම ප‍්‍රතික්‍ෂේප කළ සජිත් පේ‍්‍රමදාසට සාපේක්‍ෂවය. සජිත් සිරිසේනගේ ගොම්පස් අල්ලද්දී කරු, සිරිසේනට සාර්ථකව මුහුණ දෙමින් සිටියි. එජාපය දුර්වල කළ සිරිසේන අදටත් සජිත්ට අතිගරුය. ශී‍්‍රමත්ය. උතුමාණන්ය. එජාප ආණ්ඩුවට එරෙහිව ඕනෑ දෙයක් සිරිසේනට සජිත් ලවා කියවාගත හැකිය. ප‍්‍රතිත‍්‍රස්ත පනත ගැන සජිත් කළ නින්දිත ප‍්‍රකාශය එජාපය පාවාදීමකි.

සජිත්ට සමගාමීව, ඔක්තෝබර ආරාවුලේදී කරු ජයසූරිය හැසිරුණේ කෙසේද? 19 වෙනි සංශෝධනය හරහා සිරිසේන අඩපණ කොට, පාර්ලිමේන්තු පරමාධිපත්‍යය ආරක්‍ෂා කළේ කතානායක කරු ජයසූරිය විසිනි. එපමණක් නොවේ. අධිකරණයට තක්කඩි ඒජන්තයන් පත්කිරීමට කරු ජයසූරිය හරස් විය. ඔහු ඒ කැපකිරීම කළේ ජනවාරිය දිනාගත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය, රටේ නීතිය පාවිච්චි කිරීමෙනි. ඔහු අදටත් ජනවාරි අපේක්‍ෂා වෙනුවෙන් පෙනීසිටියි. කරු ජයසූරියට සජිත්ට මෙන් සිරිසේනගේ කරේ නැගී බලයට එන්න උවමනාවක් අදටත් නැත.


සිරිසේන සහ සජිත් අතර, කරු ජයසූරිය සිටුවා වඩා උස කවුදැයි බලන්නේ කරු ජයසූරිය ජනාධිපති අපේක්‍ෂකයා නිසා නොවේ. එජාප තරුණ මන්තී‍්‍ර හෙෂාන් විතානගේ මාධ්‍යට පැමිණ අනාගතයේ ජනාධිපති අගමැති කතානායක තනතුරු සඳහා කරු රනිල් සජිත් මිස, වෙන කිසිවෙකු නම් නොකරන බවට කළ ප‍්‍රකාශය නිසාය. ඒ නම් අතර කියැවෙන සජිත් පේ‍්‍රමදාස එජාප ජනාධිපති අපේක්‍ෂකයා කිරීමට සිරිසේන, මලික් සමරවික‍්‍රමලා සමග උගුල් අටවමින් සිටියි. සිරිසේන එජාපයේ රනිල්ට කැමති නැත. කතානායක කරුට කැමති නැත. ඒ ඇයි? ඒ එජාපය කෙරෙහි සිරිසේන තුළ පවත්නා වෛරය නිසාය. අදටත් එජාපයේ හතලිස් ලක්‍ෂයක් දෙනා නිවැරදි මිනිසෙකු තේරීමට බලාසිටිති. 2010 පොන්සේකා ශක්තිමත් කළේද, 2015 සිරිසේන ගොඩදැම්මේද රනිල් පි‍්‍රය නොකරන ඒ එජාප යෝධ ශක්තියයි. සමහරුන් කියන්නේ ගම සජිත්ට කියාය. 2018 පෙබරවාරියේ ඔය කියන ගම සිටියේ මහින්ද සමගය. ලංකාවේ ගම යනු හම්බන්තොට නම්..? සිරිසේන සජිත් හරහා එජාපයට වස පොවන්ට තැත් කරමින් සිටියි. සජිත් එජාපයට ආදරේ නම් ඔහු කවදාවත් සිරිසේනගේ කරේ යන්නේ නැත.


මේ ලංකාව විනාස කළේ වීල්බැරෝ දේශපාලනයයි. අප්පා පුතාත්, අයියා මල්ලීත්, මිනිහා ගෑනිත් ඔසවාගෙන යමින් රට අනාථ කළ වීල්බැරෝ දේශපාලනය තවත් මේ රටට අවශ්‍ය නැත. අවශ්‍ය හරි මොකක්ද යන්න මිස හරි මොකාද යන්න නොවේ. සිරිසේන සජිත් කර තබාගෙන යාම වීල්බැරෝ දේශපාලනයේ අවසාන ජවනිකාව වේ. විශේෂ කැබිනට් රැුස්වීමේදී සිරිසේන, රාජපක්‍ෂලාට ඉඩක් දෙන්නේ නැත කීවේ සජිත් උස්සා එජාපය පොළොවේ ගැසීමටය. සිරිසේන මේ එන්නේ තමන්ට අවනත පගර ජනාධිපතියෙකු පත්කර ගැනීමටය. රටේ මිනිස්සු නැවත සිරිසේනගේ ඇතිල්ලූණ සජිත්ලාට රට බාරදෙන්නේ නැත. සිරිසේනගේ කතාව ඇසූ අජිත් පෙරේරා ෂඞ් වර්ණයෙන් බබලන්නට විය. පක්‍ෂයට පෙර අජිත් සිරිසේන සමග වැට පැන හමාරය. සජිත්ගේ ලණු කෑ තිස්ස අත්තනායකත් මෙවැනි තොරොම්බෝලයකි. සිරිසේන නිසා ශී‍්‍රලනිපයත්, රනිල් නිසා එජාපයත් මහින්ද නිසා පොහොට්ටුවත් ප‍්‍රතික්‍ෂේප කරන විසි පන්ලක්‍ෂයකට ආසන්න සිවිල් සමාජය මේ නාඩගම දෙස බලා සිටියි. පාස්කු සද්දය පැහැදිලිවම රාජපක්‍ෂලාගේය. පාස්කු බෝම්බ පේළිය නොවන්නට රාජපක්‍ෂ කෙනෙකු නැති ජනාධිපති මැතිවරණයේ සිරිසේන තනි අස්පයා වී, අගමැති වූ සජිත් සමග රට වටේ දුවන්නට නියමිතව තිබිණ. රාජපක්‍ෂලාට පින් සිද්ධ වෙන්න සියල්ල කනපිට පෙරළී සිරිසේනට බිංදුව වැටී ඇත. සිරිසේන එජාපයට තෝරාදෙන ජනාධිපති අපේ්ක්‍ෂකයා රණසිංහ පේ‍්‍රමදාසගේ පුතාය. සිරිසේන යමෙකු තේරුවොත් ඉවරය. ඔහු වැඩ කරන්නේ සිය තුන්වෙනි ජනාධිපති ලේකම් සමගය.

ශාන්ත කෝට්ටේගොඩ පස්වෙනි ආරක්‍ෂක ලේකම්ය. දැන් ඉන්නේ කීවෙනි පුද්ගලික ලේකම්ද යන්න සිරිසේනටවත් මතක නැත. නිසි පුද්ගලයන් තෝරාගැනීමටත් බුද්ධියක් නැති සිරිසේන, එජාපයට ජනාධිපති අපේක්‍ෂකයා තේරීම උම්මග්ග ජාතකයේ පිංගුත්තරයා ගහට නැංගා වාගේය. 2015දී හොඳම අශ්වයා කරු ජයසූරිය විය. ඒ තේරීම කළේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුන් සමග සිටි ජනවාරි කි‍්‍රයාධරයන්ය. එහිදී හෙනහුරා වුණේ කවුදැයි රටම දනිති. උද්ධච්ඡුකමත් මෝඩකමත් නිසා හත්පොළේ ගාගත් සිරිසේනගේ කට නිසා සජිත්ගේ දේශපාලනය අප්පුවා රජවුණා වැනි තවත් කතාවකි. සජිත් ගැන කෙරෙන මේ විවේචන ඔහු සිරිසේනගේ ඇතිල්ලීමට වඩා රණසිංහ පේ‍්‍රමදාසගේ පුතා වීම නිසාය. විධායක ජනාධිපති වූ රණසිංහ පේ‍්‍රමදාස 15 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ පාර්ලිමේන්තු බහුතරයට කළ හූනියම නිසා 1988න් පසුව පත්වූ හැම ආණ්ඩුවම බෙලහීන විය.

මෙතැන් සිට මහ පේ‍්‍රමදාස එජාපයට කළ විනාසය විස්තර කෙරෙයි. 88-89 ආරාවුල අධ්‍යයනය කළ, එජාප ප‍්‍රබලයෝ තෙවනවර තරග කරන්නැයි ජේආර්ගෙන් ඉල්ලා සිටියහ. යෝජනාව ගෙනා ලයනල් ජයතිලකද, ස්ථීර කළ මෙරිල් කාරියවසම්ද නොහඳුනන තුවක්කුකරුවන් අතින් ඝාතනය වූහ. ඉන් පසුව රට පුරා ජේආර් මරමු යයි කහපාට පැල්ලමක් මැද රතුපාට අකුරෙන් ලියූ පෝස්ටර් අලවා තිබිණ. බුද්ධි අංශ වාර්තා කළේ ඒ පෝස්ටර් ජවිපෙ නොවන බවය. පසුව ඇලෝසියස් නම් තක්කඩියෙකුගේ ගෝලබාලයෝ ඊට කොටුවූහ. උපාලි විජේවර්ධනගේ ගුවන් යානයට පාර්සලයක් භාරදීමේ කතාවටත් ඇලෝසියස් ගෝලයෙකු සහභාගි වී ඇත. පේ‍්‍රමදාස පැරැුද්දීමට කළ යෝජනාව අසා ගාමිණී දිසානායක කීවේ ඉතිහාසය අපව නිදහස් කරාවියි කියාය. ඉතිහාසය ගාමිණී දිසානායකලා නිදහස් කළාට ඉතිහාසය පේ‍්‍රමදාසලාට සමාව දෙන්නේ නැත. දිය යුතුද නැත. ජනාධිපතිවූ පේ‍්‍රමදාස පළමුව ගාමිණී දිසානායකගේද දෙවනුව ඇතුළත්මුදලිගේද බෙලි කපා පාරට විසිකළේය.

පේ‍්‍රමදාස විනාස කළ එජාපය අදත් පාරේය. මහ පේ‍්‍රමදාස බලයට පත්ව, රටත් එජාපයත් විනාස කළේ එසේය. සිරිසේන සජිත් කරේ තියාගන්නේ ඒ ටික හිතේ තියාගෙනය. මේ ටික කියවන කෙනෙකු සිරිසේන ගැන පුදුමවෙනු ඇත. එහිි පුදුමයක් නැත. බුදුවෙන්න බැරිවූ දේවදත්ත කළේ බුදුන් වහන්සේට ගල් පෙරළීමය.

යහපාලන දේශපාලනයේ දේවදත්තයා කවුදැයි රටම දනිති. සිරිසේන මහලේකම් තෙක් ඔසවාගෙන ආ ශී‍්‍රලනිපයට පස්ස පෙන්නා 2015 පෙරළියට එක්විය. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ තේරීම් කාරක සභාව සිරිසේනගේ රෙදි ගලවා අවසන්ය. දැන් රජ්ජුරුවෝ හෙථවෙන්ය. එජාපයේ ඡුන්දවලින් ඉහළට එසවුණ සිරිසේන ඔක්තෝබරයේ මහින්ද අගමැති කිරීම පොලොන්නරු භාෂාවෙන් කීවොත් කෑ පතේ පැහැරීමකි. ඒ අර්ථයෙන් ගත් කල සිරිසේනට ලංකාවේ මහා සම්මත පක්‍ෂ දෙකම රතු කාර්ඞ් පෙන්නා හමාරය. සජිත්ගේ අප්පා පළමුව කම්කරු නායක ඒඊ ගුණසිංහගේ බෙල්ල කැපීය. ඊළගට ඩඞ්ලිගේ බෙල්ලේ එල්ලූණේය. ඉන්පසුව ජේආර්ට එරෙහිව නියතපාලලා උසිගන්වා එජාප පතාකයන් පිරිසක් පාරට ඇදදැම්මේය.

තිස්ස අත්තනායක පාරට බැස්සුවේද සජිත්ය. එජාප නායකයා වීමට සටන් කළ සජිත්ට උපනායකකම දුන් පසුව, රනිල් ළග වැඳවැටුණේ අප්පිරියා හිතෙන විදියටය. පාස්කු බෝම්බ පත්තු නොවන්නට මේ වනවිට සජිත් අගමැතිය. සිරිසේන ජනාධිපති පොදු අපේක්‍ෂකයා වී ඡුන්ද සටනේය. ඒ සිහින සැබෑ නොවූ සිරිසේන පින් පිරිහී අමාරුවෙන් හුස්ම ගනිමින් සිටියි. දැන් ඔහු කල්පනා කරන්නේ සජිත්ගේ කරේ නැග ශී‍්‍රලනිපයට දුන් ගේම එජාපයටත් දෙන්නටය. සජිත් මේ හදන්නේ සිරිසේනගේ බස් එකට එජාපය සමග ගොඩවන්නටය. එකෙකු පටවා අනෙකා තල්ලූ කරන වීල්බැරෝ දේශපාලනය අවසන් කිරීමට විසි පන්ලක්‍ෂයක් තීරණය කර හමාරය. x

x නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි