No menu items!
20.7 C
Sri Lanka
19 January,2025

සාපරාධී අපහාස නීතිය වෙන විදියකට ගෙනෙයි

Must read

ජනමාධ්‍ය සමාජයේ දැඩි ඉල්ලීම මත මීට පෙර නීති පොතෙන් ඉවත් කර ඇති සාපරාධී අපහාස නීතිය යළි ගෙන ආ යුතු බව පාර්ලිමේන්තුවේ විවිධ සාකච්ඡුාවලට ඉදිරිපත් වූ යෝජනාව දණ්ඩ නීති සංග‍්‍රහය හා අපරාධ විධිවිධාන සංග‍්‍රහයට සංශෝධන එකතු කරමින් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි ඒ පිළිබඳව විමසිලිමත් අයගේ මතය වී තිබේ.

මේ සඳහා වන නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළ කැබිනට් පත‍්‍රිකාව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පසුගිය 4 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර, එදිනම එයට අනුමැතිය හිමිවී ඇත. එම තත්ත්වය තුළ දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීම පමණය.

මේ පිළිබඳව අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නීති කෙටුම්පත් අංශයේ ඉහළ නිලධාරියෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප‍්‍රකාශ කළේ අසත්‍ය පුවත් ප‍්‍රචාරයට එරෙහිව දඬුවම් පැමිණවීමට අදාළ දණ්ඩ නීති සංග‍්‍රහය සහ අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට අදාළ නීති කෙටුම්පත සාදා අවසන් බවය. දැන් තිබෙන්නේ එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමණක් බව ප‍්‍රකාශ කළ එම ප‍්‍රකාශකයා ඒ සඳහා තවම දිනයක් නැතැයිද, නුදුරු දිනකදීම එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ප‍්‍රකාශ කළේය.

සාවද්‍ය පුවත් පළ කිරීමට වැරදිකරු වෙන අයෙකුට රුපියල් දස ලක්ෂයක් දක්වා වූ දඩ මුදලක් හෝ වසර 5කට නොවැඩි සිරදඬුවමක් නියම කිරීම ආදි වූ වගන්ති එම කෙටුම්පතෙහි සඳහන් වෙයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී මලිත් ජයතිලකගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ආරක්ෂාව සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉල්ලීමකට අනුව මෙම නීති සංශෝධනය කෙටුම්පත් කර අධිකරණ අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ සඳහා වූ මුල් යෝජනාව මෙම කාරක සභාවට ඉදිරිපත් කර ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ ශ‍්‍රීලනිප යෝජනාවලියෙහි කොටසක් ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතාය. x

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි