මුස්ලිම් ජනතාව තවත් බියපත් කරයි
බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගල ගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව දීමට ජනාධිපතිවරයා ගත් තීරණය ගැන පැහැදිලිව කිවයුත්තේ, කිසිසේත් සිදු නොවිය යුතු යමක්, කිසිසේත් සිදු නොවිය යුතු වේලාවක සිදුවන බවය. එහෙත්, නීතිය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කුණු කූඩයට දමමින් මේ අවුරුදු හතරහමාර පුරා වැඩ කර ඇති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමග එකට තබා බලන විට නම්, සිදුවිය නොහැකි දෙයක් ලංකාවේ නැත. නොකැඩිය හැකි නීතියක්, ව්‍යවස්ථාවක්, සම්ප‍්‍රදායක් ලංකාවේ නැත. මේ ද එවැන්නකි.
ඥානසාර හිමිට සමාව දීමට එරෙහිව යමක් කීම මේ අවස්ථාවේදී ජනප‍්‍රිය මතයට එරෙහිව යන, බරපතළ විපාකවලට මුහුණ දෙන්නට හේතුවක් විය හැකිය. එහෙත්, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා ජනවාර්ගික සහෝදරත්වය ගැන ස්වල්ප උනන්දුවක් දක්වන්නකු වුවද, කැක්කුමක් ඇත්තකු වුවද, මෙවැනි අමනොඥ තීන්දු තීරණවලින් බලවත් කම්පනයට පත්වන බව නිසැකය. ඒ පිරිස සුළුතරයක් වීමද ඇත්තකි.
එහෙත්, ජනාධිපති සිරිසේනට නම්, විපාකය නොසලකා මෙවැනි මුග්ධ තීරණ ගැනීමේ සහජ හැකියාවක් තිබේ.
2018 ඔක්තෝබර් 26 වැනිදා, තමාව ඝාතනය කරන කුමන්ත‍්‍රණයක් ගැන පරීක්‍ෂණ නොකළ නිසායැයි මනෝභ‍්‍රාන්තියක පැටලී සිටිමින්, නීත්‍යනුකුලව පත්වුණු ආණ්ඩුවක් ගෙදර යැවූ ජනාධිපතිවරයා යාබද දින 52ක කාලයක් තුළ රටේ ඇති කළ විනාශය දන්නා අයට, ඔහුගේ මෙවැනිම තවත් තීන්දු තීරණ මේ අවුරුද්දේ නොවැම්බර් මාසය වන තෙක් තවදුරටත් ඉවසා සිටින්නට සිදුවනවා ඇත.
පසුගිය මැයි 18 වැනිදා, වෙසක් උත්සවය වෙනුවෙන් සිරකරුවන්ට සමාව ලබාදීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය ජනාධිපතිවරයා, එහි සිරදඬුවම් විඳිමින් සිටින ඥානසාර හිමියන් හමුවී විනාඩි 45ක පමණ කාලයක් කතාබහ කරමින් සිටි බව මාධ්‍ය වාර්තා කළේය. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි හා මන්ත‍්‍රී තිලංග සුමතිපාලද ඔහු සමග ඒ අවස්ථාවේ සිටි බව වාර්තා විය. ඊට පෙර ඥානසාර හිමි බැලීමට බන්ධනාගාරයට ගිය දුමින්ද දිසානායක මසන්ත‍්‍රීවරයාද, වෙනත් අවස්ථාවක බෞද්ධ කටයුතු ඇමති ගාමිණි ජයවික‍්‍රම පෙරේරාද ඥානසාර හිමි නිදහස් කරගගැනීමට කටයුතු කරන බව ප‍්‍රසිද්ධියේ කීවෝය. මැයි 22 වැනිදා ඥානසාර හිමියන් බැලීමට බන්ධනාගාරයට ගිය ඇමති රවි කරුණානායක, එහිමියන්ට ලබාදී ඇති දඬුවම සාධාරණද නැද්දැයි සිතා බැලිය යුතු බව පැවසීය.
මේ කසකාරයන්ගේ හඬට පසුව දැන් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලැබෙන්නේය.
අධිකරණයට අපහාසය
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දීම, ජනාධිපතිවරයා අධිකරණයට කළ අපහාසයකි. ඒ ගැන අධිකරණ නිලධාරීන්ගේ සංවිධාන, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංවිධාන, අගවිනිසුරු, අභියාචනාධිකරණ සභාපති ඇතුළු විනිසුරුවරුන්, නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය කරන්නේ මොනවාදැ’යි රටේ නීතියේ ආධිපත්‍යය පවතිනවාට කැමති සියල්ලෝම බලා සිටිති.
ඥානසාර හිමි බන්ධනාගාරගත කරන ලද්දේ, හෝමාගම මහේස්ත‍්‍රාත්වරයාට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට අපහාස කළේයැ’යි කියන චෝදනා ඔප්පු වූ නිසාය. ඒ නඩු විභාගය පවත්වන ලද්දේ අභියාචනාධිකරණයේ එවකට සභාපතිවරයා ඇතුළු ද්විපුද්ගල විනිශ්චයකාර මණ්ඩලයක් විසිනි.
2016 ජනවාරි 25 වැනිදා, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුව කැඳවා, එදිනට නියමිත කටයුතු අවසන් කළ පසු, අධිකරණයේ අවසරයක් නැතිව අධිකරණය ඉදිරියට ගොස්, අධිකරණයට අපහාස වන ආකාරයට, මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනය කරමින් හා ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ දිලීප පීරිස්ට බැන පරිභව කරන ආකාරයට හැසිරීම නිසා මේ අපහාසය කර, රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම ඇතුළත් වරදක් ඥානසාර හිමියන් විසින් කරනු ලැබ තිබේ.
මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ වූ මෙම අපහාසාත්මක සිදුවීම ගැන එවක හෝමාගම මහේස්ත‍්‍රාත් රංග දිසානායක අභියාචනාධිකරණයට පැමිණිලි කීරීමෙන් පසු ඥානසාර හිමිට එරෙහිව චෝදනා හතරක් අභියාචනාධිකරණය ඉදිරියේ ගොනුකරනු ලැබීය. ඒ මෙසේය.
- 2016 ජනවාරි 25 දින හෝ ඊට ආසන්න දිනයකදී, හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ගලගොඩඅත්තේ ඥානසාර වන යුෂ්මතා එකී අධිකරණයේ පැවැති කිසිදු නීති කෘත්‍යයකට කිසිදු නෛතික සම්බන්ධතාවක් නොමැතිව හෝ එබඳු නීති කෘත්‍යයක පාර්ශ්වකරුවකු නොවෙමින් හෝ, අධිකරණය ඇමතීම සඳහා අධිකරණයේ නිසි අවසරය ලබාගැනීමකින් තොරව, හිතාමතාම සහ ඕනෑකමින්ම අධිකරණය ඇමතීම මගින් අධිකරණ කටයුතුවලට බාධා කිරීමෙන් සහ එම අධිකරණයේ ආධිපත්‍යයට සහ ගරුත්වයට අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන් හා අවමන් කිරීමෙන් සහ යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලයට අනර්ථකාරී වන ලෙස හැසිරීමෙන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ දඬුවම් ලැබිය හැකි, අධිකරණයට අපහාස කිරීමේ වරද කිරීම.
- එම ක‍්‍රියාකලාපයේදීම යුෂ්මතා අධිකරණය විසින් දෙන නියෝග පිළිනොගන්නා බවට සහ රටේ පවත්නා නීතිය අනුගමනය නොකළ යුතු බවට, කිසිදු නීත්‍යනුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින්ම ප‍්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පැවැසීම මගින්, එම අධිකරණයේ ආධිපත්‍යයට හා ගෞරවයට අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන් හා අවමන් කිරීමෙන් සහ යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලයට අනර්ථකාරී වන ලෙස හැසිරීම.
- එම ක‍්‍රියාකලාපයේදීම යුෂ්මතා, අධිකරණය යුෂ්මතා පවසන පරිදි කටයුතු කළ යුතු බව පවසමින් බී7417/10 දරන නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස කිසිදු නීත්‍යනුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින්ම අණකර සිටීම මගින් අධිකරණ කටයුතුවලට බාධා කිරීමෙන් සහ එම අධිකරණයේ ආධිපත්‍යයට හා ගරුත්වයට අභියෝග කිරීමෙන් අගෞරව කිරීමෙන් හා අවමන් කිරීම.
- ඉහත ක‍්‍රියාකලාපයේදීම යුෂ්මතා බී7417/10 දරන නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ දිලීප පීරිස් මහතාට කිසිදු නීත්‍යනුකූල අවසරයකින් තොරව, හිතාමතාම සහ ඕනෑකමින්ම පරිභවාත්මක වචනයෙන් ඇමතීම මගින් එනම්, ‘නපුංසක රාජ්‍ය නිලධාරියා’ ලෙස පැවසීම මගින් (‘අපිට මේ රජයේ නීතිඥවරුන්ගෙන් ඒවා අහන්න කිසිම වැඩක් නැහැ. ඔවුන් නපුංසකයන්’* එම අධිකරණයේ ආධිපත්‍යයට හා ගරුත්වයට අභියෝග කිරීමෙන් අගෞරව කිරීම හා අවමන් කිරීම.
මේ චෝදනා සම්බන්ධයෙන් ඥානසාර හිමියට එරෙහිව පැවැති, අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩු විභාගයේදී, එවකට හෝමාගම මහේස්ත‍්‍රාත් මෙන්ම මේ අපහාස නඩුවේ පැමිණිලිකරු රංග දිසානායක, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් හා නීතිඥ උපුල් කුමරප්පෙරුම සාක්ෂි දුන්හ. නීතිඥ කුමරප්පෙරුම එම නඩුවේ සන්ධ්‍යා එක්නැලිගොඩගේ නීතිඥවරයාය.
අභියාචනාධිකරණ තීන්දුව
අවසානයේ අභියාචනාධිකරණය තීන්දු කළේ, ඥානසාර හිමි චෝදනා හතරටම වැරදිකරු බවය.
ඒ අනුව, පළමුවැනි චෝදනාවට අවුරුදු 4ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක්ද, දෙවැනි චෝදනාවට අවුරුදු 4ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක්ද, තුන්වැනි චෝදනාවට අවුරුදු 6ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක්ද, හතරවැනි චෝදනාවට අවුරුදු 5ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක්ද යනාදි ලෙස අවුරුදු 19ක සිරදඬුවමක් නියම කරන ලදි. ඒ සිරදඬුවම් එකවර ගෙවී යන පරිදි නියම කර ඇති හෙයින්, ඔහු විඳිය යුතුව තිබුණු උපරිම සිරදඬුවම අවුරුදු 6කි.
මේ භික්ෂුව අධිකරණයට අපහාස කිරීම යටතේ වරදකරු කරමින් හා ඔහුට සිරදඬුවම් නියම කරමින් සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන හා විනිසුරු ශිරාන් ගුණරත්න දෙදෙනාගෙන් සැදි අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල සිය තීන්දුවේ මෙසේ ලියා ඇත.
සාධාරණ සැකයෙන් තොරව
‘සියලූම සාක්ෂි එකතුකොට සලකා බැලූ කල, චෝදනාවල දැක්වෙන පරිදි, විත්තිකරු සිය ප‍්‍රකාශ අධිකරණය ඉදිරියේ තමන්ගේම වුවමනාවෙන්, මහේස්ත‍්‍රාත්වරයාගේ ප‍්‍රකාශිත හෝ හැඟවුණු හෝ අවසරයකින් තොරව කර ඇති බව මේ අධිකරණය නිගමනය කරයි. තමාට වුවමනා නියෝගයක් මහේස්ත‍්‍රාත්වරයාගෙන් ලබාගැනීම සඳහා මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනය කිරීම සඳහාවූ චේතනාවක් ඔහුට තිබුණු බව ඉතා බලවත් සාක්ෂි මගින් මේ අධිකරණය ඉදිරියේ සාධාරණ සැකයකින් තොරව තහවුරු කර ඇත. එම අවස්ථාවේ විත්තිකරුගේ පෙනීසිටීම අහඹුවක් හෝ හදිසියේ වූවක් හෝ නොවේ. තමාට වුවමනා නියෝගයක් අධිකරණයෙන් ලබාගැනීම සඳහා, එනම් (එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ* සැකකරුවන්ට ඇප ලබාගැනීම සඳහා හොඳින් ගණන් බලා කරන ලද, චේතනාන්විත හා සැලසුම් සහගත ක‍්‍රියාවකි. විත්තිකරු නැගීසිට අධිකරණය අමතා ඇත්තේ, මහේස්ත‍්‍රාත්වරයා එම නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදීම ප‍්‍රතික්ෂෙප කොට, එම නඩුවේ එදින කටයුතු අවසන් කොට, ඊළඟ නඩුව අඬගැසූ අවස්ථාවේය.
ඒ අවස්ථාවේ අධිකරණයෙන් පිටත සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් හා නීතිඥ උපුල් කුමරප්පෙරුම, වහා අධිකරණය තුළට නැවත දිව ආවේ අපහසුවට පත්ව සිටි මහේස්ත‍්‍රාත්වරයාට සහාය වන්නටය. ඒ අවස්ථාවේදී විත්තිකරු, දිලීප පීරිස් මහතාට ‘නපුංසකයා’ කියා අසභ්‍ය ලෙස බැනවැදී පසෙකට වී ඉඳගන්නැ’යි ඔහුට විධාන කළේ, අසීරුවට පත්ව සිටි මහේස්ත‍්‍රාත්වරයාට සහායවීමට ඇති අවස්ථාව ඔහුට අහිමි කරමිනි.
ඒ අවස්ථාවේ අධිකරණයෙන් පිටත සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් හා නීතිඥ උපුල් කුමරප්පෙරුම, වහා අධිකරණය තුළට නැවත දිව ආවේ අපහසුවට පත්ව සිටි මහේස්ත‍්‍රාත්වරයාට සහාය වන්නටය. ඒ අවස්ථාවේදී විත්තිකරු, දිලීප පීරිස් මහතාට ‘නපුංසකයා’ කියා අසභ්‍ය ලෙස බැනවැදී පසෙකට වී ඉඳගන්නැ’යි ඔහුට විධාන කළේ, අසීරුවට පත්ව සිටි මහේස්ත‍්‍රාත්වරයාට සහායවීමට ඇති අවස්ථාව ඔහුට අහිමි කරමිනි.
සමාව ඉල්ලූවේ නැහැ
විත්තිකරු මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ හෝ මේ අධිකරණය ඉදිරියේ කිසිදු සමාවක් ඉල්ලා සිටියේ නැත. තමාගේ ක‍්‍රියාව නීතියට අනුකූලයැ’යි ඔහු තදින් අවධාරණය කළේය. ඒ ඔහු, සැකකරුවන්ට ඇප නියම කිරීම සඳහා මහේස්ත‍්‍රාත්වරයා වෙත තර්ජනය කර තිබියදීය. ඔහු කරන්නට වෑයම් කර ඇත්තේ කුමක්ද? ඊට පෙර මහේස්ත‍්‍රාත්වරයා ගත් තීරණයක් ආපස්සට හරවන්නටය. මීට පෙර දක්වන ලද පරිදි, විත්තිකරුගේ ස්ථාවරය වුණේ, එය අධිකරණයට අපහාසයක් නොවන බවය. මෙය අඩුගණනේ පසුතැවිලි වීමට තරම්වත් දෙයක් නොවන බවට ඔහු සිතන බවක් පෙනිණි.
පිළිකුල් සහගතයි, ඉවසිය නොහැකියි
වෙනත් අධිකරණවලට හා විනිශ්චය අධිකාරවලට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමට පුළුල් බලතල ව්‍යවස්ථාදායකය, අභියාචනාධිකරණයට ලබාදී ඇත. ඒ නිසා රටේ නීතියට අනුව යුක්තිය පසිඳලීම උදෙසා, මේ රටේ සියලූ අධිකරණ, සියලූ ආකාරයේ තර්ජනවලින් සහ අයුතු බලපෑම්වලින් නිදහස් මෘදු ක‍්‍රියාකාරිත්වයක් සහිත බව සහතික කිරීම මේ අධිකරණයේ උනන්දුමත් වගකීම වන්නේය. මේ කරුණු මත, විත්තිකරුගේ පිළිකුල දනවන ක‍්‍රියාකලාපය මේ අධිකරණය බැ?රුම් ලෙස සලකයි. කවර මිනුම් දණ්ඩකට අනුව බැලූවත් ඒවා ඉවසිය නොහැකිය.’
මේ තීන්දුවේ සඳහන් වන්නේ, රටේ සමස්ත අධිකරණ පද්ධතියට ඥානසාර හිමි විසින් කරන ලද අපහාසය, කෙතරම් බැ?රුම් ලෙස අභියාචනාධිකරණය සලකා ඇද්ද කියාය. රටේ අධිකරණ බලය හිමිවන්නේ ජනතාවටය. එය පස්වැදෑරුම් ජනතා පරමාධිපත්‍යයේ එක් කොටසකි. ඒ අධිකරණ බලය, ජනතාව විසින් පාර්ලිමේන්තුවට පවරන අතර, පාර්ලිමේන්තුව අධිකරණ පද්ධතිය මගින් එම බලය ක‍්‍රියාත්මක කරවයි. ඒ නිසා, අධිකරණයට අපහාස කිරීම වූ කලි, එක් අතෙකින් අධිකරණ පද්ධතියටත්, ඊළඟට පාර්ලිමේන්තුවටත්, අවසානයේ ජනතාවටත් කරන අපහාසයක්, අවමානයක් වන්නේය. ඥානසාර භික්ෂුව කර ඇත්තේ එවැනි අවමානයකි. තමා කැමති නියෝගයක් ලබාගැනීම සඳහා, එනම් ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ගැන සැකකරුවන්ව සිටින යුදහමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ඇප ලබාගැනීම සඳහා, තමාට නීත්‍යනුකූල අවසරයක් නැති වේලාවක, තමාට කිසිම සම්බන්ධයක් නැති නඩුවකට, ඒ නඩුවේ විමසීම අවසන් කර තිබියදීත්, අතරමැදට පැන මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනය කිරීම ඥානසාර භික්ෂුව විසින් කරනු ලැබ ඇත.
ජනාධිපතිවරයාද
ඥානසාර හිමි වාගේය
මෙවැනි බරපතළ වරදකට සිරදඬුවම් ලද ඥානසාර හිමිට ජනාධිපති සමාවක් දීමෙන් ජනාධිපති මෙත්‍රෙීපාල සිරිසේනද කර ඇත්තේ තවත් වටයකින් අධිකරණයට අපහාස කිරීමකි. එපමණක් නොවේ, ඥානසාර හිමි අධිකරණයට කළ අපහාසය තමාද අනුමත කිරීමකි. ඥානසාර හිමි මෙන්ම හැසිරීමකි. අධිකරණයේ ආරක්‍ෂාව සැපයිය යුතු විධායකය මේ ආකාරයෙන් හැසිරෙන විට, රට යන කනගාටුදායක අන්තය ගැන කිවහැක්කේ කුමන අවාසනාවන්ත කතාවක්ද?
මේ නම්, ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය යුතු වරදකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසුව, මෙවැනි අවස්ථාවකදී ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය හැකිය. මීට පෙර පෙබරවාරි 4 වැනිදා ඥානසාර හිමිට සමාව දීමට ජනාධිපතිවරයා සූදානම් වන බව ආරංචි වූ විට ඊට එරෙහිව නඩු පැවරීමට සූදානම් වූ රටේ ප‍්‍රමුඛ නීතිඥවරුන් කණ්ඩායම දැන් ඒ සඳහා සූදානම් වෙමින් සිටිති.
අවුරුද්දක්වත් නෑ
ඥානසාර හිමි අවුරුදු 19ක බරපතළ සිරදඬුවමකට ලක්කරමින් අභියාචනාධිකරණය තීන්දුව දුන්නේ, 2018 අගෝස්තු 8 වැනිදාය. එතැන් සිට මේ දක්වා ගෙවී ඇත්තේ මාස නවයහමාරක් පමණකි. ඒ අනුව, ඔහු අවුරුදු හයක සිරදඬුවමෙන් අඩක්වත්, අඩුගණනේ කාලක්වත් ගෙවා නැත. සමාවක් දෙන්නට හිතන්නටවත්, දඬුවමෙන් කිසියම් සැලකිය යුතු කාලයක් ගතකොට තිබිය යුතුය. අවුරුදු හයක දඬුවමෙන් මාස නවයක් ගෙවෙන විට සමාවක් ලැබෙන්නේ නම්, මේ රටේ නීතියක්, අධිකරණ පද්ධතියක් හා බන්ධනාගාර තිබිය යුතු නැත.
අභියාචනාධිකරණය කියන පරිදි, මහේස්ත‍්‍රාත් අධිකරණයේ හෝ අභියාචනාධිකරනයේදී හෝ ඔහු තමා කළ වරද ගැන සමාවක් ගත්තේ නැත. අඩු ගණනේ තමා කළ දේ ගැන පසුතැවිලි වන්නට සූදානමක්වත් ඔහු පෙන්වා නැත.
සමාව දීම සඳහා, පසුතැවිලි වීමට අමතරව, සලකා බැලිය හැකි තවත් කාරණයක් නම්, බන්ධනාගාරය තුළ යහපත් කල්ක‍්‍රියාවෙන් ගතකිරීමය. එහෙත්, හෝමාගම අධිකරණය තුළදී නීතිය කඩකළා මදිවාට බන්ධනාගාරය තුළ හිඳිමින්ද ඥානසාර භික්ෂුව නීතිය කඩකළේය. සිරකරුවකු ඇඳිය යුතු ජම්පරය වෙනුවට සිවුරම අඳිමින්, බන්ධනාගාර රෝහලේ බලහත්කාරයෙන් රැුඳී සිටිමින්, එහි වෛiවරියනට කුණුහරුපයෙන් බනිමින්, තමන්ගේම කුඩා අධිරාජ්‍යයක් පවත්වාගෙන ගිය ඥානසාර හිමියන්, සමාව ලැබීමට සුදුසු කල්ක‍්‍රියාවක් කිසිසේත් පෙන්වූයේ නැත. ඔහු එදත්, අදත් හැසිරෙන්නේ තමා නීතියට උඩින් සිටින්නකු ලෙස සලකාය. දැන් ජනාධිපතිවරයා සමාව දෙන්නේ මෙවැනි නොහික්මුණු පුද්ගලයකුටය. ඒ හරහා ජනාධිපති සිරිසේන රටේ යුක්තිගරුක මිනිසුන්ට දෙන අසුබ පණිවුඩය කුමක්ද?
මුස්ලිම් ජනතාවට ජනාධිපතිගේ සංඥාව
අපේ‍්‍රල් 21වැනිදා පාස්කු ප‍්‍රහාරයත් සමග මේ වන විට, බලහත්කාරයෙන් සිය නිවෙස් ඉදිරිපිට බෞද්ධ කොඩි හා වෙසක් කූඩු එල්ලීම වැනි, සිංහලයන්ගේ විවිධාකාර කෙනෙහිලිකම්, තර්ජන, සාමූහික ප‍්‍රහාර හා බියගැන්වීම් මෙන්ම ආරක්‍ෂක අංශ විසින් අනීතික අත්අඩංගුවට ගැනීම්, මාධ්‍ය විසින් ත‍්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා ප‍්‍රචාරය කිරීම් ඇතුළු අනේකවිධ හිංසාවන්ට පාත‍්‍රවී, බියෙන් තැතිගැන්මෙන් සිටින ලංකාවේ ලක්‍ෂ විස්සක් පමණ වන මුස්ලිම් ජනතාවට, මේ මොහොතේ ජනාධිපතිවරයා ගත් තීරණය දැනෙනු ඇත්තේ කෙසේද?
ඥානසාර හිමි යනු, සිය භාවිතාව තුළින්ම උග‍්‍ර මුස්ලිම් විරෝධියකු බව ඔප්පු කර ඇත්තෙකි. ඔහුගේ ප‍්‍රධානත්වයෙන් මුස්ලිම් ජනතාවට කෙරුණු විවිධ හිංසාවන් ඇත්තේ සුළු ප‍්‍රමාණයක් නොවේ. 2014 ජුනි මාසයේදී, අලූත්ගම, බේරුවල මුස්ලිම් ජනතාවට එරෙහිව කළ මහා විනාශකාරී ප‍්‍රහාරය ඇවිළුණේ ඥානසාර හිමියන් නිසා බව, සියල්ලෝම දනිති. එහෙත්, ඒ ගැන කිසිම අපරාධ පරීක්‍ෂණයක් සිදු නොවුණේය. ඒ අතර, 2014 සැප්තැම්බර් 28 වැනිදා, මියෙන්මාරයේ අශ්වින් විරුතු භික්‍ෂුව ලංකාවට කැන්දාගෙන ඇවිත්, මහ ඉහළින් අගය කොට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී බොදු බල සේනා සමුළුවක් පැවැත්වීමෙන්ද ඥානසාර හිමියන් පෙන්වූයේ තමාගේ අත්‍යන්ත මුස්ලිම් විරෝධයයි.
විරතු භික්‍ෂුව යනු මියෙන්මාරයේ මුස්ලිම් ආගමිකයන්ට එරෙහිව මහා ප‍්‍රහාරයක් මෙහෙයවූ, 969 සංවිධානයේ නායක, චීවරධාරී ආගමික අන්තවාදියෙකි. සුප‍්‍රකට ‘ටයිම්’ සඟරාව ‘බෞද්ධ ත‍්‍රස්තවාදයේ මුහුණුවර’ නමින් මේ විරතු භික්‍ෂුව ගැන කවරයේ කතාවක් පළකළේ, ඔහු මියෙන්මාරය තුළ සංවිධානය කර, නායකත්වය දී පවත්වාගෙන ගිය, රෝහිංග්යා මුස්ලිම්වරුන්ට එරෙහි බිහිසුණු ඝාතන හා ප‍්‍රහාර මාලාව නිසාය. දසතින් නැග ආ විරෝධය හමුවේ, විරතු භික්‍ෂුවට එරෙහිව, ධර්ම දේශනා කිරීමට පවා තහනමක් පැනවීමට මියෙන්මාර රජයට සිදුවිය. මියෙන්මාරයේ කීර්තිමත් නායිකා අවුන් සාං සුකීට හිමි තිබුණු සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගය පවා ආපසු ලබාගත යුතු බවට ලෝකය පුරා මහා විරෝධයක් පැනනැගුණේ විරතු ඇතුළු මේ අන්තවාදීන්ගේ ප‍්‍රහාර නිසි ලෙස මැඬපවත්වන්නට ඇය අසමත්වූ බව කියමිනි. එකී අන්තවාදී විරතු හිමියන් සමග ගිවිසුමක් අත්සන් කරන බව ඥානසාර හිමි එදා සුගතදාස ක‍්‍රීඩාංගණයේදී කීවේය. ඒ කුමකටදැයි කියා අලූතෙන් කිවයුතු නැත.
එක ?නේ අන්තවාදීන් එකට කූඩු බඳින හැටි කෙසේද යත්, විරතු භික්ෂුව, ඥානසාර හිමි සිරගෙයි සිටියදී ඔහු ධෛර්යමත් කරන ලියුමක් පවා එව්වේය.
ජනාධිපතිත්
මුස්ලිම් විරෝධියෙක්ද?
ඥානසාර හිමියන් වැනි අපරාධකාරී ඉතිහාසයක් ඇති පුද්ගලයකුගෙන් මානව හිතවාදී ක‍්‍රියාකාරකම් බලාපොරොත්තු විය හැකි නොවේ. එහෙත්, ජනාධිපතිවරයා එවැනි මුස්ලිම් විරෝධියකු විය යුතුද? මේ මොහොත් ඔහු එළියට දැමීමෙන් ජනාධිපති සිරිසේන මොනවා බලාපොරොත්තු වනවා ඇද්ද? එකක්, ඊළඟ ජනාධිපතිවරණයේදී තමාට සිංහල ජාතිවාදීන්ගේ හා අන්තවාදීන්ගේ ඡුන්ද ලබාග ැනීමටය. ඒ වගේම, ඥානසාර හිමි යොදවා, සුළුතර වාර්ගි කයන් සතුරන් බවට පත්කිරීමෙන් ‘ලේ කකියන’ තවත් බහුතර සිංහල බෞද්ධ පිරිස් තමා වටා රොක්වනු ඇති බව ඔහු සිතනවා වෙන්නටත් පුළුවන. 2015 දී මෛත‍්‍රීපාල සිරිසේන බලයට ආවේ, රාජපක්ෂ පාලන සමයේ ඥානසාර භික්ෂුව ඇතුළු අනෙකුත් අන්තවාදීන් මුස්ලිම් ජනතාව ඇතුළු සුළුතර වාර්ගිකයන්ට එල්ල කළ ප‍්‍රහාරවල අමිහිරි මතකයන් ජනාධිපති මැතිවරණ වේදිකාවල විස්තර කරමිනි. ඒවාට එරෙහිව ක‍්‍රියාකරනවා වෙනුවට ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු රාජපක්‍ෂ පාලනය, ඒවා අනුමත කරමින් හා ඒවාට උඩගෙඩි දෙමින් කටයුතු කිරීම හෙළාදකිමිනි. නැවත වරක් ශ‍්‍රී ලංකාව තුළ එවැනි තත්ත්වයක් නිර්මාණය නොකරන බවට පොරොන්දු දෙමිනි. මේ නිසා, දෙමළ මුස්ලිම් සුළුතර වාර්ගිකයන්ගේ ඡුන්ද පදනමෙන් සියයට 99ක්ම ලැබුණේ ජනාධිපති සිරිසේනටය.
සුළුතර වාර්ගිකයන්ගේ ඡුන්දයෙන් බලයට ආ ජනාධිපති සිරිසේනට, ඒ සුළුතරයන්ට හානි කළ ඥානසාර භික්ෂුව වැන්නන් යළිත් සමාජයට මුදා නොහැරීමේ, අඩුම ගණනේ මෙවැනි තීරණාත්මක වේලාවක මුදා නොහැරීමේ වගකීමක් තිබිණ. එහෙත් අපේ ජනාධිපතිවරයා එවැනි සංකීර්ණ තත්ත්වයන් තේරුම් ගැනීමට තරම් නිසි කල්පනාවකින් යුක්තවූවෙක් නොවේ.
පුනරුත්ථාපනය නොවූ, තමන් කළ වැරදි ගැන පසුතැවිලි නොවන, නීතියට ඉහළින් තමා ඉන්නේයැයි සිතන ඥානසාර හිමියන් වැන්නන් යළිත් සමාජයට මුදාහළ විට සිදුවිය හැකි විනාශය අලූතෙන් පැහැදිලි කළ යුතු නැත. පහන අත ගා යක්ෂයා එළියට ගත් පසු යක්ෂයාගේ හැසිරීම ගැන පහන අතේ ඇත්තාට පාලනයක් නැත. ජනාධිපති සිරිසේන රට ගෙනයන්නේ එවැනි අන්තයකටද?x