No menu items!
19.1 C
Sri Lanka
21 January,2025

මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් සිද්ධි 180ක්

Must read

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් දිවයින පුරා සිදු වී ඇති තනි පුද්ගල සිද්ධි 180 ක්ද  මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ගිනි තැබීම්  සහ ගල්වලින් පහරදීමේ සිදුවීම්4 ක් ද වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්. අමින් අනිද්දාට පැවසීය.

කුලියාපිටියේ ඒදන්ඩ ගම්මානයේ පිහිටා ඇති මුස්ලිම් දේවස්ථානයකට  මැයි 1 වන දින දැඩි හානි කර ඇති බවත්, පාස්කු ප්‍රහාරය සිදු වූ දින රාත්‍රියේ බණ්ඩාරගම ව්‍යාපාරික ස්ථානයක් ගිනි තබා ඇති බවත්, මාවනැල්ල සිටි කොලේජ් නම් පෞද්ගලික පාසල ගිනි තබා ඇති බවත් ඒ මහතා පැවසීය.

ඇති වී ඇති තත්වය නිසා මුස්ලිම් ජනතාව විශාල ලෙස බියට පත් වී ඇති බවත් මෙම තත්වය සාකච්ඡා කිරීමට පසුගිය මැයි 1 වන දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු වැඩ බලන පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත් ඒ මහතා පැවසීය. ■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි