No menu items!
19.2 C
Sri Lanka
20 January,2025

පොහොට්ටු සහාය මෛත්‍රීට දෙන්න සාකච්ඡා

Must read

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම ධුර කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් කැඳවුවහොත් එම ජනාධිපතිවරණයේදී සිරිසේන මහතාට සහයෝගය දැක්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මතයක් ඇතැයි එම පක්ෂයේ ප්‍රබලයෝ පිරිසක් ‘අනිද්දා’ට කීහ.

ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වුවහොත් හා එයට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වුණොත්, සිරිසේන මහතාට සහාය දීම හැර විකල්පයක් නැතැයිද ඔවුහු පැවසූහ. කෙසේ වෙතත් ඉහත කී අන්දමේ තත්වයක් ඇති වුවහොත් චමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස වෙනම ඉදිරිපත් කළ යුතු බවට පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ තවත් මතයක් ඇති බවත් ඔවුහු පෙන්වූහ. 

අනිද්දා කළ විමසීමකදී, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ හදිසි ජනාධිපතිවරණයක් ගැන තමාටද ආරංචි වී තිබෙන බවයි. එසේ වුවහොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහාය දීම හැර වෙන විකල්පයක් නැති බව ඔහු පැවසීය. පසුගිය කාලයේදී මත්ද්‍රව්‍ය විරෝධී සටන්පාඨය  නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අපේක්ෂා නොකළ අන්දමේ ජනප්‍රියත්වයක් හිමිවී තිබෙන බවද ඔහු කීවේය. දෙමළ හා මුස්ලිම් ජනවර්ගවල ජනප්‍රියත්වය දිනාගැනීමේ වැඩි අවස්ථාවක්ද තිබෙන නිසා ජනාධිපතිවරයාට ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් තිබෙන බවත් ඔහු කීවේය. තම කණ්ඩායමෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම එක්සත් ජාතික පක්ෂය දිනවීමේ යෝජනාවක් බවත් ඔහු වැඩිදුරටත් කීවේය. තවමත් එවැනි තත්වයක් ගැන කණ්ඩායමේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් සිදුවී නැති නිසා කුමක් සිදුවේදැයි  නිශ්චිතව කිව නොහැකි බව නානායක්කාර මහතා කීවේය. ■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි