No menu items!
24.7 C
Sri Lanka
20 January,2025

අහිංසක වෙන්න ගෝඨාගෙන් වාසුට පොරොන්දු

Must read

තමන් මිලිටරි ප්‍රතිපත්තිවලින් ඈත් වෙන බවත් අහිංසකයන්ගේ ආරාමය නම් ස්මාරකය සඳහා පාර්ලිමේන්තුව අවටින් ඉඩමක් ලබාදෙන බවත් පොරොන්දු වීම නිසා ගෝඨාභය රාජපක්ෂට මීළඟ ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදීමේ හැකියාවක් පවතින බව වාසුදේව නානායක්කාර මහතගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ විධායක කමිටු සාමාජිකයෙක් අනිද්දා සමඟ කීය.

අප්‍රේල් 16 වැනිදා එම පක්ෂ විධායක කමිටුව ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ  එසේ පොරොන්දු වූ බවද එම සාමාජිකයා කීය.

තමන් තරුණ කාලයේ සිට පක්ෂ දේශපාලනයට වැඩිපුර සම්බන්ධ නොවූ බවත් යුද හමුදාවේ සේවය කළ බවත්, ඒ නිසා තමන්ට මිලිටරි ආකල්ප හුරු බවත් එම සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ කියා ඇත. තමෘ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි කාලයේදීත් මිලිටරිමය තීන්දු ගත් නමුත් ජනාධිපති ධුරයට පත් වුවහොත් මිලිටරි තීන්දු නොගන්නා බව ගෝඨාභය රාජපක්ෂ එහිදී කී බව ඔහු කීය. 

එම සාකච්ඡාවේදී එසේ ප්‍රකාශ කළත් ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ පැරණි ප්‍රතිපත්ති වෙනස් නොකරන බවද වියත් මඟ සංවිධානයේ ප්‍රසිද්ධ රැස්වීම්වලදී මීට පෙර කියා තිබේ.

මෙම හමුව පිළිබඳ අප කළ විමසීමකදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මිලිටරි තීන්දු නොගන්නා බවට සංඥාවක් ලැබුණේයැයි තමන්ට කිව හැකි බවයි. කෙසේවෙතත් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂට ලබාදෙන්නේදැයි තවම නිශ්චිතව කිව නොහැකි බව ඔහු කීය. ගෝඨාභය රාජපක්ෂට එරෙහි වීමට හේතූන් හා තම පක්ෂයේ ප්‍රතිපත්ති ගෝඨාභය රාජපක්ෂට තේරුම්ගැනීමේ පහසුව පිණිස ඉංග්‍රීසි භාෂාවෙන් ලිඛිතව ලබාදුන් බවත්, එයට නිශ්චිත ප්‍රතිචාර ලැබෙන තෙක් බලා සිටින බවත් ඔහු කීය. ■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි