No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

එජාප පසුපෙළට නොනිල වරප්‍රසාද

Must read

මන්ත්‍රීවරුන් 25 දෙනෙකුගෙන් පමණ සංවිධානය වී කටයුතු කරන එජාපයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් ආණ්ඩුවෙන් ඒවාට ලැබෙන ප්‍රතිචාර අයහපත් වන අවස්ථාවලදී තර්ජනාත්මකව තමන්ට තනතුරු, වරදාන සහ වරප්‍රසාද ලබාගනිමින් සිටින බව අනිද්දා වෙත වාර්තා වෙයි.

මෙම මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවන පුද්ගලයන් රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක යන එජාපයේ ඉහළම නායකයන් තුන්දෙනා සමගම හිතවත්කම් පවත්වමින් ඔවුන්ට නොයෙක් තර්ජන කර අධීක්ෂණ මන්ත්‍රීධුර, වාහන සහ තවත් වරප්‍රසාද රැසක් ලබාගෙන ඇත. මේ අනුව පසුපෙළ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුට මේ වනවිට ඉන්ධන පිරවුම්හල් සඳහා අවසරපත්‍ර ලැබී ඇත. තවත් පිරිසක් අමාත්‍යාංශවල කටයුතුවලට ඍජුව මැදිහත් වෙමින් ටෙන්ඩර් ගනුදෙනුවලට පවා මැදිහත් වෙන බව දැනගන්නට ඇත.

මේ පිළිබඳව අනිද්දා පසුපෙළ ප්‍රබලයෙකු වන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේගෙන් විමසූවිට ඔහු ප්‍රකාශ කළේ, පසුපෙළ මන්ත්‍රීවරුන් බොහොමයක් ඉන්ධන පිරවුම්හල් සඳහා අයදුම්පත් යොමුකර ඇති බවය. ඒ අතරින් බොහෝ දෙනෙකුට ඉන්ධන පිරවුම්හල් සඳහා අවසරය ලැබී ඇති බවද ඔහු තහවුරු කළේය. මන්ත්‍රීවරයෙකු මෙලෙස ඉන්ධන පිරවුම්හල් ලබා ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවද ඔහු ප්‍රකාශ කළේය.  මීට අමතරව මන්ත්‍රීවරුන් 15ක් පමණ අධීක්ෂණ මන්ත්‍රී ධුර ලබාගෙන ඇති බවද තවත් 10 දෙනෙකු පමණ එම මන්ත්‍රී ධුර ප්‍රතික්ෂේප කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. අමාත්‍ය රවී කරුණානායක මුදල් හා විදෙස් අමාත්‍යාංශවල කටයුතු කරන සමයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ දෙකක පමණ මාසික දීමනාවක් ලබා දී ඇත. ■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි