No menu items!
19.9 C
Sri Lanka
20 January,2025

හදිසි ජනපතිවරණයක් ආවොත් චමල්

Must read

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ ගැටලුව විසඳාගැනීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හදිසි ජනාධිපතිවරණයක් කැඳවනු ලැබුවහොත් ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් චමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමේ දෙවෙනි සැලැස්මක් ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට මෑතකදී පොදුජන පෙරමුණට එකතුවූ හිටපු අමාත්‍යවරයෙක් අනිද්දා වෙත ප්‍රකාශ කළේය.

ජනාධිපති සිරිසේන පොදුජන පෙරමුණේ සහාය ලබාගනිමින් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ උත්සාහය තවදුරත් අතහැර නැති බව පෙනෙන්නේ යැයි ප්‍රකාශ කළ ඒ මහතා, තවදුරටත් ප්‍රකාශ කරන්නේ ගෝඨාභයගේ ආගමනය වැළැක්වීම සඳහා ජනාධිපති සිරිසේන ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවීමේ තත්ත්වයක්ද දැනට නිර්මාණය වී ඇති බවයි.

අයවැය තෙවැනි වර ඡන්ද විමසීමේදී ශ්‍රීලනිපය අයවැයට පක්ෂව ඡන්දය දෙන්නට තීරණය කළහොත් පක්ෂ දෙක අතර සන්ධානගත වීමේ සාකච්ඡා අවසන් වනු ඇතැයිද, එවැනි තත්ත්වයක් උදාවුවහොත් ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ඉක්මන් ජනාධිපතිවරණයකට යනු ඇති බවද ඒ මහතා ප්‍රකාශ කරයි.  පසුගිය මාර්තු 6වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු තානාපති කාර්යාලයට  පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා අයැදුම්පත ඉදිරිපත් කර ඇති අතර එම ලිපිගොනුව මේ වනවිට ඉදිරි ක්‍රියාමාර්ග සඳහා වොෂින්ටනය වෙත යවා ඇත. ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීමේ ක්‍රියාවලිය තරමක් කල් ගත වෙන ක්‍රියාවලියක් බව දැනගන්නට ලැබෙන අතර ‘සන්ඬේ ටයිම්ස්’ වාර්තා කරන්නේ ගෝඨාභයගේ මෙම පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ කටයුතු ඉක්මන් කරගැනීම සඳහා මිලින්ද මොරගොඩ මහතාගේ සහාය ලැබී ඇති බවය. ■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි