No menu items!
19.5 C
Sri Lanka
20 January,2025

ආරාමය හැදුවොත් ගෝඨාට කැමතියි : වාසු

Must read

අහිංසකයන්ගේ ආරාමය නම් ස්මාරකය යළි ඉදිකිරීම ඇතුළු යෝජනා කිහිපයකට එකඟ වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පිළිගැනීමට තමා සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය.
අසූව දශකයේදී ශ්‍රී ලංකා රජය විසින් ඝාතනය හා අතුරුදන් කරවන ලද පුද්ගලයන් වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය විසින් පාර්ලිමේන්තු මංසන්ධියේ මෙම ස්මාරකය ඉදිකර තිබුණි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි කාලයේදී මෙම ස්මාරකය කඩා බිඳ දමා දියත උයන ඉදිකළ බවත්, එම ක්‍රියාව ඇතුළු ගෝඨාභය රාජපක්ෂගේ චර්යාවේ ඇතැම් ලක්ෂණවලට තමා විරුද්ධ බවත් ඔහු කීය. එම ලක්ෂණ වෙනස් කරගැනීමට පොරොන්දු වුවහොත් තමාගේ සහාය හිමිවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
නානායක්කාර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාගැනීමට එරෙහිව මීට පෙර ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ අයෙකි. ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය ඇති අයෙකු නිසා ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට නුසුදුසු බවත් ඔහු පෙන්වාදී තිබුණි.
පුරවැසිභාවය පිළිබඳව විමසීමේදී නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශකළේ අපේක්ෂකත්වය ලැබුණොත් පුරවැසිභාවයේ ප්‍රශ්නය නිරාකරණය කරගත හැකියැයි ගෝඨාභය රාජපක්ෂ පැවසූ බවය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඒකාබද්ධ විපක්ෂය විසින් මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන තෝරා නොගත්තොත් මෛත්‍රීපාල සිරිසේන තනිව ඉදිරිපත් වීමට ඉඩකඩක් ඇතැයි ආරංචි වන බවයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂට මෛත්‍රීපාල සිරිසේන සහයෝගය දැක්වීමට ඉඩක් ඇතැයි විශ්වාස කරන බව ඔහු කීය. මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ අතර මිත්‍රත්වයක් පැවතීම එසේ කල්පනා කිරීමට හේතුව වන බව ඔහු කීය. ■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි