No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

විශේෂ උසාවිය නවත්වන්න ගෝඨා අභියාචනාධිකරණයට

Must read


තමාට විරුද්ධව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විභාගවෙමින් පවතින ඩීඒ රාජපක්‍ෂ කෞතුකාගාරය සම්බන්ධ නඩු විභාගයට එරෙහිව, එහි විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතා අභියාචනාධිකරණය ඉදිරියේ ගොනුකරන ලද රිට් පෙත්සම, මාර්තු 8වැනිදා අභියාචනාධිකරණයෙහිදී සලකා බැලීමට නියමිතය.


ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉදිරියේ ඉක්මනින් විභාග කොට අවසන් වීමට නියමිත තමාගේ නඩුව අත්හිටුවීම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.


මේ අතර, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු හැටියට වැඩ බැලීමට දීපාලි විජේසුන්දර මහත්මිය නැවත වාරයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්, මාර්තු 6 වැනිදා පත්කරනු ලැබුවාය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, ඇය අභියාචනාධිකරණ සභාපති ධුරයට පත්කිරීමට ජනාධිපති විසින් කරන ලද නාමයෝජනාව අනුමත නොකිරීමෙන් පසු, දෙවැනි වරටය.

අභියාචනාධිකරණ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහාවත් ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව විනිසුරුවරයකු පත්කිරීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලයක් නැති නිසා, මේ පත්කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව නීති විශාරදයන් පෙන්වා දී තිබේ.
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධ කල් තැබීමේ විවාදයේදී කතාකළ පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් කීවේ, අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියගේ දියණියගේ විවාහ මංගල්‍යය අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අලුත් ම මෝටර් රථයක් ඇයට තෑගි දුන් බවය.


අභියාචනාධිකරණයේ නඩු ඇසීමට විනිසුරුවරුන් පත්කරන්නේ එහි සභාපති විනිසුරුවරයා හෝ විනිසුරුවරිය විසිනි. ■

අරුණ ජයවර්ධන

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි