No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

ලොහාන් රජය සමග ගනුදෙනු කරල

Must read

රජය සමඟ ගණුදෙනු කිරීම පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරය දැරීමට නුසුදුසුකමක් ලෙස සැලකෙන ප‍්‍රතිපාදනය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ විසින් කඩකිරීම නිසා ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයකට නුසුදුසුවී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ එකී නුසුදුසුකමට භාජනය වී ඇත්තේ ඔහු අධ්‍යක්ෂධූරයක් දරණ වර්ල්ඞ් එයාර් ප‍්‍රයිවෙට් ලිමිටඞ් ආයතනයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය විදේශ සංචාරයක් සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේ ගණුදෙනුවක් හේතුවෙන්ය.

2014 වර්ෂයේ ඇමෙරිකාවේ ඉයුජින් නුවර පැවති කනිෂ්ඨ ලෝක ශුරතා මළල ක‍්‍රීඩා තරඟාවලිය සඳහා ශ‍්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක‍්‍රීඩකයන් දෙදෙනෙකු හා නිලධාරියෙකු යන තිදෙනා සඳහා මෙම ගුවන් ටිකට්පත් මිලදී ගැනීම සිදුකර ඇත.

එම තිදෙනාගේ ගුවන් ටිකට්පත් ගාස්තුව රුපියල් 1 150 500ක් වී ඇත.

මීට පෙර රජය සමඟ ගණුදෙනු කිරීම හේතුවෙන් 2000 – 2003 ආණ්ඩුව සමයේදී අමාත්‍ය රාජිත සේනාරත්නගේ මන්ත‍්‍රීධූරය අහෝසි කරනු ලැබූ අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ යේාජනාවක් සම්මත කරගනු ලැබීය.

යම් මන්ත‍්‍රීවරයෙකුගේ මන්ත‍්‍රීධූරය එම ප‍්‍රතිපාදනය යටතේ අහෝසි කිරීමට අවශ්‍ය නම් අභියාචනාධිකරණයට ඒ සඳහා පැමිණිල්ලක් ඉදිරිත් කළ යුතු අතර අභියාචනාධිකරණය එම නුසුදුසුකම තීරණය කළහොත් පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරගෙන එම අහෝසි කිරීම සිදුකළ හැකිය. රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ මන්ත‍්‍රීධූරය අහෝසි කිරීම සඳහා එම අවස්ථාවේ අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීවරයාය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයට ඉහත ප‍්‍රතිපාදනය යටතේම නුසුදුසු බවට වූ පැමිණිල්ලක්  කොළඹ නගර සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරියක විසින් අභියාචනාධිකරණයට යොමු කර ඇති අතර ඒ පිළිබඳ විභාගයන් ඉදිරියේදී පැවැත්වීමට දින නියම වී ඇත.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි