No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

යුද්ධයේදී අපරාධ කළ අයට දඬුවම් කළ යුතුයි : මහින්ද

Must read



යුද්ධයට මුවාවී අපරාධ කළ දෙපාර්ශ්වයේම පුද්ගලයන්ට දඬුවම් කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පෙබරවාරි 06 වන දින දෙමළ මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ප්‍රකාශ කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ නිවසේදී දෙමළ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන් පිරිසක් හමුවී ඇති අතර එම අවස්ථාවේ ඔහු එසේ පවසා ඇත.
යුද්ධයක් පැවැතෙන අවස්ථාවක මෙවැනි අපරාධ ඕනෑ තරම් සිදු විය හැකි බවත්ය. අදාළ අපරාධ සිදු කළ දෙපාර්ශ්වයේම හමුදා නිලධාරීන්ට රජය විසින් යම් පොදු සමාවක් ලබා දෙන්නේ නම් දෙපාර්ශ්වයටම ලබා දිය යුතු බවත් ඒ කාරණය පිළිබඳව ආණ්ඩුව විසින් එකඟතාවකට පැමිණිය යුතු බවත් ඒ මහතා පවසා ඇත.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ යුද්ධය මුවාවෙන් දෙපාර්ශ්වයම විසින් කාන්තාවන් ලිංගික අතවරයන්ට ලක් කර ඇති බවත් එම සිද්ධිවලට උසාවිය මඟින් දඬුවම් කීරීමට අවශ්‍ය බවත්ය.
මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් යුද්ධයේදී කිසිදු අපරාධයක් සිදු නොකළ බව ප්‍රකාශ කර තිබුණි.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි