No menu items!
20.5 C
Sri Lanka
19 January,2025

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වලයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්

Must read



ශ්‍රී ලංකාව දුර්වල ප්‍රජාතන්ත්‍රවාදයක් සහ ඒකාධිපති ප්‍රවණතා පෙන්නුම් කරන රටක් බව 2018 වසර සඳහා වූ දූෂණ සංජානන දර්ශකය මත පදනම් වෙමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සිය වාර්තාව මඟින් සඳහන් කරයි.
ලොව රටවල් 180 අතරින් මෙම දර්ශකයට අනුව ලකුණු 38ක අගයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව 89 වන ස්ථානයේ පසු වෙයි. එලෙසම දකුණු ආසියාව තුළ දූෂණය අතින් භූතානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියි. දකුණු ආසියාවේ අනෙකුත් රටවල් දූෂණය අතින් සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා පහළ ස්ථානයකය.
2017 වසරේදී ද ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 89 වන ස්ථානයයි. එලෙසම මෙම දර්ශකයේ ලකුණු අනුව 2015 සිට 2018 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ලකුණු 36 සිට 38 අගයක් අතර දෝලනය වෙමින් පැවති බව එම වාර්තාව අනාවරණය කරයි.
මේ අනුව ලකුණු අගය 75 ක සාමාන්‍ය අගයක් ලබන රටවල් පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටවල් ලෙසත් ලකුණු අගය 45 ක සාමාන්‍ය අගයක් ලබන රටවල් දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙසත් ලකුණු 35 ක සාමාන්‍ය අගයක් ලබන රටවල් ප්‍රජාතන්ත්‍රවාදී එහෙත් ඒකාධිපති ප්‍රවණතා සහිත දෙමුහුන් රටවල් ලෙසත් එම දර්ශකය අනුව වර්ග කෙරේ.■

වරුණ සූරියආරච්චි‍

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි