No menu items!
20.7 C
Sri Lanka
19 January,2025

කරන්නාගොඩගේ ඉරණම නීතිපති අතේ

Must read



හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ පුද්ගලයන් එකළොස්දෙනෙකු පැහැරගෙන ඝාතනය කරනු ලැබුවේයැයි කියන සිද්ධියට සැකකරුවෙකු ලෙස නම් කිරීම හෝ නොකිරීම නීතිපතිවරයා සතු කාර්යයක් බව අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ අදහස වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට මාස කීපයකට පෙර බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මෙම සිද්ධියේ සැකකරුවෙකු බවට පත්කිරීමට අවශ්‍ය තරම් හේතු තිබෙන බවය. ඒ, ඔහු මෙම සිද්ධියේ සියලු තතු දැන සිටියා යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු අනාවරණය වී තිබීම හේතුවෙනි.
එකී තොරතුරු පරිශීලනය කර නීතිපති දෙපාර්තමේන්තුව වසන්ත කරන්නාගොඩ මෙම නඩුවේ සැකකරුවෙකු වශයෙන් නම් කරනවාද නැද්ද යන්න පිළිබඳව අධිකරණය දැනුවත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දිය යුතුව තිබුණත්, තවම ඒ සඳහා උපදෙස් ලබා දී නොමැත.
පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදැයි කියන මෙම සිද්ධිය මුලින්ම අනාවරණය වී ඇත්තේ තමන්ගේ ශරීර ආරක්ෂකයා සේ කටයුතු කළ සම්පත් මුණසිංහ පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට කරන පැමිණිල්ලක් විමර්ශනය කිරීමේදීය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි