No menu items!
20.5 C
Sri Lanka
24 November,2024

ඇමෙරිකාවට අවසර ගෝඨාගෙන්

Must read



ශ්‍රී ලංකාවේ දේශ සීමාවට ඇතුළුවීම සඳහා ඇමෙරිකානු හමුදාවට අවසර ලැබී ඇත්තේ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාව සමග අත්සන් තැබූ ඇක්සා නම් ගිවිසුමක් නිසා බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.
ඇක්විසිෂන් ඇන්ඞ් ක්‍රොස් සර්විසස් ඇග්‍රීමන්ට් හෙවත් ඇක්සා ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ දේශසීමාව තුළට ඇමෙරිකානු හමුදාවට ඇතුළුවීමට හා මිසයිල, රසායනික අවි, ටෝපිඩෝ ආදි බර අවිආයුධ පද්ධති නොවන වෙනත් පහසුකම් ගෙනඒමට අවසරය ලැබෙයි. ඇමෙරිකානු දේශසීමාවට ඇතුළුවීමට ශ්‍රී ලංකාවටද අවස්ථාව හිමිවෙයි. ආහාර, ජලය, ඇඳුම්, ඖෂධ ආදි පහසුකම් ඒ අනුව ගෙන ආ හැකිය. එලෙස ගෙන එන භාණ්ඩවල ලැයිස්තුවක් ඉදිරිපත් කළ යුතු අතර, ඒ වෙනුවෙන් ගෙවීම් කළ යුතුය.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි මෙම ගිවිසුමෙහි පිටපතක් තිබෙන අතර එම පිටපත අත්සන් කර ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් අතරය. ඒ 2007 ජුලි 05 වැනිදා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේදීය.
මෙම ගිවිසුම වසර දහයකට බලපාන පරිදි අත්සන් තබා තිබුණු අතර 2017 මාර්තු මාසයේදී ගිවිසුමෙහි කාලය අවසාන වී තිබුණි. කෙසේ වෙතත් මෙම ගිවිසුමෙහි කාලය දීර්ඝ කිරීමට බලාපොරොත්තු වන බව 2017 වර්ෂයේදී පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කර තිබුණු අතර, ඒ අනුව මෙම ගිවිසුම දීර්ඝ කර තිබේ.
ඇක්සා ගිවිසුම ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර පමණක් අත්සන් තැබූ ගිවිසුමක් නොවන අතර, ඇමෙරිකාව සමඟ රටවල් ගණනාවක් විසින් අත්සන් තබා ඇති ගිවිසුමකි.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි