No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

සිරසට එරෙහිව සිරස එසවූ කලාකරුවෝ

Must read


ඉකුත් ජනවාරි 10 වන දින කලාකරුවන් සහ සිවිල් ක්‍රියාකාරිකයෝ රැසක් මාධ්‍ය නාලිකාවල වර්තමානයේ පවතින ජඩ මාධ්‍යකරණයට එරෙහිව මාධ්‍ය ආයතන ඉදිරියේ නිහඩ විරෝධතාවක් පැවැත්වූහ. පසුව එම මාධ්‍යකරණයට විරුද්ධව තම අදහස් සහිත සංදේශයක් මාධ්‍ය ආයතනවලට භාරදීම කරන ලදි. මෙම විරෝධතාව රටේ ප්‍රමුඛ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන බොහෝමයක් ඉදිරියේ පවත්වනු ලැබීම විශේෂත්වයකි. මෙහිදී බාරදුන් සංදේශය බහුතරයක් මාධ්‍ය ආයතන බාරගත් නමුත්, සිරස මාධ්‍ය ආයතනය හා මව්බිම පුවත්පත් ආයතනය ඊට සපුරා එරෙහි ආස්ථානයක් ගනිමින් පැමිණි සිවිල් ක්‍රියාකාරිකයන්ට පිළිකුල්සහගත ප්‍රතිවිරෝධතාවක් දැක්වීම විශේෂත්වයකි.
එම මාධ්‍ය ආයතන තමන් දැනට පවත්වාගෙන යන ජඩ මාධ්‍යකරණයේම දිගුවක් එහිදී රඟදැක්වීම සමාජයේ දැඩි කතාබහට ලක්විය. රටේ පවතින ජනමාධ්‍ය එරට පුරවැසියන්ට විවේචනය කිරීමේ සහ ප්‍රශ්න කිරීමේ අයිතිය නැතිද? බොහෝ දෙනෙකු එම ප්‍රශ්නය නගනු පෙනේ. එම මාධ්‍ය ප්‍රතිවිරෝධතාව පිළිබඳව සමාජයේ ප්‍රබල සංවාදයක් ගොඩනැගෙන විට සිරස සහ මව්බිම මාධ්‍ය ආයතන නැවත නැවතත් එම සිවිල් ක්‍රියාකාරකයන්ට මඩ ප්‍රහාර එල්ල කරමින් ඔවුන් රටට එරෙහි එන්ජීඕ සාමාජිකයන් ලෙස නාමකරණයට උත්සාහ කරනු පෙනිණි. මෙම විරෝධතාවට එක්වූ කලාකරුවන් දැඩි ලෙස ප්‍රශ්න කරමින් ඔවුන්ට එරෙහිව මඩ ප්‍රචාරයක් දිගටම ගෙන යනු ලැබිණි.
තම සහෝදර කලාකරුවන් ඉලක්ක කරගෙන සිරස මාධ්‍ය ජාලය ගෙනගිය සහ පෞද්ගලික වශයෙන් ඔවුන් අගෞරවයට පත්වන ආකාරයෙන් කළ ප්‍රවෘත්ති වාර්තාකරණයට විරුද්ධව එයට විරෝධය පළකරමින් සිරස මාධ්‍ය ජාලයේ හඬ කැවීම්හි නිරත වී සිටි හඬකැවීම් ශිල්පී සමහරු තම හඬ කැවීම්වලින් ඉවත් වී සිරසට සිය විරෝධය දැක්වූහ.
එය සමාජ මාධ්‍යයේ බොහෝ කතාබහට ලක්විය. රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු, රංගන ශිල්පී චමින්ද ජයසුරිය, හඬ කැවීම් ශිල්පී සංජය ඈපා සෙනවිරත්න, රංගන ශිල්පිනී ජයනී සේනානායක එලෙස ඉවත්වුණු ශිල්පීන් අතර වූහ. ඉවත් වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය වෙත ඔවුන් තම තීරණය පිළිබඳව අදහස් දක්වා තිබුණේ මෙසේය.


හදවත රිදවන කරුණක්: ශ්‍යාම් ප්‍රනාන්දු
ශ්‍රී ලංකාවේ සියලු‍ම මාධ්‍ය ආයතන වෙත මෙම සිවිල් සංවිධාන ගෙනගිය සංදේශය ඇතැම් ආයතන විසින් බාරග නු ලැබුවා සමහර ඒවා බාරගත්තේ නෑ. නමුත් සිරස මාධ්‍ය ආයතනය විසින් එම විරෝධතාවට සහභාගි වූ සහ සංදේශය බාරදීම සදහා පැමිණි කලාකරුවන්ට නිගරු වන ආකාරයේ පුවතක් සිරස නිව්ස් ෆර්ස්ට් හරහා විකාශය කරනවා මම දැක්කා. එහිදී ප්‍රකාශ නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ කලාකරුවන් යැයි කියා සිටින පිරිසක් උද්ඝෝෂණ කළ බව. ඒ පිරිස අතරේ චාන්දනී සෙනවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා වගේ අයත් හිටියා.
මොවුන්ට නිළියෝ යැයි, කලාකරුවෝ යැයි කියාගන්නා පිරිස යැයි සිරස කියනවා නම් මට තියෙන ගැටලු‍ව තමයි ලංකාවේ කලාකරුවෝ නිළියෝ කවුද කියන එක. ඒ වගේ අයට ලංකාවේ පිළිගත්තු මාධ්‍ය ආයතනයකින් මෙවැනි නින්දිත විදිහට සාවද්‍ය තොරතුරු භාවිත කරමින් චෝදනා කිරීම හදවත රිදවන කරුණක්.
මේ තත්ත්වය මත මම තීරණය කළා, මම පෞද්ගලිකව සම්බන්ධ වෙලා ඉන්න සිරස හඬ කැවීම් වැඩසටහන්වලින් ඉවත්වෙන්න. හෘදය සා ක්ෂියට අනුව මම නියැලෙන කලා මාධ්‍යයේ මට හමුවන මම ගරුකරන පිරිසක් තමයි ඒ කලාකරුවන්. ඒ වගේම මට අනුව ප්‍රවීණම සහ දක්ෂතම කලාකරුවන් පිරිසක්. ඒ නිසා තමයි මම මගේ හදවතට අනුව මේ තීරණය ගත්තේ.
ඒ අය එන්ජීඕවලට සම්බන්ධයි කියලා ඇතමුන් කියනවා ඇහුණා. මට කියන්න තියෙන්නේ ඔවුන් එසේ සම්බන්ධයි නම් ඒ නම් සහ ලබාගත් මුදල් ප්‍රමාණ හෙළි කරන්න. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ මාධ්‍යයට අවම සදාචාරාත්මක ගුණය පවත්වාගන්න කියලා.■

හැසිරීම ලැජ්ජා සහගතයි: සංජය ඈපා සෙනෙවිරත්න
විරෝධතාව සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන දැක්වූ හැසිරීම ඉතා ලැජ්ජාසහගතයි. එහිදී ප්‍රවීණ රංගන ශිල්පිනියන්ගෙ න් සහෝදරවරුන්ගෙන් “ඔයාලා කවුද?” කියලා පවා අහලා තිබුණා. මේ වගේ තත්ත්වයක අපිට අපෙන් ම අහන්න තියෙන්නේ “ අපි වැඩ කරන්නේ මේවාටද? කියලා” කියන එක හදවතට එන ගැටලුවක්. අපිටත් මේ වගේ සලකන අවස ්ථාවක් ඉදිරියට එන නිසා සිරසෙන් අයින් වුණොත් හොඳයි කියලා හිතුණා. අපි විවිධ වෘත්තිකයෝ විදිහට විවිධ මාධ්‍ය ආයතනවල වැඩ කරලා තියෙන්නේ. මේ වෙලාවේ මාධ්‍යවල හැසිරීම ගේම් ගහන ස්වභාවයක් තියෙනවා කියලා පෙනෙනවා. ප්‍රවෘත්ති සහ අනෙකුත් වැඩස ටහන්වල තොරතුරු සහ සත්‍යය වසං කරමින් මේ අරගෙන යන වැඩපිළිවෙළ දකින්න ලැබුණා. අපි පෙළග ැහෙන්න ඕනෑ. එන්ජීඕද නැද්ද වමද දකුණද බෙදෙන්න බෑ. මේ එකතු වෙලා ඉන්නේ වඩා සාරවත් මාධ්‍යක් ලබාග ැනීමට. එයට අපිට විරුද්ධවෙන්න බෑ.■

සංඛ්‍යාත අයිති පුරවැසියන්ට: චමින්ද ජයසූරිය
මාධ්‍ය හැසිරීම අනුමත කරන්නම බැරි තරමට නරකයි. කලාකරුවෝ සමාජ ක්‍රියාකාරිකයෝ එකතුවෙලා “ජඩ මාධ්‍ය” විදිහට මාධ්‍ය හඳුන්වාගෙන ඒකට විරුද්ධව ක්‍රියාකරන්න බලපෑවේ ඒ හැසිරීම. ඒ නිසා තමයි මේ ක්‍රියාකාරකයන් එකතුවෙලා සංදේශයක් බාරදෙන්න කටයුතු කළේ.
මිනිසුන්ට අයිති සංඛ්‍යාතවලින් තමයි ලයිසන් දීලා මේ ආයතන පවත්වාගෙන යන්නේ. ඒක අයිති මිනි ස් සුන ්ට. ඒක වැඩ කරන්න ඕනෑ පොදු මිනිස්සුන්ට. ඔවුන්ගේ අවශ්‍යතාව අනුව. එම සංදේශය බාරදීමට පැමිණි සමාජ ක්‍රිය ාකාරී න් ට පැය එකහමාරක වැඩසටහනකින් ගැහුවා.
වසර දොළහක් දහතුනක් වගේ කාලසීමාවක් හඬකැවීම් ශිල්පියෙකු ලෙස ලෙස මම කටයුතු කරලා තියෙනවා. අපිට මේ ඉවත්වීමෙන් ආර්ථික අලාභයක් වෙනවා තමයි. ඒත් ඊට වඩා අපි අපේ සමාජ වගකීමේ බර කරට ගන්න ඕනෑ. ඒ නිසා ආයේ සිරසේ කිසිදු හඬකැවීමකට සහභාගි වෙන්නේ නෑ කියලා තීරණය කළා. ඒ ආවේ එන්ජීඕකාරයෝ කිව්වා. එකට මම මෙහෙම එකක් කියන්නම්.. මගේ මිත්‍රයෙක් ලියලා තිබුණා, ‘අසාධාරණයට විරුද්ධව පාරේ කෑගැහුවොත්, මාධ්‍ය හැසිරීමට විරුද්ධව පාරට බැහැලා කතාකළොත්, ජනාධිපතිවරයාට වුවමනා විදිහට අගමැති පත්කරද්දී ඒකට විරුද්ධ වෙනවා නම්, සමාජය ඇතුළෙ මොකක් හරි අකටයුත්තක් ගැන කෑගැහුවොත්, ඔවුන් එන්ජීඕකාරයෝ’ ඒක එහෙම නම් මමත් එන්ජීඕකාරයෙක්. කොහොම හරි සිරස අන්තිමට අපි තමයි “ජඩ ම” කියලා පෙන්නුවා.■

■ වරුණ සූරියආරච්චි

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි