No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

මෛත්‍රී තවමත් සටනේ

Must read



ගෝඨාභය රාජපක්ෂ තමන් ජනාධිපතිවරණයට සුදානම් යැයි ප්‍රකාශ කළත් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තිබෙන අදහස තවම එලෙසම පවතින බවද ඔහු ඒ අදහස ක්‍රියාතමක කරගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා කටයුතු කරමින් සිටින බවද අනිද්දා වෙත වාර්තා වෙයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය සහයෝගය ලබාදිය යුතු බවයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයක් කැඳවන බවට වාර්තා පළවීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ වැනි පුද්ගලයන් විසින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් යැයි ප්‍රකාශ නිකුත් කර ඇතැයි පෙන්වාදුන් ඔහු වැඩිදුරටත් පැවසුවේ එවැනි ප්‍රකාශ මේ මොහොතේ නොකර සිටීම යහපත් බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ සාකච්ඡා කොට ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගත යුතුයැයි ඔහු කීය. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන හා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් වුවහොත් එය දෙපාර්ශ්වයේම පරාජයට හේතුවනු ඇති බවත් ඒ නිසා මෛත්‍රීපාල සිරිසේනට සහාය දැක්වීම යහපත් බවත් ඔහු කීය.
මේ අතර ශ්‍රීලනීපයේ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් වීම පිළිබඳව ශ්‍රීලනිපයේ සහ පොදුජන පෙරමුණේ ඉහළ සාමාජිකයන්ගේ එකඟතාවක් තිබුණත් වර්තමානයේ පොදුජන පෙරමුණ තුළ ගොඩනැගී තිබෙන මෛත්‍රී විරෝධය භාවිත කරමින් ගෝඨාභය රාජපක්ෂ මතුවීමට උත්සාහ කරන බවය. මෙම තත්ත්වය හමුවේ වුවද සන්ධානය ගොඩනැගීම ඉක්මන් කරන්න යැයි මෛත්‍රීපාල සිරිසේන අදාළ පාර්ශ්වයන් වෙත උපදෙස් ලබා දී ඇත. ■

කේ. සංජීව/ තරිඳු උඩුවරගෙදර

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි