No menu items!
20.7 C
Sri Lanka
19 January,2025

ගෝඨා තවම ඇමෙරිකානුවෙක් : වාසු

Must read



මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙන බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළද ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය තවමත් ඉවත් කරගෙන නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට තවමත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට දැනුම් දී නොමැති බවයි. ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත හැකි වුවහොත් ඒ බව මුලින්ම දැනුම් දෙනු ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට බවද ඔහු කීය.
මේ අතර ජනවාරි 17 වැනිදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් පිරිසක් විසින් ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට හැකිවීදැයි ගෝඨාභය රාජපක්ෂගෙන් විමසා තිබුණි. එයට පිළිතුරු ලබාදුන් ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බව පවසා තිබුණේ නැත. ඔහු කියා තිබුණේ මෙසේය. ‘මගේ පෞද්ගලික දෙයක්. මට අහක් කරගන්නත් පුළුවන් තියාගන්නත් පුළුවන්. මිනිහෙක්ව බැඳලා තියන්න බැහැනේ. ඇමෙරිකාව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පියා කියලානේ කියන්නේ. පුද්ගලයෙක්ගේ අයිතිවාසිකම් බැඳලා තියාගන්න බැහැනේ. කිසිම හේතුවකටවත් බැහැ.’
මේ අතර අනිද්දා සමඟ නිර්නාමිකව අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයෙකු පැවසුවේ ජනවාරි මාසයේ මුල් දින කිහිපයේ ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සඳහා උත්සාහයක් ගෙන තිබුණු බවයි. එම උත්සාහය අසාර්ථක වූ නමුත්, ඉදිරි කාලය තුළ පුරවැසිභාවය අහෝසි කරගත හැකිවේයැයි ගෝඨාභය රාජපක්ෂ බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු කීය. පුරවැසිභාවය අහෝසි කිරීම ප්‍රමාද වුවහොත්, එයද ගෝඨාභය රාජපක්ෂගේ ජනප්‍රියත්වය වැඩි කරගැනීමට හේතුවක් කරගත හැකි බව ඔහු කීය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වේයැයි බියෙන් ඇමෙරිකාව ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අහෝසි නොකරන බවට ප්‍රචාරය කළ හැකි බවද ඔහු කීය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි