No menu items!
20.7 C
Sri Lanka
19 January,2025

මෛත්‍රීට සහාය දෙන්න මහින්ද කැමති වෙලා

Must read



මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය මෛත්‍රීපාල සිරිසේනට ලබාදී ඔහුට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීමට මහින්ද රාජපක්ෂ තීරණය කර ඇතැයි අනිද්දා වෙත වාර්තා වේ.
ඉදිරියේදී මහින්ද පාර්ශ්වය සහ මෛත්‍රී පාර්ශ්වය අතර ගොඩනැගෙන සන්ධානය පොහොට්ටුව ලකුණ යටතේ සන්ධානගත විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයේ අදහස වුවත් එම අදහසට ශ්‍රීලනිපය සිය විරෝධය දක්වා ඇත. ඉන්පසුව පැවති සාකච්ඡාවලදී අත හෝ පොහොට්ටුව හෝ නොවන ලකුණකින් සන්ධානගත වීමට දෙපාර්ශ්වයේම ඉහළ නායකයන් එකඟවී ඇත. පැවති සාකච්ඡාවලදී මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය පිරිනැමීම ස්ථිර කර ඇතැයි විශ්වාස බව අනිද්දා වෙත අදහස් දැක්වූ දෙපාර්ශ්වයේම ඉහළ මට්ටමේ නායකයෝ පැවසුහ.
එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ පූර්ණ එකඟතාව මත මෛත්‍රීපාල සිරිසේන තරගයට ඉදිරිපත් වේ නම් එයට තමන්ගේ පාර්ශ්වයේ සියලු දෙනාගේ සහයෝගය ඔහුට ලබා දෙන බව ගෝඨාභය රාජපක්ෂ ඩඞ්ලි සිරිසේන වෙත පවසා ඇතැයිද තවදුරටත් වාර්තාවේ.
මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඔක්තෝබර් 26 වැනිදා අගමැතිධුරය බාරගැනීමට මහින්ද රාජපක්ෂ හදිසි තීරණයක් ගෙන තිබුණු අතර, එවැනි තීරණයක් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන්ද ගැනීමට ඉඩක් ඇති බවය.
පසුගියදා මිනුවන්ගොඩදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ කියා තිබුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව තීරණය ගැනීම මහින්ද රාජපක්ෂ සතු බවයි. අනිද්දා කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ද ඒ බව තහවුරු කළේය. මේ අතර ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ කියා සිටින්නේ තම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බවය. තම අපේක්ෂකයාට පොදු ජන පෙරමුණේ ලක්ෂ 42ක ඡන්දද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ 15ක ඡන්ද ඇති බවත්, ඒ අනුව ජයග්‍රහණය ස්ථිර බවත්ය.
මේ අතර හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායමක් තදින්ම සලකා බලමින් සිටින බව වාර්තා වේ. ඒ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන අතර මෙම එකඟතාව නිසා බව දැනගන්නට ලැබේ. ජනාධිපතිවරණයක් පැවැත්වෙනවාද නැද්ද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් පළකළ හැකිදැයි අනිද්දා කළ විමසීමකදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ නිශ්චිත අදහසක් පළකළ නොහැකි බවයි.

තරිඳු උඩුවරගෙදර/ කේ. සංජීව

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි