No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

ව්‍යවස්ථාව ගැන වාර්තා පහක්

Must read



නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනා ඇතුළත් වාර්තා පහක් පාර්ලිමේන්තුවේ සියලු සාමාජිකයන්ගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ජනවාරි 11 වැනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක් පැවසීය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ විද්වත් කමිටුවේ බහුතර කණ්ඩායම සකස් කළ වාර්තාව, එම විද්වත් කමිටුවේ සුළුතර කණ්ඩායම සකස් කළ වාර්තාව, පළාත් සභා මහ ඇමතිවරුන් නව දෙනාගේ යෝජනා ඇතුළත් වාර්තාව, දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් වාර්තාව, මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී ඉදිරිපත් වූ අදහස් ඇතුළත් වාර්තාව, එලෙස ඉදිරිපත් කරන බව එම සාමාජිකයා කීය.
විද්වතුන්ගේ කමිටුව විසින් වාර්තා දෙකක් සකස් කර තිබුණු අතර එයට හේතුවී තිබුණේ විද්වතුන්ගේ කමිටුවෙහි සාමාජිකයන් දෙදෙනෙකු බහුතර මතයට එකඟ නොවීමයි. ඒ අනුව බහුතර කණ්ඩායම හා සුළුතර කණ්ඩායම ලෙස වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබුණි. සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව යෝජනා ඇතුළත් වන්නේ අවසානයට ඉදිරිපත් කළ එම වාර්තා දෙකෙහි බව ඔහු පැවසීය.
කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ආකාරයේ ෆෙඩරල් ක්‍රමයක් පිළිබඳ යෝජනා, ඉදිරිපත් කිරීමට නියමිත වාර්තා අතරින් එකකවත් සඳහන් නොවෙන බව ඔහු වැඩිදුරටත් කීය. විද්වත් කමිටුවේ වාර්තා දෙකෙහි සඳහන්ව තිබෙන බලය බෙදීමේ යෝජනාව ශ්‍රීලනිපය නියෝජනය කරන පළාත් සභා මහ ඇමතිවරුන් විසින් ඉදිරිපත් කළ අදහස් මත පදනම් වී තිබෙන බවත් ඔහු පැවසීය.
ඒ අනුව දැනට ඉදිරිපත් කර තිබෙන වාර්තා සියල්ලම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී විවාදයට ලක් කරන බවත්, එහිදී එකඟ වන අවසන් එකඟතා මත ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව විසින් අවසාන එකඟතා සහිත ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන බවත් ඔහු කීය.

අනුරංග ජයසිංහ

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි