No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

මහින්ද පිලට එරෙහිව ශ්‍රීලනිප මන්ත්‍රීන් උසාවියට

Must read



කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජක්ෂ ඇතුළු පිරිසක් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම මඟින් ඔවුන්ට මන්ත්‍රීධුර දැරීමට නීත්‍යනුකූල හැකියාවක් නැති බවට ක්වෝ වොරොන්ටෝ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
එය ශ්‍රීලනිපය විසින් පක්ෂයක් ලෙස ගත් තීරණයක් නොවන බවත් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ගත් තීන්දුවක් බවත් වාර්තාවන අතර එම මන්ත්‍රීවරුන් විසින් ඒ සම්බන්ධයෙන් නීති ප්‍රවීණයන් කිහිපදෙනෙකුගෙන් උපදෙස් ලබාගෙන ඇත.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ශ්‍රීලනිපයෙන් වෙන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජතයන් පිළිබඳව විනය පියවර ගත යුතුයැයි තීන්දුවක් ගෙන ඇතත්, විනය පියවර ගැනීමේ ක්‍රියාවලිය හා නිශ්චිතව කුමන් පුද්ගලයන්ට එරෙහි විනය පියවර ගන්නේද යන්න පිළිබඳව තවමත් තීන්දුවක් ගෙන නැතැයි අනිද්දා කළ විමසීමකදී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෙක් පැවසීය. මීළඟ මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබඳව තීන්දු කළ යුතු බවද ඔහු කීය.
බොහෝවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගිය කණ්ඩායමට එරෙහිව තීන්දුවක් නොගෙන, ආණ්ඩුව සමඟ එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව පමණක් විනය පියවර ගනු ඇතැයි එම මධ්‍යම කාරක සභිකයා කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක සිටින බවත්, ඒ නිසා රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ මන්ත්‍රීධුර අහෝසි කිරීමට නම් අධිකරණයට යෑමට සිදුවනු ඇති බවත් ක්වෝ වොරොන්ටෝ ආඥාව ඉල්ලීමට බලාපොරොත්තුවන මන්ත්‍රී කණ්ඩායමේ මතය වී ඇත.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි