මහින්ද රාජපක්ෂ ඊනියා අගමැතිධුරයෙන් ඉල්ලා අස්වුණු පසු කළ කතාවෙන් පැහැදිලි වන්නේ අසාර්ථක දේශපාලන කුමන්ත්‍රණයක් අවසානයේ ඔහු ජාතිවාදය හා අන්තවාදය තුළට යළිත් පසුබැස ඇති බවයි. පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුහුණ බෙරිකරගත් මන්ත්‍රීවරුන් ඉදිරියේ කතාකළ මහින්දගේ මුහුණේ රෝසපාට කෘත්‍රිම ආලේපන යටපත්කරගෙන ඉස්මතුවී තිබුණේ, පසුගිය දිනවල ලැබූ අන්ත දේශපාලන පරාජයේ අඳුරු සෙවණැලිය. එහෙත්, ඔහු එහිදී පළකළ අදහස්වල විකෘතීන් හා විසකුරුබව විසින් අනාගතයේ රටට ඇතිකෙරෙනු ඇත්තේ බලවත් විපතක් බව පෙනෙයි.
ඔහු කතාිව ආරම්භ කලේම හේ්රස්ඨාධිකරණයට අපහාස කරමිනි. ‘අපි කැඳවලා තිබුණු මහ මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දීලා තියෙනවාතත කැඳවපු මහමැතිවරනයත් දැන් අහිමිවෙලා තියෙන්නේ..’යි ඔහු කීවේය. ශ්රේෂ්ටාදිකරණය මහමැතිවරනයකට එරෙහිව ථීන්දුවක් නොදුන්නේය. මහමැතිවරනයක් පැවැත්විය යුතුද නැද්ද යන ප්‍රශ්නයද ශ්‍රේෂ්ඨාදිකරණය ඉදිරියේ නොතිබුණි. තිබුණේ, ජනාධිපති විසින් පාර්ලිමේනතුව විසුරුවා හැරීම නීත්‍යනුකූලද නැද්ද යන ප්රශ්නය පමණකි. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ, අවුරුදු හතකරඑහමාරකට පෙර එසේ විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්යවස්තකාව කැඩීමක් බවයි. මහින්ද ඒ ඇත්ත වසං කරන්නේ ඇයි?
ඊළඟට ඔහු මතුකරන්නේ ජාතිවාදයයි.
‘රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්න කියලා ඡන්ද 117 ක් ලැබුණා. ඒකෙන් 14ක් ටීඑන්ඒ ඡන්ද. ටීඑන්ඒ එකෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න කියලා ඡන්දය දුන්නාට, මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා විශේෂ ප්‍රකාශයක් කරලා කිව්වා, ටීඑන්ඒ එක රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැති වෙන්න ඡන්දය දුන්නාට ඒගොල්ලො ආණ්ඩුවට එක්වෙන්නේ නැති බවත්, දිගටම විපක්ෂයේ ඉන්න බවත්. මෙතැන වෙලා තියෙන්නේ මන්ත්‍රීවරුන් 103ක් ඉන්න යූඑන්පී සුළුතරය ටීඑන්ඒ එක විසින් ප්‍රාණඇපයට අරගෙන තියෙන එකයි. ටීඑන්ඒ එක කියන විදියට රට පාලනය කළේ නැතිනම් ඕනෑම මොහොතක යූඑන්පී සුළුතරයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වෙන්න පුළුවන්. ටීඑන්ඒ එකේ අතට තමයි රිමෝට් එක ගිහිල්ලා තියෙන්නේ… නඩු තීන්දුව එන්නත් කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙසැම්බර් 12 වැනිදා, අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන එක ගැන පාර්ලිමේන්තුවේ කතාකළා. මේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරලා මාධ්‍යයේ පළවෙලාත් ඉවරයි. ඒ ව්‍යවස්ථාවෙන් මේ රට අර්ධ-ස්වාධීන ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය නවයකට කඩන්නයි සූදානම් කරලා තියෙන්නේ. ’
පදනමක් නැති චෝදනා නගමින් මේ ජාතිවාදය අවුස්සන්නේ ඔක්තෝබර් 26දා තමා නීති විරෝධීව අගමැතිවුණු පසුව, 2020 වෙනතුරු අවුලක් නැතිව පාලනය ගෙනයෑම සඳහා ටීඑන්ඒ නායක ආර් සම්පන්දන්ගෙන් සහාය ඉල්ලා සිටි මහින්ද රාජපක්ෂමය. මන්ත්‍රීවරුන් 113ක් හදාගැනීම සඳහා, එලගු තමිල් නම් දෙමළ මළවුන් සිහිකිරීමේ උත්සවය සංවිධානය කළ ටීඑන්ඒහි වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයා තමන්ගේ පැත්තට එකතුකරගත් මහින්ද රාජපක්ෂමය. මහින්ද සමග සාකච්ඡාවේදී ආර් සම්පන්දන් කීවේ, තමා මහින්ද රාජපක්ෂ අගමැති හැටියට පිළිගන්නට සූදානම් නැති බවය. ඒ නිසා මහින්දගේ බලාපොරොත්තුව බිඳවැටිණි. එහෙව් මහින්දය, අද ටීඑන්ඒ රිමෝට් කොන්ට්‍රෝලයක් ගැන කතාකරමින් ජාතිවාදය අවුස්සන්නේ.
මේ මහින්ද සිය කතාවේ කියන අනෙක් බොරුවයි.
‘ආණ්ඩුවෙ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශ්වය ඉවත් වුණු නිසා, ‘ජාතික ආණ්ඩුවක්’ හැටියට ව්‍යවස්ථාවේ 46(4) සහ 46(5) වගන්තිවල විශේෂ විධිවිධාන යටතේ පිහිටුවලා තිබ්බ ඒ ආණ්ඩුව ඉබේම බිඳවැටුණා. ඊට පස්සෙ, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවකුත් එකතුවීම නිසා මා නායකත්වය දෙන කණ්ඩායම පාර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායම බවට පත්වුණා. 1994, 2000, 2001, 2004, 2015 සියලුම මහමැතිවරණවලින් පස්සෙ ආණ්ඩු පිහිටුවන්න ආරාධනා ලැබුණෙ පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් නැති වුණත්, විශාලම මන්ත්‍රීවරුන් කණ්ඩායමටයි. කලින් ආණ්ඩුවක් පිහිටුවලා, පස්සේ තමයි ඒ හැම අවස්ථාවකම බහුතරය හදාගත්තේ.’
පළමුවැන්න, එජනිසය ඉවත්වුණු නිසා ජාතික ආණ්ඩුවක් බිඳවැටුණේ නැත. ඒ ජාතික ආණ්ඩුව එජනිස, එජාපෙ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ හවුලකි. එජනිසය ඉවත් වුණත්, මුකො සිටීම නිසා ජාතික ආණ්ඩුව බිඳවැටුණේ නැත. අනෙක, ආණ්ඩුවක එක පාර්ශ්වයක් ඉවත්වීම නිසා ඒ ආණ්ඩුව බිඳවැටෙන බවක්වත්, අගමැතිවරයාගේ ධුරය නැතිවන බවක්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහේවත් නැත. අගමහැතිවරයාට ධුරය අහිමි වන අවස්ථා ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇත. ඒ නිසා මහින්ද මේ කියන්නේ අමූලික බොරුවකි.
‘අපි ඔක්තෝබර් 26 වැනිදා ආණ්ඩුවක් පිහිටෙව්වාට පස්සේ ජනාධිපතිතුමා මහ මැතිවරණයක් කැඳෙව්වා. මම 26 අගමැති හැටියට දිවුරුම් දුන්නේ වැඩිම වුණොත් ජනවාරි 5 වැනිදාට නියම කරලා තිබුණු මහමැතිවරණය ඉවර වෙනකම් මාස දෙකක් වගේ කාලයකට අන්තර්කාලීන පාලනයක් ගෙනයන්න විතරයි. ඒ වගේම, මහ මැතිවරණයක් අවසන් වෙනකන් මාස දෙකක් වගේ කාලයකට රට ගෙනයන්න සුළුතර ආණ්ඩුවක් හොඳටම ප්‍රමාණවත්.’ මේ බොරුව මහින්ද කියන්නේ මහින්දට මෙන්ම රටේ මිනිසුන්ටද මෑත අතීතය අමතක වන ලෙඩක් තිබෙනවා කියා සිතාගෙන විය යුතුය.
ඔක්තෝබර් 26 මහින්ද නීති විරෝධීව අගමැති කෙරුණේ අද හෙට මහමැතිවරණයක් පවත්වන බලාපොරොත්තුවෙන් නොවේ. 2020 තුරු රටේ පාලනය ගෙනයන්නටය. මහින්ද නීති විරෝධී අගමැති බවට පත්වුණු වහාම ගෝඨාභය රාජපක්ෂ මහත් උජාරුවෙන් මාධ්‍යවලට කිව්වේ කුමක්ද? ‘දැන් සියලු දෙනාමත් ජාත්‍යන්තර ප්රජාවත් එකතුවී එට ගොඩනැග මට මහින්ද රාජපක්ෂට උදව්විය යුතුය’ කියාය. නොවැම්බර් 8 වැනිදා ශ්‍රීලනිපයේ විධායක සභාව අමතමින් ජනාධිපතිවරයා කිව්වේ, 14 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුවේ වැඩ සැලැස්මට සහයෝගය දෙන ලෙස තමා එජාපයෙන් ඉල්ලා සිටින බවයි. මේ අනුව මහමැතිවරණයක් පැවැත්වීමේ චේතනාවක් තිබුණේද?
එහෙත්, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පවත්වන්නට සිදුවුණේ හතර අතේ මුදල් විසිකර පාර්ලිමේන්තුවේ 113ක් හදාගන්නට කළ ව්‍යාපෘතිය ව්‍යර්ථ වුණු නිසාය. එස්බී දිසානායක 113ක් ගැනීමට රනිල් වික්‍රමසිංහ හැරුණු විට සියලුම මන්ත්‍රීවරුන්ට කතාකළ බව ප්‍රසිද්ධියේම පිළිගත්තේය. එස්බී දිසානායකත්, සිරිසේන ජනාධිපතිත් රංගේ බණ්ඩාර බාගන්නට කතාකළ නිරුවත් ආකාරය දැන් හැමෝම දනිති. මේ අයට මහමැතිවරණය මතක්වුණේ කරගන්නට දෙයක් නොතිබුණු තැනය. එහෙත් ඒ බොරුව තහවුරු කරන්නට මහින්ද රාජපක්ෂ මෙවැනි තවත් බොරු කියයි. ‘මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධුරයක් දැරීමට මගේ කිසිදු බලාපොරොත්තුක් නොමැති නිසාත්, තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහාත්, මම අගමැති ධුරයෙන් ඉවත් වෙලා, අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනාධිපතිතුමාට ඉඩ ලබලා දෙනවා.’
ඔහු අගමැතිධුරයට පත්කෙරෙන විට ජනවාරි 5 මහමැතිවරණයක් නියම කෙර තිබුණේ නැත. අන්තර්කාලීන පාලනයක් ගැන කිසිම අදහසක් තිබුණේත් නැත. මාස දෙකක් වැනි සුළු කාලයකට ආණ්ඩුවක් හැදීමේ අදහසක් තිබුණේද නැත. මේවා අතේ පත්තුවෙන බේගල්ය.
ඉල්ලා අස්වන්නට මහින්ද රාජපක්ෂ අගමැති ධුරයක සිටියේත් නැත. පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා දෙකකින්ම ඔහු අගමැතිකමෙන් එලවා දමා තිබුණේය. ඒ වන විට තිබුණේ අගමැති කෙනකුත්, ඇමති මණ්ඩලයකුත් නැති තත්ත්වයක් නිසා, අලුත් ආණ්ඩුවක අගමැති කෙනකු හා ඇමති මණ්ඩලයක් පත්කිරීම ජනාධිපති විසින් කළ යුතු විය.
ඒ නිසා මහින්දගේ ව්‍යාජ ඉල්ලා අස්වීම වනාහි මිනිසුන් ගොනාට අන්දවා, තමා මහත්මයකුයැයි අනුකම්පාව දිනාගැනීමට ඇටවූ මායාවකි. ඊනියා ඉල්ලා අස්වීමේ කතාවේදී ඔහු මෙසේද කියයි.
‘.. දැන් ජනාධිපතිවරයා මේ අලුත් යූ.එන්.පී. – ටී.එන්.ඒ. හවුල සමඟ නොසිටින නිසා ඔවුන් කරන විනාශයෙන් යම් ප්‍රමාණයක් හෝ පාලනය කර ගැනීමට හැකි වෙයි කියලා හිතන්න පුළුවන් වුණත්, ජනාධිපතිවරයාටත් නොදන්වා එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය ප්රමුඛ මේ හවුලට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. 2002 දී එක්සත් ජාතික පක්ෂය හා කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අත්සන් කළේත් ජනාධිපතිනි චන්ද්‍රිකා දැනුවත් නොකර බවත් අප මතක තබාගන්න ඕනෑ. ’
ඔහු මෙයින් කියන්නේ ජනාධිපති දැනුවත් නොකර. යූඑන්පී-ටිඑන්ඒ හවුල රට බෙදීමට කුමන්ත්‍රණ කරනු ඇතැ’යි කියාය. 2015 ජනාධිපතිවරණයේදී, ටීඑන්ඒ නායකයා සමග රනිල් වික්‍රමසිංහ රට බෙදීමට ගිවිසුමක් අත්සන්කර ඇතැ’යි ව්‍යාජ ලේඛනයක් සකස්කොට, එජාපයෙන්ම බාගත් තිස්ස අත්තනායක ලවා මාධ්‍යයට පෙන්වූයේද මේ මහින්ද රාජපක්ෂමය. ඒ හරහා ජාතිවාදය අවුස්සා 2015 ජනාධිපතිවරණය ජයගත හැකියැයි ඔහු සිතුවේය. (අදත් ඒ සිදුවීම නිසා තිස්ස අත්තනායක මහාධිකරණය ඉදිරියේ විත්තිකරුවෙකි.) දැන් පරාජය හමුවේ වියරු වැටී සිටින මහින්ද රටට පටවන්නට හදන්නේ, ඒ පරණ ජාතිවාදයම නොවේද?
‘26 මා අගමැති වනවාත් සමඟම මුළු රට පුරාම නව බලාපොරොත්තු සහගත පිබිදීමක් ඇතිවුණා. 2015න් පස්සේ කඩාවැටිලා තිබ්බ කොටස් වෙළෙඳපොළ නැවතත් පිබිදුණා. 2015න් පස්සේ, එල්එම්ඩී-නීල්සන් ව්‍යාපාර විශ්වසනීයත්ව දර්ශකයේ වැඩිම ඉහළයෑම 26න් පස්සේ අපි දුටුවා. රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයක් නිර්මාණය වුණාම විදේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණත්, 2017 නොවැම්බර් මාසයට වඩා, 2018 නොවැම්බර් මාසයේ සංචාරකයන්ගේ පැමිණීම 16% කින් වැඩිවෙලා තියෙනවා.’
මහින්ද රාජපක්ෂ ඒ කියන්නේ, එක පැත්තකින් බොරුය. අනෙක වික්‍රමසිංහ ආණ්ඩුවේ හොඳය. බොරුව නම් කොටස් වෙළෙඳපොළ පිබිදුණු බවයි. 26වැනිදායින් පසු, කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල සුළු ඉහළයෑමක් සිදුවුණත්, ඒ රාජපක්ෂ ව්‍යාපාරිකයන්, ‘මේ දේශපාලන වෙනස නිසා ව්‍යාපාරිකයන්ගේ පිබිදීමක් ඇතිවූ බව ව්‍යාජ ලෙස මවාපාන්නට කෘත්‍රිමව ඊට ප්රාග්ධනය එකතුකිරීම නිසා’ බව ක්ෂෙත්රයේ පවතින ජනප්‍රිය මතයයි. එල්එම්ඩී සාමගම මහින්දගේ ආණ්ඩුව කාලේ වැඩ කළ හැටි ඒ කාලයේ ඔවුන් පළකළ ප්රකාශනවලින්ම සොයා දැනගත හැකිය. එහෙත් මෙහිදී මහින්ද වුවමනාවෙන්ම මගහරින්නේ ඔහු ව්‍යාජ අගමැති හැටියට සිටි කාලය තුළ රුපියලට සාපේක්ෂව ඩොලරය කොයිතරම් ඉහළ ගියාද කියායි. ඉතිහාසයේ වැඩිම අගයට එනම් රුපියල් 181කට ඩොලරය ඉහළ ගියේ මහින්ද ඊනියා අගමැති වුණු පසුවයි. මහින්ද කියන විදියට ආයෝජකයන් මහත් ප්‍රීතියෙන් පැමිණියේ නම්, ඒ නිසා රටට විදේශ මුදල් ලැබී, රුපියල ඉහළ ගොස් ඩොලරය පහත වැටිය යුතුව තිබුණා නේද? එසේ නොවුණේ ඇයි?
ඔහු හිතාමතාම සඟවන තවත් කරුණු දෙකක් තිබේ. එකක්, ඔහුගේ ව්‍යාජ අගමැති කාලය තුළ, විදේශ ආයෝජකයන් කොයිතරම් තම මුදල් ආපසු ගෙන ගියේද යන්නයි. එය බිලියන ….කට වැඩි බව ආර්ථික වාර්තා කියයි. සංචාරක ක්ෂෙත්රයේ නැගීමක් ගැන ඔහු කියයි. ඒ නැගීම ඇතිවී තිබෙන්නේ 2017 නොවැම්බර්වලට වඩා 2018 නොවැම්බර්වලදීය. එනම්, මහින්දගේ ආණ්ඩුවේ කාලයේ නොව පැවැති ආණ්ඩුවේ කාලය තුළය. ඒ වාසිය යායුත්තේ ඔවුන්ට නොවේද? එහෙත්, 16%ක් එසේ වැඩිවන විට වුණත්, මුලින් වෙන්කර ගත් සංචාර හා සංචාරකයන් කොයිතරම් ප්‍රමාණයක් තම ඇණවුම් අවලංගු කර තිබුණාදැයි ප්‍රතිශතයක් හැටියට මහින්ද නොකියයි. එය සුළු ප්‍රමාණයක් නොවේ. අප බැලිය යුත්තේ ඒ දෙක එකට තබාය.
විශාල දේශපාලන පරාජයකට පසුවවත්, ඒ පරාජය නිහතමානිව බාරගෙන, වේදිකාවෙන් බැසයෑමේ පුරුද්දක් මහින්ද රාජපක්ෂගේ බලලෝභී සිතට නැත. කරගන්නට දෙයක් නැතිව, බොරු සංදර්ශනයක් සඳහා අගමැතිකමෙන් ඉල්ලා අස්වුණත්, ඔහු පසුබසින්නේ රාමායණයේ හනුමන්තා මෙන්, ජාතිවාදයෙන්, සැකයෙන් හා බොරුවෙන් මිනිසුන්ගේ සිත් කුණුකර දමමින් බව අප තේරුම් ගත යුතුය.■
■ අරුණ ජයවර්ධන