ආණ්ඩු බලය නැතත් රාජපක්ෂලාට දරදිය අදින්නන්ගේ මැර බලය වෙනස් නොවන්නේ ‘‘කැලය මාරු වුවත් කොටියාගේ පුල්ලි මාරු නොවෙතැයි” යන පැරණි කියමන තහවුරු කරන පරිද්දෙනි.
මෙම මැරකම්වලට එක් උදාහරණයක් ලෙස පසුගි ය ඔක්තොම්බර් 19 දා ඇතැම් මාධ්‍ය මඟින් වාර්තා කළ මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ සිදුවූ සිදුවීම හඳුනාගත හැකිය. මාධ්‍යවල වාර්තා පළවුණේ පෙරියමුල්ල මඤ්ඤොක්කාහේන නම් ප්‍රදේශයේ අනවසර ව්‍යාපාරික ස්ථානයක් ඉවත් කිරීමට මීගමුව නගරසභාව විසින් උත්සහ කර තිබූ බවයි. එසේ ඉවත් කිරීමට ගත් උත්සාහයට අදාළ ව්‍යාපාරය හිමි පුද්ගලයා ඊට හරස් වූ බව මාධ්‍ය වාර්තා පළවිය. මේ කතාව ඒ සිදුවීම පසුපස ඇති දේශපාලනය ගැනයි.
පසුගිය ඔත්තෝම්බර් 19 දින මීගමුව පෙරියමුල්ලේ ව්‍යාපාරිකයකු වන ‘ගන්ටන් ෆැන්මගාවින්’ට අයත් ඊගල් හාඞ්වෙයාර් වෙත පැමිණි මීගමු නගර සභාවේ නගරාධිපති දයාන් ලන්සා ඇතුලූ 100කට අධික පිරිසක් එම ව්‍යාපාරික ස්ථානය අනවසර ඉදිකිරීමක් බව පවසමින් පොලීසිය බලාසිටියදීම එහි තිබූ කළුගල්, වැලි ගඩොල් ඇතුළු ගොඩනැඟිලි ද්‍රව්‍ය ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් රැුගෙන ගියේය. ඒ නගර සභාවට අයත් බැකෝ හා ට්‍රැක්ටර් රථ යොදාගනිමිනි. එම අවස්ථාවේදී අදාළ ව්‍යාපාරිකයාගේ පුතාට නගරාධිපතිවරයා සමග පැමිණි මැරයන් විසින් පහරදෙනු ලැබුවේ ඔහු මෙම ක්‍රියාවට එරෙහි වීම නිසාය. එහෙත් ඒ සිදුවීමෙන් පසුව ඔහු නගරසභා වාහනයකට අලාභ හානී කළ බවට චෝදනා කරමින් මීගමුව පොලිසියට පැමිණිල්ලක් දැම්මේ මීගමුව නගරාධිපති දයාන් ලන්සා විසින්ය. ඒ අනුව ලබන මස 5වෙනිදා තෙක් ගන්ටන් මහතාව බන්ධනාගාරගත කර ඇත. සැබෑ ලෙසම මෙම ඉදිකිරීම අනවසර ඉදිකිරීමක් ලෙස සැලකිය හැකිය. ඒ නිසා එය ඉවත් කිරීමට එරෙහිවීම නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත් අපගේ අරමුණ ඒ රාමුව තුළ සිට චිත්‍රය විග්රහ කිරීම නොවේ. පුළුල් රාමුවේ සිට චිත්‍රය විග්රහ කිරීමය.
ප්‍රශ්න කිහිපයක් ඇත. නගර සභාවේ වෙනත් නිලධාරීන් වෙනුවට දයාන් ලන්සා නගරාධිපතිවරයාම මෙම අනවසරයැයි කියන ඉදිකිරීම ඉවත් කිරීමේ අවස්ථාවට සහභාගී වුණේ ඇයි? ඔහු සමග පැමිණි කණ්ඩායම කවුද? මීගමුව නගරයේ වෙනත් අනවසර ඉදිකිරීම් තිබේද? ඒවා සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද? යන ප්‍රශ්න විමසිලිමත්ව සිදුවීම දෙස බලන අයෙකුට අසන්නට සිදුවන ප්‍රශ්න වෙයි. ඒ අස්සේ පැහැදිළිවම ප්‍රශ්න කළ යුතු තවත් සිදුවීමක් සිදුවිය.
මීගමුව නගරසභාවේ නගරාධිපතිවරයාගේ මෙම හිතුවක්කාරි අවනිතික ක්‍රියාව වාර්තා කිරීමට උත්සහ කල මීපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදී සැම්සන් ඥානසිරිගේ කැමරාව මැරයන් විසින් උදුරා ගනිමින් එම සිදුවීමට අදාළ සියළු ඡායාරූප මකා දැමීම එම සිදුවීමයි. ඉන් පසුව එම මීගමුව නගරසභාවේ නිලධාරීන් ලෙස කටයුතු කරන මැරයන් විසින්ම පටිගත කල ඡායාරූප හා වීඩියෝ පට පමණක් මාධ්‍ය හරහා ප්‍රචාරය විය. සිදුවීම මාධ්‍ය වෙත ගියේද දයාන් ලන්සා පාර්ශ්වය චිත්‍රයට ලබාදෙන රාමුව තුළ සිටිමින් පමණි. පුළුල් චිත්‍රය වාර්තා කළ මාධ්‍යවේදීන්ට අප්‍රසන්න අත්දැකීමකට මුහුණදෙන්නට සිදුවිය. නගර සභාව මාධ්‍යවලට ලබා දුන් අදාළ ඡායාරූපවල හෝ වීඩියෝ පටවල පොලූ මුගුරු රැුගෙන සිටි මැරයන් දක්නට ලැබුනේ නැත. සිදුවීම ආවරණය කරන්නට පැමිණ සිටි එකම මාධ්‍යවේදියා මීපුර මාධ්‍යවේදියා පමණි. දත්ත මැකුවේ ඔහුගේ කැමරාවලින්ය.
මෙය අලූත් තත්ත්වයක් නොවේ. මීගමුවේ මේ වෙද්දී දේශපාලන ආධිපත්‍යය පවත්වාගෙන යන්නේ නිමල් ලන්සා සහ දයාන් ලන්සා ඇතුලූ පිරිසකගේ ආශිර්වාද ලබන මැරයන් පිරිසකගේ දේශපාලනයක් විසින්ය. ඔවුන්ට එරෙහි දේශපාලන මත දරන පුද්ගලයන්ට මුහුණදෙන්නට සිදුවෙන්නේ මේ මැරයන්ගේ තර්ජනවලටය. මාධ්‍යවේදියෙකුගේ උපකරණවලට බලහත්කාරයෙන් අත තබා ඒවායේ දත්ත මැකීම අතිශය බරපතළ ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.
මෙම සිදුවීමට මුහුණ දුන් මීපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදියා වන සැම්සන් ඥාණසිරි පවසන්නේ මොවැන්නකි.
‘‘මීපුර වෙබ් අඩවියේ කතෘ ෆ්‍රෙඞී ගමගේ මහතා මට දැනුම් දුන්නා මීගමුවේ නගරසභාව පෙරියමුල්ල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම්ක් ඉවත් කරන්න සූදානම් වෙනවා ඊට මාධ්‍ය ආවරණය ලබා දෙන ලෙස, මම එම ස්ථානයට ගියා. අවශ්‍ය ජායාරූප ගැනීම් සිදුකළා. එම අවස්ථාවේ සිටි නගර සභාව් අයෙක් කියා හඳුන්වා දීපු අයෙක් මගෙන් විමසා සිටියා ඔයා කවුද, ඇයි මේ සිද්ධියේ ඡුායාරූප ගත්තේ කියා. එවිට මා ඔවුන්ට කිවුවා මම මීපුර වෙබ් අඩවියේ බවත් ඊට අවශ්‍ය ඡුායාරූප ලබාගත් බව. පසුව කීපදෙනෙක් වටවී මගෙන් කැමරාව ඉල්ලා සිටියා. මම ඊට අකමැති වුණා. පසුව ඔවුන් මගෙන් කැමරාව බලහත්කාරයෙන් ලබාගන එහි තිබූ සියළු ජායාරූප මකා දුමුවා.’’
මෙම සිදුවීම සම්බන්ධයෙන් මීගමුව පොලීසියේ පැමිණිලි දෙකක් දමා ඇත. එම පැමිණිලි විභාගය සඳහා අදාළ පුද්ගලයන්ට මීගමුව පොලිසිය වෙත ඔක්තෝබර් 23 දින පැමිණෙන ලෙස දැනුම් දුන්නද එදින ඔවුන් පොලීසියට පැමිණ නැත.
පසුගිය 19 දා මෙම සිදුවීමට මුහුණ දුන් ව්‍යාපාරිකයා විවෘතවම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. ඒ නිසාම මීට පෙර අවස්ථා ගණනාවකදීම ඔහුගේ නිවසට අත්බොම්බ ගසා වෙඩිතබා තිබෙන බව ඔහු පවසයි. ඒ සම්බන්ධයෙන් අප කල විමසීමට අනුව ඔහු පවසන්නේ මෙවැන්නකි.
‘‘මම පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයෙක්. මේ ආරවුලට මුල ඒකයි. මම මීගමුවේ නාගරික කොමසාරිස්ට විරුද්ධව පොලිස් පැමිණිල්ලක් දාලා තියෙනවා. මොකද මීගමුවේ අනවසර ඉදිකිරීම් කරන්නේ වෙන කවුරුත් නෙමෙයි නගර සභවමයි. මම නාගරික කොමසාරිස්ට විරුද්ධව දැපු පැමිණිල්ල විභාග කරන්න තිබුණේ අනවසර ඉදිකිරීමක් කියලා මගේ කඩය කඩන්න ආපු දවසේ උදේ දහයට. ඒක විභාගයට ගත්තනාම් කොමසාරිස් වැරදිකාරයා වෙනවා. ඒක නිසා එදා උදේ හතහමාරට කඬේ කඩන්න ආවා. මම අනවසර ඉදිකිරීම් කරලා ව්‍යාපාර පවත්වාගන යනවානම් කරන්න ඕන ඉස්සර වෙලාම නගර සභාවෙන් දැනුම් දීමක් කරන්න ඕන. අඩුම වශයෙන් එහෙම එකක්වත් වුණේ නෑ. මේ ඉඩමේ ඔප්පු තියනවා. සැලැස්ම තියෙනවා. අනුමත කරපු ගොඩනැඟිලි සැලැස්ම තියෙනවා. ඉතින් කොහොමද අනවසර වෙන්නේ මීගමුවේ නීතිය කියන්නේ ලන්සලාගේ නීතිය.’’
දැනට මීගමුව නගරය තුළ පමණක් ඉදිකර පවත්වා ගෙන යන ව්‍යපාරික ස්ථාන ඇතුළුව අනවසර ඉදිකිරීම් ගනන දෙසීයකටය ආසන්නය. මීගමුව සුපිරි වෙළෙඳ සංකිර්ණය පිටුපස දුම්රියපොළට ආසන්නයේ නගර සභාවට අයත් භූමියේ පවත්වාගන යන රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගන යන්නේ මීගමුව නගරසභාවේ ආදායම් නිලධාරියෙකු විසිනි. පුද්ගලයන් මහ දහවලේ වෙළෙඳසැල්වලින් බලහත්කාරයෙන් කප්පම් මුදල් රැස්කිරීම සිදුකරන බව පවසන්නේ මීගමුවේ ව්‍යාපාරිකයන්ය. එහෙත් ඒ කිසිවකට විරුද්ධ වීමේ හැකියාවක් ඔවුන්ට නැත. එමෙන්ම මීගමුවේ මහජනතාවට විවෘතව තැබිය යුතු ඇතැම් මාර්ග ව්‍යාපාරික හිතවත් කම් මත වසා දමා තිබේ.
මේවා අලූත් සිදුවීම් නොවේ. මීට පෙර 2016 වසරේ මීගමුව නගර සභාව තුළදීම මීපුර වෙබ් අඩවියේ කතෘ ,වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඞී ගමගේ මහතාට නගර සභා සේවකයන් ලෙස පෙනී සිටි පුද්ගලයන් පොල්ලකින් පහර දෙනුලැබීය. එහෙත් ඒ සම්බන්ධයෙන්ද නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වූයේ නැත. ඒ සම්බන්ධයෙන් මීගමුව පොලීසිය අනුගමනය කළේද ඇල්මැරුණු ක්රමවේදයකි.
මීගමුවේ සිදුවන ඇතැම් මැර කම් හා අමානුෂික පහරදීම් පිටුපස සිටින්නේ කවුදැයි ප්‍රසිද්ධියේ කතා නොකළත් ජනතාව ඒ ගැන දැන දැනම නිහඬව සිටියි. ඒ තමන් මෙම අපරාධකරුවන්ට ගොදුරු වීමෙන් වැළකී සිටීමටය.
හොඳම නිදසුන් වන්නේ මීගමුවේදි එක්තරා තරුණියක් ඇසිඞ් ප්‍රහාරයකට ලක්වීමයි. එය මැර දේශපාලනන බලවතෙකුගේ පේ‍්‍රම සම්බන්ධතාවක් පිළිබඳ ගැටුමක ප්‍රතිඵලයක් නිසා සිදුකරන ලද ප්‍රහාරයක් බව නගර සභා සේවකයෝම පවසති. දෙවැන්න මීගමුව නගරසභාවේම ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරයෙකු වන කපිල සුලෝචනට මන්නා පිහිවලින් කපා කොටා දැමීම. ඒ මන්ත්‍රිවරයා දේශපාලන බලවතෙක්ව දැඩි ලෙස විවේචනය කළ නිසාය.
ඒ දේශපාලන බලවතුන්ට මේ සිදුවීම්වලට තමන් සම්බන්ධ නැතැයි ප්‍රතික්ෂේප කළ හැකිය. එහෙත් මේ සිදුවීම් එකක් සම්බන්ධයෙන් හෝ නිසි පොලිස් විමර්ශනයක් සිදු නොවීම බරපතළ ගැටලූවකි. ඇසිඞ් ප්‍රහාරයට ලක්වූ තරුණියට අදටත් මීගමුවට පැමිණීම මැරයන් විසින් තහනම් කර තිබේ. ඉහත සදහන් මන්ත්‍රීවරයා කපාකොටා දැමීමට අදාළ විමර්ශන සිදු නොවන්නේ සැකකරුවන් හඳුනාගැනීමට නොහැකි බව පැවසීම නිසාය. අනෙක් අතට එම සිදුවීම ඇසෙන් දුටු ජනතාව මැරයන්ට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් නොවීම නිසාය. එහෙත් එම අපරාධ පිටුපස සිටින්නන් කවුදැයි ප්‍රසිද්ධ රහසකි.
මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අප මීගමුවේ කලක් නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කල සමාජ ක්‍රියාකාරිකයෙකු වන බි්රටෝ ප්‍රනාන්දු මහතාව සම්බන්ධ කරගත්තේ මේ සම්බන්ධ අදහසක් විමසීමේ අටියෙනි.
‘‘කියන්න කණගාටුයි අද මීගමුවේ තත්ත්වය. එදා ඉඳලම මේ තත්ත්වය තිබුණා. නමුත් අද ඒක ඉතාම උග්‍ර තත්ත්වයට පත්වෙලා. විරුද්ධ දේශපාලන ක්‍රියාකරීන්ට විතරක් නොවේ සමාජ සංවිධානවල පුද්ගලයන්ට, මාධ්‍යවේදීන්ට හැමෝටම මීගමුවේ චණ්ඩින් අනුගමනය කරන්නේ අතිශයින්ම වෛරී සහගත ප්‍රතිපත්තියක්. ඇත්ත තත්ත්වය ඒකයි. මම නම් දන්නේ නෑ පොලිසිය වගේ ආයතන මොනවා කරනවාද කියලා’’
මීගමුව මේ වෙද්දී දේශපාලන මැරයන්ගේ සෙල්ලම් පිටියක් බවට පත්ව තිබෙන බව පැහැදිළි කාරණයකි. මේ සෙල්ලම් නැවැත්වීම ආණ්ඩුවේ වගකීමකි. මේවා ගැන ප්‍රශ්න කළ යුත්තේ වෙන කිසිවෙකුගෙන් නොවේ. මෙවැනි මැරයන්ට දේශපාලන දොරටු විවෘත කළ දේශපාලන නායකයන්ගෙන්මය. මීගමුව මැරයන්ගෙන් ගලවා දිය යුත්තේද ඔවුන් විසින්මය. ඒවාට එරෙහිව හඬ නැඟීම පමණක් අපට සිදුකළ හැකිය.
ධම්මික ප්‍රියදර්ශන