ලංකාවේ පාර්ලිමේන්තුව යනු රටේ ඇති වඩාත්ම අකාර්යක්ෂම ආයතනයක් බව මීට පෙරත් අපි පෙන්වා දී ඇත්තෙමු. රටක රජයක් විසින් විවිධාකාර ආයතන සහ සේවා පවත්වාගෙන යනු ලබයි. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ත‍්‍රිත්වය හරහා ඒ සේවාවන් ක‍්‍රියාත්මක වෙයි. මේ ආයතන තුනෙහිම ඉහළම තනතුරු වෙනුවෙන් වඩාත්ම සුදුසු අය පත්වීමත්, එවැනි අය දූෂණයෙහි යෙදීම වැළැක්වීම වෙනුවෙන් ඉහළම ගෙවීම් සිදු කිරීමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සැලකෙයි. ඉතින්, ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් සාපේක්ෂව ඉහළ වැටුපක් සහ දීමනාවක් ගෙවීමේ ගැටලූවක් නැත. පාර්ලිමේන්තුව නම් ආයතනය පවත්වාගෙන යෑමට විශාල වියදමක් දැරීමේ ගැටලූවක්ද නැත. ගැටලූව ඇත්තේ එතරම් වියදමක් දරා පවත්වාගෙන යන ආයතන විසින් තම කාර්යභාරය ඉටු කරනවාද යන්නයි.
පුරවැසියෙකු විසින් තොරතුරු දැනගැනීමේ ඉල්ලූම්පතක් හරහා ලබාගත් තොරතුරු අනුව 2017 සම්පූර්ණ වර්ෂයේදී පාර්ලිමේන්තු රැුස්වීම් පැවැත්වීම සඳහා වියදම් වී ඇති සම්පූර්ණ වියදම රුපියල් 2,443,534,315 කි. එනම් රුපියල් මිලියන 2443 කි. පාර්ලිමේන්තුව දින 95ක් රැුස්වී ඇත. එක් දිනයක් පාර්ලිමේන්තුව රැුස්වීම සඳහා වැය වූ මුදල රුපියල් 25,721,413 ක් හෙවත් රුපියල් මිලියන 25 කි.
අගෝස්තු පළමුවැනිදා වෙද්දී තෙල් මිල අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයෙකුට මසකට තෙල් සඳහා වියදම ලෙස රුපියල් 33,504 ක් ලැබෙයි. ගම්පහ සහ කළුතර මන්ත‍්‍රීවරුන්ට රුපියල් 41,958 ක් තෙල් වියදම ලෙස ලැබෙයි. කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, ගාල්ල සහ මහනුවර දිස්ත‍්‍රික්කවල මන්ත‍්‍රීවරුන්ට රුපියල් 50,309 ක් ලැබෙයි. මාතලේ, පුත්තලම්, මාතර, නුවරඑළිය දිස්ත‍්‍රික්කවල මන්ත‍්‍රීවරුන්ට රුපියල් 58,660 ක තෙල් වියදමක් මාසිකව හිමිවෙයි. පොළොන්නරුව, බදුල්ල, හම්බන්තොට, වන්නි, මොණරාගල, අනුරාධපුර, ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කවල මන්ත‍්‍රීවරුන්ට රුපියල් 67,113ක් ඉන්ධන වියදම් ලෙස ලැබෙයි. මඩකළපුව, දිගාමඬුල්ල, යාපනය දිස්ත‍්‍රික්කවල මන්ත‍්‍රීවරුන්ට රුපියල් 75,464 ක ඉන්ධන දීමනාවක් ලැබෙයි. ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන්ට ලැබෙන මුදල රුපියල් 49,531 කි.
අනෙක් වියදම් පිළිබඳව මීට පෙර අනිද්දා පුවත්පතේ වාර්තා කර ඇත. මත්ත‍්‍රී වැටුප රුපියල් 54,285 කි. සංග‍්‍රහ දීමනාව රුපියල් 1000 කි. රියැදුරු දීමනාව රුපියල් 3500 කි. පාර්ලිමේන්තු රැුස්වීමකට සහභාගීවීමට එක් දිනකට රුපියල් 2500 බැගින් හිමිවෙයි. කාරක සභා රැුස්වීම් දීමනාද ලැබෙයි. පාර්ලිමේන්තු රැුස්වීමක් නොමැති දවසක කාරක සභා රැු ස්වීමක් වෙනුවෙන් දිනකට රුපියල් 2500ක් හිමිවෙයි.
අලූතෙන් කාර්යාල දීමනාවක්ද හඳුන්වාදී ඇත. ඒ අනුව මසකට කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් 100,000 බැගින් හිමිවෙයි. මෙය අලූතෙන් හඳුන්වාදී ඇති දීමනාවකි. දුරකථන බිල්පත් සඳහායැයි කියමින් රුපියල් 50,000 ක බිල්පත් දීමනාවක්ද හිමිවෙයි. කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව්දෙනෙකු සඳහායැයි කියමින් මසකට රුපියල් 10,000ක දීමනාවක් ලැබෙයි. මීට අමතරව සම්පූර්ණ වර්ෂයටම නිදහස් තැපැල් දීමනාව ලෙස රුපියල් 350,000 ක් වටිනා මුද්දර ලබාදෙයි.
පුරවැසියන්ගේ බදු මුදලින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පන්න පන්නා දීමනා ලබාදෙයි. එහෙත් ඔවුන් රටට වැදගත් පනත් ආදිය සම්මත කරගන්නවාද? රට දියුණු කරන ආකාරය පිළිබඳව උණුසුම් වාද විවාද සිදුකරනවාද යන්න අප විසින් විමසිය යුතු කාරණයයි. පසුගිය සතියෙහි අප පුවත්පතෙන්ම වාර්තා කළ ආකාරයට නව ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡුා කිරීමට පාර්ලිමේන්තුවේ සාමාජිකයන් හැකි තරම් ඉක්මනින් රැුස්විය යුතුව ඇතත් ඔවුන් රැුස්වීමට නියමිතව සිටින්නේ ලබන ජනවාරියේය. අවුරුදු හතරක් තිස්සේ පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයක් නිර්මාණය කරගැනීමට පාර්ලිමේන්තුවේ සාමාජිකයෝ අසමත් වූහ. රුපියල් මිලියන 2443ක් වැය කළ 2017 අවුරුද්ද තුළදී නිශ්චිත පළාත් සභා මැතිවරණ ක‍්‍රමයක් ඇති කරගැනීමට ඔවුහු අසමත් වූහ. රටේ මුදල් නාස්ති වූ අවස්ථා පිළිබඳව තීරණයක් ගැනීමට අසමත් වූහ. තමන්ගේ වගකීම් ඉටු කිරීමට තබා පාර්ලිමේන්තුවට පැමිණීමට තරම්වත් ඔවුන්ට වගකීමක් නොවීය.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පැමිණීම පිළිබඳව තොරතුරු සඳහන්ව ඇත. ඒ තොරතුරු අනුව 2018 වර්ෂයේ ඔක්තෝම්බර් මස 1 වැනිදා තෙක් පාර්ලිමේන්තුව පැවැත්වූ දින ගණන 58 කි. ඒ කාලය ඇතුළත පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් අතරින් මන්ත‍්‍රීවරුන් 200කට වඩා පැමිණ ඇත්තේ එකම එක දිනයක් පමණි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 150කට වඩා පැමිණ ඇත්තේ දින 19ක් පමණි. ඒ අනුව දින 29ක්ම පාර්ලිමේන්තුව රැුස්ව ඇත්තේ මන්ත‍්‍රීවරුන් 150ක්වත් නැතිවමය. මේ ඇත්තේ පාර්ලිමේන්තුවට පැමිණ පැමිණීීම සටහන් කළ මන්ත‍්‍රීවරුන් පිළිබඳ තොරතුරුය. පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුව මන්ත‍්‍රීවරුන් සභා ගර්භයෙහි රැඳී සිටින්නේද ඉතා අඩු කාලසීමාවකි. පාර්ලිමේන්තු වාර්තාකරුවන් කියන අන්දමට විශේෂ අවස්ථාවලදී හැර, සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සභාගර්භයෙහි රැුඳී සිටින්නේ මන්ත‍්‍රීවරුන් 20ක පමණ ප‍්‍රමාණයකි. ලංකාවේ පාර්ලිමේන්තුවේ පැමිණීමේ තත්ත්වය එයයි. ලංකාවේ සිදුවන නාස්තිය සහ දූෂණය සම්පූර්ණයෙන්ම සංකේතවත් වෙන නිසා පාර්ලිමේන්තුව යනු ලංකාවේ නාස්තිකාරම ආයතනය යැයි සරලව කිව හැකිය.
අනුරංග ජයසිංහ