No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

ඉඩම් අයිතියට කැබිනෙට්ටුවේ ගැටුම්

Must read

 

තමන් භුක්ති විඳින ඉඩම් සඳහා ස්ථීර හිමිකමක් නොමැති පුද්ගලයන්ට ඉඩම්වල සින්නක්කර අයිතිවාසිකම් ලබාදීම සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල සංදේශයක් සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපය සහ එක්සත් ජාතික පක්ෂය අතර කැබිනට් මණ්ඩලය තුළ මත ගැටුමක් ඇති වී තිබෙන අතර අමාත්‍ය විජේදාස රාජපක්ෂ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට පක්ෂව අදහස් දක්වා තිබේ.
ගයන්ත කරුණාතිලක ඇමතිවරයා කැබිනට් සංදේශය ඉදිරිපත් කර තිබුණු අතර ජනාධිපතිවරයා එම අවස්ථාවේදී ප‍්‍රකාශ කර ඇත්තේ එම යෝජනාව පිළිබඳව සලකා බැලීමට කාලයක් අවශ්‍ය වන බවයි. එම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කණ්ඩායම පවසා ඇත්තේ මෙම කැබිනට් පත‍්‍රිකාව ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් මත පදනම් වූ එකක් බවයි. ඒ සම්බන්ධයෙන් කණ්ඩායම් දෙක අතර අදහස් හුවමාරුවක් ඇතිවී තිබෙන අතර විජේදාස රාජපක්ෂ ඇමතිවරයා එම සංවාදයට මැදිහත් වී ආවේගයෙන් අදහස් දක්වා තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ මෙවැනි ඉඩම්වල පදිංචිව සිටින පුද්ගලයන්ට ඔප්පු ලබාදුනහොත් ඔවුන් ඉඩම් විකුණා දමා මත්පැන් සඳහා එම මුදල් නාස්ති කරනු ඇති බවයි. ඒ නිසා ඔවුන්ට ඉඩම් ඔප්පු ලබා නොදිය යුතු බව විජේදාස රාජපක්ෂ පවසා තිබේ.
කෙසේ වෙතත් එම කැබිනට් මණ්ඩල සංදේශය පිළිබඳ තීරණයක් ගැනීම කල් දමා ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ ඇමතිවරයෙකු ප‍්‍රකාශ කළේ මෙම කැබිනට් පත‍්‍රිකාවට ජනාධිපතිවරයා විරුද්ධ වීමට එකම හේතුව එය එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ එකක් නිසා බවයි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි