No menu items!
19.5 C
Sri Lanka
20 January,2025

විග්නේෂවරන්ගෙන් පක්ෂයක්

Must read

 

 

උතුරු පළාත් සභාවේ කාලය අවසන් වන ඔක්තෝබර් 24 වැනිදා එහි ප්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේෂ්වරන් විශේෂ ප්‍රකාශයක් කරමින් දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම සඳහා තමාගේ ඇති සූදානම ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඉදිරි මැතිවරණය සඳහා මහඇමති අපේක්ෂකයා ලෙස නව පක්ෂයෙන් ඉදිරිපත් වන බවද ඔහු එහිදී ප්‍රකාශ කිරීමට නියමිතය. විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් දැන් කටයුතු කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වශයෙනි.

සී. වී .විග්නේෂ්වරන්  මහතාට නව පක්ෂයක් ආරම්භ කීරීමට උතුරු පලාත් සභා මන්ත්‍රිනි ආනන්දි ශෂිදරන් මහත්මියද සහය පල කර ඇති බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානයට විකල්පයක් වශයෙන් ක්‍රියාත්මක වූ දෙමළ ජනතා සභාව නම් සිවිල් සංවිධානය සමඟ කටයුතු කළ කණ්ඩායමක් ඒකරාශී කරගනිමින් මෙම නව පක්ෂය නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව විග්නේෂ්වරන් මහතාට සමීප ආරංචි මාර්ග පැවසීය.

දෙමළ ජනතා සභාව දේශපාලන පක්ෂයක් බවට පත්කිරීම සඳහා සී.වී. විග්නේෂ්වරන් මහඇමතිවරයා ගෙන තිබුණු උත්සාහය දෙමළ ජනතා සභාවේ නායකයන්ගේ විරෝධය නිසා ව්‍යර්ථ වී තිබෙන බවත්, ඒ වෙනුවට නව පක්ෂයක් ආරම්භ කිරීමට ඔහු බලාපොරොත්තු වන බවත් එම ආරංචිමාර්ග පැවසීය.

කෙසේ වෙතත් තනි දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම වෙනුවට, සන්ධානයක් ලෙස ඉදිරිපත් වීමට විග්නේෂ්වරන් මහතාගේ නව පක්ෂය බලාපොරොත්තු වන බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 

 

අනුරංග ජයසිංහ

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි