No menu items!
19.2 C
Sri Lanka
20 January,2025

ප‍්‍රචාරක ව්‍යාපෘතිය පුස් වෙයි දුමින්දගේ මරණ දඬුවම ස්ථිරයි

Must read

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂක මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම ඔක්තෝබර් 11 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව ස්ථිර කරන ලදි.

ඒ, තමන් වරදකරුවන් කරමින් හා මරණ දඬුවම නියම කරමින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල දුන් තීන්දුවට එරෙහිව විත්තිකරුවන්ගේ් පාර්ශ්වය කළ අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව ප‍්‍රකාශ කරමිනි.

පසුගිය කාලය පුරාම, මේ අභියාචනා විභාගයේදී විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ කරුණු පමණක් උපුටා දක්වමින් දුමින්ද සිල්වා අහිංසකයකු බවට ප‍්‍රකාශ කරමින්, දිවයින, මව්බිම ඇතුළු පුවත්පත් හා හිරු ඇතුළු රූපවාහිනී නාලිකා හරහා විශාල ප‍්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කෙරුණි. ඒ ව්‍යාපෘතිය සඳහා ජනමාධ්‍යවේදීන්ට රුපියල් ලක්‍ෂ එකහමාර බැගින් සන්තෝසම් දී ඇති බව ‘අනිද්දා’ මීට පෙර වාර්තා කළේය.

මරණ දඬුවම නියම වී සිටි, පොලිස් නිලධාරියකු වූ අනුර තුෂාර ද මෙල්ට පැනවූ මරණ දඬුවම පමණක් ඉවත් කර ඔහු මුදාහැරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

අගවිනිසුරු ප‍ියසාත් ඩෙප්, බුවනෙක අලූවිහාරේ, නලින් පෙරේරා, ප‍‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු මෙන්ම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ පළාත් පාලන මැතිවරණය පැවැති 2011 ඔක්තෝබර 08 වැනි දා මුල්ලේරියාවේදීය.

දුමින්ද සිල්වා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ සමීප මිතුරකු වූ අතර, මේ සිදුවීමේදී වෙඩිවැදී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසු ඔහුගේ දුක සැප බලමින් ගෝඨාභය රාජපක්‍ෂ එහි රැුඳී සිටියේය. පසුව රාජපක්‍ෂ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ඔහු සිංගප්පූරුවට ප‍්‍රතිකාර සඳහා යවන ලදි.

අරුණ ජයවර්ධන

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි