No menu items!
19.6 C
Sri Lanka
20 January,2025

රවීට ඇමතිකම දෙනවාට සජිත් විරුද්ධයි

Must read

ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායකට ඇමතිධුරයක් යළි ලබාදීම සම්බන්ධයෙන් අගමැතිවරයා කළ විමසීම්වලදී එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඇතුළු පිරිසක් ඊට දැඩි විරෝධය දක්වා ඇතැයි වාර්තා වෙයි.

සජිත් පේ‍්‍රමදාසට අමතරව ගයන්ත කරුණාතිලක, ජෝසෆ් මයිකල් පෙරේරා, රන්ජන් රාමනායක ඇතුළු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පිරිසක් රවී කරුණානායක මහතාට ඇමතිධුරය ලබාදීම පිළිබඳව පක්ෂයේ අභ්‍යන්තර රැස්වීම්වලදී විරෝධය දක්වා තිබේ.
මෑත කාලයේ පැවති පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමකදී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ රවී කරුණානායකට ඇමතිධුරය

ලබාදීමඑට එකඟදැයි විමසූ බවත් එහිදී රන්ජන් රාමනායක සහ හිටපු අමාත්‍ය ජෝසෆ් මයිකල් පෙරේරා නැඟිට එයට දැඩි විරෝධය පළ කර තිබුණු බවත් අනිද්දා සමඟ අදහස් දැක්වූ එජාපයේ නායකයෙක් කීය. එම රැුස්වීමේදී ජෝසෆ් මයිකල් පෙරේරා මහතා ආවේගාත්මකව අදහස් දක්වා රැුස්වීමෙන් නැඟිට ගිය බව එම නායකයා පැවසීය.

එම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පසුව පැවති පක්ෂයේ දේශපාලන මණ්ඩල රැුස්වීමකදීද මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහිදී නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සහ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක රවී කරුණානායක ඇමතිධුරයකට පත් කිරීම පිළිබඳව විරෝධය දක්වා ඇත. එහිදී සජිත් පේ‍්‍රමදාස මහතා පවසා ඇත්තේ රවී කරුණානායක පක්ෂයේ උපනායක ධුරයෙන් පවා ඉවත් කළ යුතු බව තිලක් මාරපන කමිටුවෙන් පෙන්වා දී ඇති බවත්, රවී කරුණානායකට එරෙහිව ඇති චෝදනාවලින් නිදහස් වනතුරු ඔහුට ඇමතිධුරයක් ලබානොදිය යුතු බවත්ය.

මේ වන විට රවී කරුණානායක මහතා සමඟ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමීපව කටයුතු කරන බව වාර්තා වෙයි. පසුගිය සති කිහිපයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ එජාපය රවි කරුණානායක මන්ත‍්‍රීවරයාට ඇමතිධුරයක් ලබාදීමට කැමැත්ත පළ කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය.

රවී කරුණානායක මන්ත‍්‍රීවරයා මාධ්‍ය ඉදිරියේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර විවේචනය කරමින් අදහස් පළ කර තිබුණු අතර ඉදිරි අයවැයේදී මංගල සමරවීර ඇමතිවරයා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා රවී කරුණානායක ඇතුළු පිරිසක් සහයෝගය පළකිරීමට නියමිත බවද වාර්තා විය.

අනුරංග ජයසිංහ

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි