No menu items!
19.5 C
Sri Lanka
20 January,2025

නිව්යෝක් සවාරියට නිල වශයෙන් 63ක්

Must read

 

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල රැුස්වීම සඳහා නිල වශයෙන් 63 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් රැුගෙන ගොස් ඇත.

එම පිරිසට නිව්යෝක් නුවරට ගොස් සිටින ඔහුගේ දියණිය චතුරිකා සිරිසේන, ඇගේ සැමියා, පුත් දහම් සිරිසේන සහ ඔහුගේ පෙම්වතිය ඇතුළු පිරිස අයත් වන්නේ නැත.

එම නිල පිරිසට ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳද, විදේශ අමාත්‍ය තිලක් මාරපන හා ඔහුගේ බිරිඳද අයත් වේ. එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් ජානක මාරපනද, අමාත්‍යවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාද ඊට අයත්ය.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, චම්පික රණවක, මනෝ ගනේෂන්ද, ප‍්‍රධාන අමාත්‍යවරයෙකු වන සරත් ඒකනායකද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අබ්දුල් ඉෂාක් රහුමාන්, වඩිවේල් සුරේෂ්, එස්.එම්. මරික්කාර් හා අසාද් සාලිද දේශපාලනඥයන් වශයෙන් එම පිරිසට අයත් වේ.

ආචාර්ය ඒ. නන්ද හා එස්. ඥානරතන යන හිමිවරුන් දෙදෙනාද ඊට ඇතුළත් වේ. ජනාධිපති ආරක්ෂක අංශයේ 13 දෙනෙකුද ජනාධිපති මාධ්‍ය අංශයේ 11 දෙනෙකුද එම පිරිස අතර වෙති.

එමෙන්ම මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් 6 දෙනෙකුද, විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් 5 දෙනෙකුද එම පිරිස අතර සිටිති.

ඉඳුවර බණ්ඩාර

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි