No menu items!
20.1 C
Sri Lanka
19 January,2025

මෛත‍්‍රී හා රවිගේ සහායෙන් අයවැය පැරදවීමේ සැලසුමක්

Must read

එළැඹෙන නොවැම්බර් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය ඒකාබද්ධ විපක්ෂය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හා එජාපයේ රවී කරුණානායකගේ සහයෝගයෙන් පරාජය කිරීම සඳහා මේ වනවිට සැලසුමක් සකස් කරමින් ඇතැයි වාර්තා වෙයි.
ඒ සඳහා ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය හැරගොස් සිටින තිස්ස අත්තනායකගේ සහයෝගය ලබාගැනීමටද සැලසුම් කර ඇත.
ඒකාබද්ධ විපක්ෂය, ශ‍්‍රීලනිපය සහ රවී කරුණානායක ඇතුළු එජාප කණ්ඩායමක් විසින් අයවැයට විරුද්ධව ඡුන්දය ලබාදීමටත්, ඉන්පසුව මහින්ද රාජපක්ෂ අගමැතිධුරය දරන නව කැබිනට් මණ්ඩලයක් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පිහිටුවීමටත් සැලසුම් සකස් කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වෙයි.

සැප්තැම්බර් 18 වැනිදා කොළඹ විජේරාම පාරේ පිහිටි හිටපු ජනපති නිලනිවසේ, මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡුාවක් පවත්වා ඇති අතර එහිදී අයවැය පරාජය කිරීම පිළිබඳව සහ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවිත් පොලිස්පති පූජිත් ජයසුන්දර ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා වී ඇත.

පොලිස්පති පූජිත් ජයසුන්දරට තනතුරෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දීම එම සාකච්ඡුාවේම ප‍්‍රතිඵලයක්යැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ මතය වී ඇති අතර එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අතර පවතින එම වැඩපිළිවෙළට අදාල එකඟතාවේ ප‍්‍රතිඵලයක් බවද කියැවෙයි.

පොලිස් ඔත්තුකරුවෙකුයැයි කියන නාමල් කුමාරගේ ඝාතන කුමන්ත‍්‍රණ හෙළිදරව්ව සමග සහ එයට එජාපය දෙසින් දැක්වූ ඇල්මැරුණු ප‍්‍රතිචාරය ජනපතිවරයා සහ එජාපය අතර ගැටුම උත්සන්න කර ඇතැයි දැනගන්නට ලැබේ.

සැප්තැම්බර් 14 වැනිදා උතුරු කොළඹ එජාප කාර්යාලයේදී මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් රවි කරුණානායක මන්ත‍්‍රීවරයාද ඩොලරය පහත බැසීම ගැන විවේචනාත්මකව අදහස් දක්වා ඇති අතර තෙල් මිල සූත‍්‍රය ඇතුළු ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය දැඩිව විවේචනය කර ඇත. රවී කරුණානායක මන්ත‍්‍රීවරයා ඔහුට ජනාධිපතිවරයා විසින් නැවත කැබිනට් ඇමති ධුරයක් ලබාදීමට කැමැත්ත පළ කර ඇතැයි අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කර ඇති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත ලබාගන්නා ලෙස දන්වා ඇතැයිද කියා ඇත. එක්සත් ජාතික පක්ෂය එය වැළැක්වීම සඳහා සී.අයි.ඞී.ය ලවා තමාට අලූ‍ත් නඩුවක් පැටලූ බවද රවී කරුණානායක මහතා එම අවස්ථාවලදී චෝදනාත්මකව ප‍්‍රකාශ කර ඇත.

අනිද්දා කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙකු ප‍්‍රකාශ කළේ තවත් මාසයක් අවසන් වෙද්දී මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරය දරණ ආණ්ඩුවක් බිහිකිරීම සඳහා පසුබිම සැකසෙනු ඇති බවයි. එමෙන්ම එජාපයේ මන්ත‍්‍රීවරයෙකු පැවසුවේ එලැඹෙන අයවැයේදී ආණ්ඩුව පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් යන බවට ඔහුට තිලංග සුමතිපාල මන්ත‍්‍රීවරයා පැවසූ බවය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි