No menu items!
20.7 C
Sri Lanka
19 January,2025

ජවිපෙන් අපේක්ෂකයෙක්

Must read

 

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වන සංශෝධන යෝජනාව සම්මත කරගැනීමට නොහැකි වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්ව සිටින බව වාර්තා වෙයි.

ප‍්‍රධාන දේශපාලන බලවේගවලින් ඉදිරිපත් කරන අපේක්ෂකයන්ට අමතරව පක්ෂ දේශපාලනයට සම්බන්ධයක් නොමැති පාවෙන ඡුන්ද ඉලක්ක කරගනිමින් එම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානමින් සිටින බව වාර්තා වෙයි. පාවෙන ඡුන්ද ලක්ෂ 15ක් පමණ ලංකාවේ ඇතැයි ජවිපෙ තක්සේරුව වී ඇති අතර දෙවැනි මනාපවල වාසිය ලබාගැනීමටද හැකිවෙනු ඇතැයි ඔවුන් තක්සේරු කර ඇත.

මේ පිළිබඳව අනිද්දා කළ විමසීමකදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්ත ප‍්‍රකාශ කළේ මෙතෙක් ජවිපෙ විසින් කළ විකල්ප දේශපාලනයේ වාසිය ප‍්‍රධාන දේශපාලන පක්ෂ විසින් ලබාගෙන ඇති බවයි. තවදුරටත් තමන්ගේ දේශපාලන ක‍්‍රියාකාරකම්වල වාසිය ප‍්‍රධාන දේශපාලන පක්ෂවලට ලබානොදිය යුතු බවත්, ඒ නිසා ජවිපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බවත්ය.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි තවම තීරණය කර නොමැති බව කේ.ඞී. ලාල්කාන්ත මහතා කීය.

 

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි