No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

මොරගහකන්ද අවතැන් පවුල් 550ක සලාකය කපලා

Must read

 

මොරගහකන්ද ව්‍යාපෘතිය නිසා නැවත පදිංචි කරවනු ලැබූ පවුල් 550ක ආහාර සලාක කපාහැර ඇතැයි මොරගහකන්ද පවුල් ජනඅයිතිය සුරැකුම් සංවිධානය පවසයි.

ලබාදෙන ආහාර සලාකයේ ගුණාත්මකභාවය අඩුකිරීම, ගොවිතැන සඳහා ජලය ලබා නොදීම වැනි ගැටලූවලට තමන් මුහුණ දෙමින් සිටින බව එම සංවිධානයේ කැඳවුම්කරු ආර්.ඒ. ජයතිලක පවසයි.

ජලාශ ව්‍යාපෘතිය ආරම්භයේදී ප‍‍්‍රදේශයේ තරුණ තරුණියන්ට රැුකියා ලබාදීමට කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට දුන් පොරොන්දුවද ඉටුකර නොමැති බව ඔහු පෙන්වාදෙයි.

මෙම ව්‍යාපෘතිය නිසා නැවත පදිංචි පවුල් රැුසක් ගැටලූ ගණනාවකට මුහුණදෙන බවට තොරතුරු ඇතැ’යි මාතලේ දිස්ති‍‍ක් එජාප මන්තී‍‍්‍රනි රෝහිණි කවිරත්න පවසයි. ඇය පෙන්වා දෙන්නේ ඇතැම් ගැටලූ විසඳීමේදී නිර්ණායකවලට සීමා නොවී මානුෂික සොයාබැලීමක් කර පිළිතුරු සලසා දිය යුතු බවය. එමෙන්ම මාසික ප‍‍්‍රගති සමාලෝචන රැුස්වීම නොපැවැත්වීම මෙම ගැටලූ මතුවීමට ප‍‍්‍රධාන හේතුවක් බවද මන්තී‍‍්‍රවරිය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් මොරගහකන්ද ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඞී.බී. විජයරත්නගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ හැකි උපරිම අයුරින් නැවත පදිංචිකිරීම් හා සහනාධාර සැපයීම සිදුකර තිබුණත් දැනට අතපසු වී ඇති ප‍‍්‍රගති සමාලෝචන රැුස්වීම නැවත කැඳවීම තුළින් මතුව ඇති ගැටලූවලට විසඳුම් සොයාගත හැකි බවයි.

ධම්මික පියදර්ශන

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි