No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

එක්සත් ජාතික පෙරමුණ ලියාපදිංචියට සැලසුම්

Must read

එක්සත් ජාතික පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව සාකච්ඡුා කිරීමට එජාපය ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ කිහිපයක් අගෝස්තු 23 වැනිදා රාත‍්‍රී 7.30ට අරලියගහ මන්දිරයේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි. ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරග කිරීම වෙනුවට, සන්ධානයක් ලෙස ලියාපදිංචි වී වෙනම ලකුණක් යටතේ තරග කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම එම හමුවේ ප‍්‍රධාන බලාපොරොත්තුව වී ඇත.

එක්සත් ජාතික පෙරමුණට ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම, අවබෝධතා ගිවිසුමක් සකස් කරගැනීම, පක්ෂයට ලකුණක් පිළිබඳව සාකච්ඡුා කිරීම සහ පෙරමුණේ තනතුරු පිළිබඳ තීරණ ගැනීම එහිදී සිදුවනු ඇතැයි අනිද්දා සමඟ අදහස් දැක්වූ පක්ෂ නායකයෙක් පැවසීය. එම සාකච්ඡ‍ාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ අනෙක් හවුල්කාර පක්ෂ වන ජාතික හෙළ උරුමය, දෙමළ ප‍්‍රගතිශීලී පෙරමුණ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, රාජිත සේනාරත්න මහතා ප‍්‍රමුඛ කණ්ඩායම, සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රසය යන කණ්ඩායම් සහභාගි වනු ඇතැයි අනිද්දා සමඟ අදහස් දැක්වූ එම පක්ෂ නායකයා පැවසීය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි