No menu items!
23.7 C
Sri Lanka
23 November,2024

එජාපයේ වියදම් විගණනය වෙලා නැහැ

Must read

රේඛා නිලූ‍ක්ෂි හේරත්
එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති නිල ගිණුම් වාර්තාවලට අනුව පසුගිය වසර පහක කාලය තුළ පැවැත්වූ මැයි දින පහෙන් තුනක ගිණුම් වාර්තාවල මැයි දිනයට වැය වූ මුදල පක්ෂයේ විගණනය කරන ලද ගිණුම් වාර්තාවල සඳහන් නොවේ. දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් විසින් ව්‍යාපාරිකයන්ගේ මුදල් ලබාගෙන මැතිවරණ ව්‍යාපාර මෙහෙයවන බවට චෝදනා එල්ලවී තිබීම හේතුවෙන් අනිද්දා කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු විසින් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයෙන් ප‍්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක ගිණුම් වාර්තා ඉල්ලා තිබුණි. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදුන් පක්ෂවල ගිණුම් වාර්තාවල මෙම තොරතුරු සඳහන්ව තිබුණි.
එම ගිණුම් වාර්තා අනුව 2013, 2014 සහ 2016 වර්ෂවල මැයි දින උත්සව සඳහා ගිය වියදම පක්ෂයේ වාර්ෂික ගිණුම් වාර්තාවල සඳහන් වී නොමැත. ඊට අමතරව 2012 වර්ෂයේ මැයි දිනය සඳහා වියදම්ව ඇත්තේ රුපියල් 75000ක් පමණක් බව එම ගිණුම් වාර්තාවල සඳහන්ය. 2015 වර්ෂයේ මැයි දිනයට ගිය වියදම පමණක් රුපියල් 1019715ක් ලෙස සඳහන් කර ඇත. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ගිණුම් වාර්තා අනුව නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා පැවැත්වූ 2012 වර්ෂයට අදාළව මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය වියදම් කළ බව සඳහන්ව ඇත්තේ රුපියල් 51950ක් පමණි.
මධ්‍යම, උතුර, වයඹ පළාත් සභා මැතිවරණය සහ බස්නාහිර, දකුණ පළාත් සභා මැතිවරණය පැවැත්වූ 2013 මාර්තු සහ 2014 මාර්තු අතර කාලසීමාවේදී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වියදම් ලෙස නිල වශයෙන් සඳහන් කර ඇත්තේ
එජාපයේ වියදම්
රුපියල් 43020ක මුදලකි. ඌව පළාත් සභා මැතිවරණය සහ 2015 ජනාධිපතිවරණය අයත් වූ ගිණුම් වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයේ ගිණුම් වාර්තාවට අනුව මැතිවරණ සඳහා රුපියල් 1320000ක මුදලක් වැය වී තිබුණු බව සඳහන්ය. කෙසේ වෙතත් 2015 මහමැතිවරණයට අදාල කාල සීමාවට අයත් ගිණුම් වර්ෂයේදී මැතිවරණ වියදම් ලෙස රුපියල් 5925738ක් සඳහන්ව ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා වැය වූ මුදල ලෙස 2012 ගිණුම් වර්ෂයේදී රුපියල් 637 360ක්ද, 2013දී 885426ක්ද, 2014දී 161 510ක්ද සඳහන් කර ඇත. 2015 වර්ෂයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ මුදල ලෙස කිසිදු මුදලක් සඳහන් නොවේ. එජාපයේ ගිණුම් වර්ෂයක් මාර්තු 31 දිනයෙන් අවසන් වන අතර 2015 ගිණුම් වර්ෂයට 2015 ජනාධිපතිවරණය තිබුණු කාලසීමාවද අයත් වෙයි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසු ගිණුම් වර්ෂය වන 2016 මාර්තු 31 දක්වා වන වර්ෂයේදී ප‍්‍රචාරණ කටයුතු සඳහා වැය වූ මුදල ලෙස රුපියල් 3883814ක් ගිණුම් වාර්තාවල සඳහන් කර ඇත.

රුපියල් 43020ක මුදලකි. ඌව පළාත් සභා මැතිවරණය සහ 2015 ජනාධිපතිවරණය අයත් වූ ගිණුම් වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයේ ගිණුම් වාර්තාවට අනුව මැතිවරණ සඳහා රුපියල් 1320000ක මුදලක් වැය වී තිබුණු බව සඳහන්ය. කෙසේ වෙතත් 2015 මහමැතිවරණයට අදාල කාල සීමාවට අයත් ගිණුම් වර්ෂයේදී මැතිවරණ වියදම් ලෙස රුපියල් 5925738ක් සඳහන්ව ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා වැය වූ මුදල ලෙස 2012 ගිණුම් වර්ෂයේදී රුපියල් 637 360ක්ද, 2013දී 885426ක්ද, 2014දී 161 510ක්ද සඳහන් කර ඇත. 2015 වර්ෂයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ මුදල ලෙස කිසිදු මුදලක් සඳහන් නොවේ. එජාපයේ ගිණුම් වර්ෂයක් මාර්තු 31 දිනයෙන් අවසන් වන අතර 2015 ගිණුම් වර්ෂයට 2015 ජනාධිපතිවරණය තිබුණු කාලසීමාවද අයත් වෙයි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසු ගිණුම් වර්ෂය වන 2016 මාර්තු 31 දක්වා වන වර්ෂයේදී ප‍්‍රචාරණ කටයුතු සඳහා වැය වූ මුදල ලෙස රුපියල් 3883814ක් ගිණුම් වාර්තාවල සඳහන් කර ඇත.x

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි