22.9 C
Sri Lanka
27 October,2021

මහා නාහිමි හමුවීම් කොවිඞ් නිසා නවතී

Must read

 

රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඞ්-19 වසංගත තත්වය හේතුවෙන් මල්වතු හා අස්ගිරි මහානාහිමිවරුන් හමුවීමට දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන්ට ඉඩ ලබා නොදෙන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇත.

එම දැනුම්දීම අනුව ජුලි 14 අඟහරුවාදා සිට දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන්ට මල්වතු හා අස්ගිරි මහානාහිමිවරුන් හමුවීමට ඉඩ ලබා දී නැත.

මේ සම්බන්ධයෙන් මල්වතු මහා විහාරයෙන් කරන ලද විමසීමකදී දූරකථනයට සම්බන්ධ වූ පුද්ගලයා පැවසුවේ කොවිඞ් තත්වය හමුවේ මහානායක හිමි හමුවීමේ අවස්ථා අවලංගු කර ඇති බවයි

අස්ගිරි විහාරයේ ලේකම් සුනිල් රඹුක්පොතගෙන් කරන ලද විමසීමේදී ඔහු කීවේ වෛද්‍ය උපදෙස් මත හමුවීම් සීමා කර ඇතත් පෙර ලබාදුන් හමුවීම් ක්‍රියාත්මක බවයි.

එහෙත් අපගේ මහනුවර වාර්තාකරුවන් පැවසුවේ පසුගිය දිනවල රවී කරුණානායක විජේදාස රාජපක්ෂ හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වැනි අය මහනුවර සංචාරය කර ඇතත් මහානායක හිමිවරුන් හමුවීමේ අවස්ථා ඔවුන්ට හිමිවී නැති බවත් රවී කරුණානායක මහතා දිනයක් වෙන් කරගෙන සිටියත් ඔහුගේ හමුවීම අවලංගු කර ඇති බවත්ය.

මහානායක හිමිවරුන් දෙදෙනාගේ ආරක්ෂක කටයුතු සඳහා අමාත්‍ය ආරක්ෂක අංශයේ හතර දෙනෙකු බැගින් යොදවා සිටින අතර දේශපාලනඥ හා ප්‍රභූ හමුවීම් සම්බන්ධීකරණය ඔවුන් මගින්ද සිදුවේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහත දැනුම්දීම් මෙම ආරක්ෂක අංශ මගින් සිදු කර ඇත. ■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි