21 C
Sri Lanka
21 September,2021

ජර්මනියෙන් ආරක්ෂිත මුඛ ආවරණ ආධාරයක්

Must read

ලංකාවේ කොවිඩ් 19 වසංගතය මර්දනය සහ පාලනය කිරීමට සහාය දැක්වීම අරමුණු කර ගනිමින් ජර්මානු තානාපති කාර්යාලය, ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ආරක්ෂිත මුඛ ආවරණ 924,000 ක ප්‍රමාණයක් අද (02) දින සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාගයක් වශයෙන් ලබා දුන් බව ජර්මානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම ශල්‍ය මුහුණු ආවරණ තොගය ජර්මානු තානාපති කාර්යාලයේ මාධ්‍ය සහ සංස්කෘතික අංශ ප්‍රධානී ක්ලෝඩියා ටියෙට්ස් මහත්මිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය පරිපාලක වෛද්‍ය ඔලිවියා නිවේරාස් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත භාර දී තිබේ.

ජර්මනියෙන් ලැබුණු සැලකිය යුතු මට්ටමක වන මෙම පරිත්‍යාගය රට තුළ කොවිඩ් වෛරසය ආසාදනය වැළැක්වීම සහ සෞඛ්‍ය පහසුකම් සම්පූර්ණ කිරීම සහ ආරක්ෂිතව සේවා සැපයීම සඳහා සෞඛ්‍ය සේවකයින්ට බෙදා හැරීමට කටයුතු කරන බව එම පරිත්‍යාගය පිළිගනිමින් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළ බව එම මාධ්‍ය නිවේදනය සඳහන් වේ. එහිදී ජර්මනියට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ස්තූතිය පුද කර තිබේ.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි