25.8 C
Sri Lanka
28 September,2021

කොවිඩ් නැතත් සිරුර ආදාහනයට

Must read

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් නෙගටිව් වූ තරුණයෙකුගේ මළසිරුර කොවිඩ් වැළඳුණු පුද්ගලයෙකු සේ සලකා ආදාහනය කිරීමට අනුරාධපුර සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. අවුරුදු 29 ක් වන එම තරුණයා අනුරාධපුර, කැකිරාව බස් රථයක ගමන් කරමින් සිටියදී හදිසියේ මියගොස් තිබේ.
පෙබරවාරි 18 වනදා එසේ මිය ගොස් ඇත්තේ මරදන්කඩවල පදිංචි තරුණයෙකි. උතුරු මැද ප්‍රධාන ලේකම් කාර්යාලයේ සේවය කළ එම තරුණයා මිය යාමට පෙර කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නොමැත.
පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් වෛරසය වැළඳී නැති බව තහවුරු වුවත් බස් රථයේ ගමන් කළ සියලු දෙනාත්, මිය ගිය තරුණයා සේවය කළ උතුරු මැද ප්‍රධාන ලේකම් කාර්යාලයේ ඔහු හා සබඳතා පැවැත් වූ පුද්ගලයන් සියලු දෙනාත් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. කොවිඩ් වෛරසය වැළඳුණු පුද්ගලයෙකු සේ සලකා මිය ගිය තරුණයාගේ ආදාහන කටයුතු කිරීමට තීරණය කළ බව අනුරාධපුර සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග අනිද්දාට පැවසීය.
මෙම තරුණයාට විශේෂ කොවිඩ් වෛරස් ප්‍රභේදයක් වැළඳී තිබෙන්නේදැයි අප කළ විමසීමට පිළිතුරු දෙමින් සෞඛ්‍ය නිලධාරියා පැවසුවේ, තවත් එය නිශ්චිතවම කිව නොහැකි බවය.■

 

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි