20 C
Sri Lanka
2 December,2021

අස්වන බව අලි සබ්රි
මන්ත්‍රීන්ට කියලා

Must read

එක රටක් එක නීතියක් නම් වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීම තුළ තමාට තවදුරටත් ආණ්ඩුවේ කටයුතු කළ නොහැකි බැවින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි ආණ්ඩුවට සහාය පළකරන මුස්ලිම් මන්ත්‍රීවරුන්ට පවසා ඇත.


ඒ නොවැම්බර් 02 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සංවත්සරයට ආණ්ඩුවට සහාය පළකරන එම මන්ත්‍රීවරුන් සහභාගිවූ අවස්ථාවේ අදහස් හුවමාරුවක නිරතවෙමින්ය.


අමාත්‍යවරයා එම මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පත්කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාව විරුද්ධ බවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ඊට විරුද්ධ හෙයින් තමාට තවදුරටත් අමාත්‍ය ධුරයේ කටයුතු කළ නොහැකි බවයි.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරය සඳහා විපක්ෂයෙන් තේරී පත්වී ආණ්ඩුවට සහාය පළකළ මුස්ලිම් මන්ත්‍රීවරුන් හත් දෙනාගෙන් පස් දෙනෙකු සහභාගි වී ඇත. එම මන්ත්‍රීවරුන් අතරින් කිහිප දෙනෙකු එදින රාත්‍රියේ කොළඹ කේන්ද්‍රීය මුස්ලිම් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමේදී අමාත්‍ය අලි සබ්රි ඔවුන් සමග එදින පැවසූ දෑ පවසා ඇත.


මෙම කාර්ය සාධක බලකාය පත්කිරීමෙන් පසු අමාත්‍ය අලි සබ්රි ආණ්ඩුවට සහාය පළකළ මුස්ලිම් සමාජයේ ප්‍රභූන් පිරිසක් හමුවී කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ එම කාර්ය සාධක බලකාය පත්කරන තෙක් ඒ සම්බන්ධයෙන් තමා කිසිවක් දැන නොසිටි බවය. එමෙන්ම එක රටක් හා එක නීතියක් යන්න සිය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් කරුණක් බවද එම සාකච්ඡාවලදී ඔහු අවධාරණය කර තිබුණි.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි