24.8 C
Sri Lanka
27 October,2021

අත්‍යවශ්‍ය පහසුකම් නොලැබුණොත් සේවයෙන් ඉවත් වෙනවා : රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

Must read


කොවිඞ්-19 රෝගීන් සමඟ ඍජුව ගනුදෙනු කරන හෙද නිලධාරීන්ට, එම වසංගතය මර්දනය කිරීම සඳහා අත්‍යවශ්‍ය ඉල්ලීම් කිහිපයක් අපේ‍්‍රල් 05 වන විට ඉටු නොකරන්නේ නම් අපේ‍්‍රල් 06 දින සිට වසංගත තත්වය පාලනය හා ප‍්‍රතිකාර සේවාවන්වලින් ඉවත්වීමට තීරණයක් ගෙන ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


අපේ‍්‍රල් 03 වන දින නිවේදනය නිකුත් කර ඇත. මේ පිළිිබඳව අනිද්දා කළ විමසුමකදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය පැවසුවේ වසංගතය මර්දනය කිරීමට සේවය කරන හෙද නිලධාරීන්ගේ ජීවිතාරක්ෂාවට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂක පහසුකම් කිසිසේත්ම ප‍්‍රමාණවත් නොමැති බවය.


හෙද නිලධාරීන්ට රෝගය වැළඳීමේ අවදානමක් ඇති බවත්, ඔවුන් හරහා ඔවුන්ගේ පවුල්වලට සහ වෙනත් කොටස්වලට බෝවීමේ අවදානම අවම කර නොමැති බවත් ඔහු පැවසීය. හෙද නිලධාරීන් එදිනෙදා ප‍්‍රවාහන පහසුකම් පවා ලබාගන්නේ තමන්ගේ අතේ ඇති වියදමින් බවත්, පොදු ප‍්‍රවාහන පහසුකම් ක‍්‍රියාත්මක නොවන නිසා ඔවුන් දැඩි අපහසුතාවකට මුහුණදෙන බවත් ඔහු කියයි.


හෙද නිලධාරීන් දිනපතා නිවෙස්වලට යෑමේදී නිවෙස්වල සාමාජිකයන්ට රෝගය බෝවීමේ අවදානමක් ඇති නිසා ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදිය යුතු බවද ඔහු පෙන්වාදුන්නේය. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ රාජකාරී කරන අනෙකුත් සේවාවන් සඳහා ලබාදී ඇති ඇතැම් පහසුකම් රෝගීන් සමග ඍජුව ගනුදෙනු කරන හෙද සේවයට ලැබී නොමැති බව ඔහු කීය.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි